Edit එකක් කියා කියා කවුරුත් මේ දින වල කතා වන "පුංචි කැලේ " ඡායාරූපයේ ඇත්තම කතාව. - (PHOTOS)

Photoshoot Viral Photos
By Wayomi Mar 04, 2024 12:31 PM GMT
Wayomi

Wayomi

in රචනා
Report

මේ දිනවල් කවුරුත් කතාවෙන කාගේත් ආදරය ලැබුණු අපූරු ඡායාරූපයක් ගැනයි මේ කියන්න යන්නේ. ඒ , ගැන මුහුණු පොතේ සටහන් වෙලා තිබුණේ මෙලෙසින්,

මේක Trap Camera එකකින් එහෙම නැත්නම් එක තැන තියලා තියන Camera එකකින් සති තුනක ගත්ත Photo එකට එකට දාලා Edit කරපු Photo එකක්.

Ttap camera පාවිච්චි කරනවා සත්තුන්ගේ හැසිරීම්,ව්‍යාප්තිය, ගහණය වගේ ඒවා නිරීක්ෂණය කරන්න. ඔය ජායාරූපයත් එක්ක මේ දවස් ටිකේ ලංකාවේ ඇතුලේ සෑහෙන්න කතාබහක් ඇති වෙලා තියනවා මේක ගැන. වන ජීවි සංරක්ෂණයට තාක්ෂණය යොදා ගැනීම,මේක ගැන Seth MuHandiram අයියාගේ සටහන්⁣ දෙකක් ඇසුරෙන් වැඩි දුර විස්තර දැන ගමු. .

..................................................................................................................................... 

"මේ ඡායාරූපය ඉතා සුවිශේෂීයි! ජනවාරි මාසයේ සති තුනක් ඇතුලත මධ්‍ය කදුකරය ආශ්‍රිතව එක් ස්ථානයක් හරහා ගමන් ගන්නා ඒ පරිසර පද්ධතියේ යාවජීව සාමාජිකයින් තමයි ඔබ මේ දකින්නෙ. විවිධ දින තුල උගුල් කැමරාවක (Trap Camera / Trail Camera) සටහන් වූ ජීවීන් එකම රාමුවක් තුලට අරගෙන, ඒ ඒ ඡායාරූප කිහිපයක් එක් කරන්න Focus stacking / Layer stacking ක්‍රමය යොදාගෙන තමයි මේ අපූර්ව සේයාරුව නිර්මාණය වෙන්නෙ. අපි එදිනෙදා භාවිතා කරන උගුල් කැමරාවකට ⁣වඩා තත්වයෙන් උසස් කැමරාවක් තමයි යනික් මේ ඡායාරූප ගන්න භාවිතා කරන්නෙ.

මේ ඡායාරූපය ඇතුලෙ ඉන්නවා විශේෂ 12 ක්. ඒ වනගත බිළාල විශේෂ 2 ක් වෙන කොටියෙක් හා කොල දිවියෙක්, ඉත්තෑවෙක්, කලවැද්දකු හා උරුලෑවෙක්, වල් හාවන් හා කොටියට වම් පසින් සපුමල් කලවැද්දා / පැණි උගුඩුවා ලෙස හදුන්වන සතෙක් බොහෝ විට. ඊට අමතරව ගෘහාශ්‍රිත බළලෙකු හා සුනඛයෙක්. මේ හැම විශේෂයක් මේ ස්ථානය සංචරණය සඳහා යොදා ගන්නා සංදියක් (A Junction for Migration) සේම කොරිඩෝවක් (Wildlife Corridor) ලෙස භාවිතා කරනවා.මේ ඡායාරූපයට ඕලු මුවෙක් / වල් ඌරෙකුත් එකතු උනා නම් එතනින් එහාට මේ ඡායාරූපය අංග සම්පූර්ණයි!

ලංකාවේ තේ වතු කියන්නෙ නිකංම නිකං තේ වතු නෙවෙයි. ඇත්තම කිව්වොත් මිනිසා විසින් විකෘති කර පසුව සොබාදහම විසින් නැවතත් ප්‍රතිස්ථාපනය කල පරිසර පද්ධතියක්. ඒ පද්ධතිය ඇතුලෙ ජීවත් වෙන සතුන්ට මේ තේ වතු කියන්නෙ තවත් එක් වනාන්තරයක්. ලංකාවෙ තේ වතු ආශ්‍රිතව ඉතා උසස් සේම පුළුල් වූ ජෛව විවිධත්වයක් දකින්න ලැබෙනවා."

මේ සටහනත් Seth අයියාගේ "ලෝක වනජීවි දිනය 2024 : වනජීවී සංරක්ෂණයේ ඩිජිටල් නවෝත්පාදන ගවේෂණය ලෝක තාක්ෂණයේ සීඝ්‍ර දියුණුවත් එක්ක වනජීවි සංරක්ෂණය පවා දැඩි සේ යාවත්කාලීන උනා. අද වෙද්දි න්‍යෂ්ඨ වී ගිය විශේෂයන් නැවත ලෝකයට ජාන තාක්ෂණය හරහා ප්‍රතිවනගත කිරීමට ගන්නා උත්සහයන්ගේ සිට දුරකථනයන්ගේ ඇති ඇප් හරහා ගහයන්ගේ හැසිරීම්, සංචරණයන් වැනි අතීතයේ අධික වෙහෙසක් ගන්නට උන ක්‍රියාදාමයන් සරල වූවා. මේ තාක්ෂණයන් ලෝකයේ විවිධ රටවල් ඉතා අගය කොට ඒවා තුලින් සාර්ථක ප්‍රතිපල ලඟාකරගද්දි අපේ රට ඉබි ගමනින් මේ තාක්ෂණය උපයෝගි කරගන්නවා සේම බොහෝ අවස්ථා වල තාක්ෂණය පැත්තකට දමා කටයුතු කරනවා.

මොනවද මේ වනජීවි සංරක්ෂණය උදෙසා යොදාගන්නා නූතන තාක්ෂණයන්? මොනවද අපේ රටේ අපි බොහෝ විට යොදාගන්නෙ?

නූතන වනජීවි සංරක්ෂණය තුල DNA හෙවත් ජාන තාක්ෂණය, සන්නිවේදන හැකියාවන් ඉහල නංවාලීමේ අරමුණෙන් චන්ද්‍රිකා තාක්ෂණය යොදා ගැනීම, සතුන්ගේ හැසිරීම් හා සංචරණ නිරීක්ෂණය සඳහා සේම වනජීවි අපරාධ හා සතුන්ගේ ජීවිත රැකීමේ අරමුණින් උගුල් කැමරා (Camera Traps / Trail Cameras) භාවිතය, චන්ද්‍රිකා ඡායාරූප පුරෝකතනය තුලින් වනාන්තර සංරක්ෂණ (Forest Growth Predictions using Satellite Readings), ඩ්‍රෝන් තාක්ෂණය තුලින් වනාන්තර හායනය, මානව ක්‍රියාකාරකම් තුලින් සිදුවන භූමි මංකොල්ලයන් නිරික්ෂණය, තාප සංවේදී කැමරා (Thermal Camera) තුලින් කරන නිරීක්ෂණයන් වගේම AI හෙවත් කෘතිම බුද්ධිය භාවිතයෙන් කරනා අනාගත අනුමානයන් පවා අද වෙද්දි වනජීවි සංරක්ෂණය තුල දකින්න ලැබෙනවා. ප්‍රතිවනගත කරන ලද සතුන් නිරීක්ෂණය, නවත වගාකල වනාන්තර අධ්‍යනයන් පවා අද වන විට සිදුවෙන්නෙ තාක්ෂණය යොදාගෙන. ඒ වගේම වනජීවි අපරාධ මැඩලන්න නූතන තාක්ෂණය යොදාගන්නවා බොහෝ අවස්ථා වල.

අපේ රටේ බොහෝවිට තවමත් සිදුවෙන්නෙ සාම්ප්‍රදායික වනජීවි සංරක්ෂණයක් මොකද මේ රට ඇතුලෙ නව තාක්ෂණය වනජීවි සංරක්ෂණයට යොදාගන්න වගේම එයට නැඹුරු කරන්න තියෙන බාධා ප්‍රමාණය ඉතා ඉහලයි. බොහෝ විට නව තාක්ෂණය යොදාගෙන වනජීවි සංරක්ෂණය සිදුකරන්නට යෑම වනජීවි අපරාධයක් සිදුකරනවා හා සමානයි. ලංකාවෙ විවිධ කණ්ඩායම් උගුල් කැමරා යොදාගෙන සංරක්ෂණ කටයුතු සිදුකරනවා. ඒ වගේම අද වෙද්දි අපි අපිටම ආවේණික චන්ද්‍රිකා සිතියම් යොදාගෙන සතුන්ගෙ ගහනයන්ගෙ පිහිටීම්, සතුන් වාර්තා වන කලාප, කලින් වාර්තා වූ ප්‍රදේශයන්ගේ සිදුවන වෙනස්කම් වගේ දේවල් සටහන් කරගන්නත්, ඒ දත්ත මගින් පුරෝකතනයන් ලබා දෙන්නත් වගේම පර්යේෂණන් සඳහා ඒ දත්ත යොදාගන්නත් කටයුතු කරනවා. යම් අවස්ථා වල ඩ්‍රෝන් භාවිතා කලත් ඒ ඉතාම සීමාන්විතව. මෙරට ඇති ආර්ථික අපහසුතා හා අනෙකුත් සීමා නිසා ඉතාම අඩුවෙන් තමයි මේ තාක්ෂණය ලංකාවෙ සංරක්ෂණයට මුසු වෙන්නේ.

පසුගිය දින වල ඉන්දීය අග්‍රමාත්‍යවරයා මේ නූතන තාක්ෂණය වනජීවි සංරක්ෂණයට යොදාගැනීමේ වටිනාකම ගැන කතා කලා සේම තමන්ගෙ රටේ වනජීවි සංරක්ෂණය උදෙසා මේ තාක්ෂණය තව තවත් යොදාගන්න බවත් පැවසුවා. ඇත්තම ඉන්දියාව හා අනෙකුත් කලාපයන් අපට වඩා ඉදිරියෙන් මේ තාක්ෂණයන් යොදාගන්නවා.

කවදා හෝ යාවත්කාලීන උන, තාක්ෂණයෙන් පිරුණු වනජීවි සංරක්ෂණ ක්ෂෙත්‍රයක් මේ රටේ ඇති වේවා යන්නත් මගෙ පැතුම. ඒ තාක්ෂණය හා මුසු උන උසස් ප්‍රායෝගික අධ්‍යාපනයක් තුලින් අනාගත පරම්පරාව මේ රටේ වටිනා වනජීවින් ආරක්ෂා කරගන්න කටයුතු කලොත් අපි තරම් වාසනාවන්ත ජාතියක් තවත් නැති වෙයි! ඒ වගේම මේ රටේ වනජීවීන් මෙහෙම හරි ඉතුරු වෙලා ඉන්නෙ තාක්ෂණය මෙහෙම හරි යොදාගෙන අතින් වියදම් කරගෙන, ඇගවල් තලාගෙන මහන්සි වෙන ස්වල්පයක් හිත ඇති වනජීවි සංරක්ෂණයේ වෙහෙසෙන කිහිපදෙනෙක් නිසා."

ඔය Photo ටික වගේම, කලින් ශ්‍රී පාදේ එක්ක කොටියා පේන Photo එකක් Trap Camera එකකින් ගත්ත එකක් තමයි. 


GalleryGalleryGalleryGalleryGalleryGallery