ප්‍රභූන්ගේ රැකවලුන් ළඟදීම ඉවතට. - අලුතින්ම ගන්න යන තීරණය මෙන්න.

CID - Sri Lanka Police Sri Lanka Police Tiran Alles
By Wayomi Mar 17, 2024 07:26 AM GMT
Report

ආරක්ෂාව සම්බන්ධයෙන් තර්ජනයක් නොතිබියදීත් ප්‍රභූ ආරක්ෂක නිලධාරීන් ලබාදී ඇති දේශපාලනඥයන්, ඇතුළු විවිධ තරාතිරම්වල ප්‍රභූවරුන් සම්බන්ධයෙන් සොයා බලා වාර්තා කඩිනමින් ඉදිරිපත් කරන ලෙස පසුගිය සතියේදී මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් රාජ්‍ය බුද්ධි සේවයට දැනුම්දී ඇති බවයි වාර්තා වන්නේ.

දේශපාලනඥයන් ඇතුළු විවිධ තරාතිරම්වල පුද්ගලයන්ට අනවශ්‍ය ආකාරයට ලබාදී ඇති පොලිස් නිලධාරීන් ළඟදීම ඉවත් කිරීමට කටයුතු කරන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ.

එමෙන්ම ආරක්ෂාව පිළිබඳව තර්ජනයක් නොමැති පුද්ගලයන්ට මේ ආකාරයට පොලිස් නිලධාරීන් පන්දහසකට ආසන්න පිරිසක් යොදවා සිටින බවට තොරතුරු ලැබී ඇති බවද ඔහු සඳහන් කරනවා.

ඒ, හේතුවෙන් පොලිසියේ සාමාන්‍ය රාජකාරී කටයුතු සඳහා පොලිස් නිලධාරීන්ගේ බරපතළ හිඟයක් මතුව ඇති බව ද ආරංචි මාර්ග සඳහන් කරනවා.