එළිසබෙත් රැජිනත් බිය කළ ඇයගේ ඔටුන්නේ ඇති ශාපලත් කොහිනූර් දියමන්තිය. (PHOTOS)

Queen Elizabeth II
By Wayomi Sep 16, 2022 07:11 AM GMT
Wayomi

Wayomi

in රචනා
Report

බ්‍රිතාන්‍යයේ දෙවන එළිසබෙත් රැජිනගේ අවෑමෙන් පසු රජ පදවිය උරුම වුණේ ඇයගේ පුත් චාල්ස් කුමරු හටයි. මීට මාස දෙකතුනකට පෙර එළිසබෙත් රැජින සිය 70 වන රාජාභිෂේකය සමරනු ලැබුවා. එහිදී ඇය ප්‍රකාශ කරනු ලැබුවේ තමාට පසු චාල්ස් කුමරු රජ පදවිය ලැබීමේදී ඔහුගේ බිරිඳ කැමිලාට ‘රැජින‘ තත්ත්වය හිමිවන බවයි.

කවුද මේ කැමිලා

? කැමිලා කියන්නේ කෝන්වෝල්හි ආදිපාදවරිය වන අතර රැජිනගේ පුත් චාල්ස් කුමරුගේ දෙවන බිරිඳයි.

? ඩයනා කුමරියගේ මරණයෙන් පසු චාල්ස් කුමරු කැමිලා සමඟ විවාහ වුණා.

? චාල්ස් කුමරු රජ කරවීමේ පෙර සැලසුමට අනුව කැමිලාගේ තනතුර කුමරිය නැතිනම් බිසව ලෙස නම් කිරීමයි.

? කෙසේ නමුත් මීට වසර 5කට පෙර චාල්ස් කුමරු සිය අනාගත රාජාභිෂේක දිවුරුමේ දී කැමිලාට කුමරියක නොව රැජිනකැයි කීමට එලිසබෙත් රැජිනගෙන් අවසර ඉල්ලා තිබූ අතර ඊට එලිසබෙත් රැජින එයට අවසරය ලැබුණා.

? ඒ අනුව ඉදිරි රාජාභිෂේක උත්සවයේදී කැමිලාට පැළඳ සිටින්නට සිදුවන්නේ මෙතෙක් එළිසබෙත් රැජින පැළඳ සිටි කොහිනූර් දියමන්තිය ඔබ්බවා තිබූ මිල කළ නොහැකි ඔටුන්නයි.


ඔටුන්න චාර්ල්ස් රජුට නොදී කැමිලා දෙන්නේ ඇයි?

? ඒකට හේතුව ටිකක් අත්භූත කතාවක්.

? මේ ඔටුන්නට ඔබ්බවලා තියෙන දියම්න්තියට වැදිලා තියෙන ශාපයක් නිසා එම කිරුළට කිසිම පිරිමියෙකුට උරුමකම් කියන්න බැහැ කියලයි එංගලන්තය පවසන්නේ.


මොකක්ද මේ ශාපය

? මේ දියමන්තියේ කතාව පටන් ගන්නේ 13 වන සියවසේ ඉන්දියවේ අන්ද්‍රා ප්‍රදේශයෙන්.

? කාකටියා කියන රජ පරපුරට අයත් පතලකින් මේක සොයා ගනිද්දී කැරට් 700ක බරක් තිබුණා. පවුම් අටකෝටි දාසය ලක්ෂයක්. ඒ කියන්නේ ලංකාවේ මුදලින් කොටි දෙදෙහක් විතර වටිනවා.

? මෙම දියමන්තිය අවර්ණයි.දකින අය වශී කරවනවා. ඒත් ඒ දියමන්තිය හරිම ගුප්තයි.

? කාකටියා රජ පරපුරට මිල කළ නොහැකි දියමන්තියක් අයත් කියලා දැනගත්ත අල්වුදීන් කිං ජීන් කියන පාලකයා කාකටියා පවුල සමූල ඝතනය කරලා මේ කොහිනුර් දියමන්තිය අයිති කරගන්නවා.

? මෙතැනින් තමයි මේ ශාපය පටන් ගන්නේ.

? මුල් අයිතිකරයන්ගේ මුළු පෙළපතම විනාශ කරගෙන දියමන්තිය වැඩේ පටන් ගත්තා.

? අල්වුදීන් කිං ජීන් දියමන්තිය අයිති කරගෙන සතුටින් හිටියේ හරිම ටික කාලයයි.

? ඔහුගේ යාලුවෝ කිහිපදෙනෙක්ම ඔහුගේ අතින් ඝාතනය වෙනවා.

? එලෙස උමුතුවෙන් හැසිරෙන ඔහුව, ඔහුගේම නෑයෝ අතින් ඝාතනයට ලක්වෙනවා.

? ඊට පස්සේ මේ ශාපලත් දියමන්තිය අයිති වුණේ පර්සියාවේ නාදර්ශා බිසවට.

? දියමන්තිය දැක්ක ගමන් ඇය දියමන්තියට වශී වෙනවා. පසුව ඇය එම දියමන්තියට කොහිනුර් කියලා නම තියෙනවා. (ඒකේ තේරුම පර්සියානු භාෂාවෙන් ආලෝක ඛන්දම්බය යන්නයි.)

? මෙතැනදී හරි පුදුම දෙයක් වෙනවා. අයිතිකාරයෝ ගණනකට වැදුණු ශාපය නාදර්ශා බිසවට වදින්නේ නැහැ.

? ඒ වෙනුවට නාදර්ශා බිසව තවත් බලවත් වෙලා වැජඹෙනවා.

? ඒ කියන්නේ දියමන්තියේ ශාපය වදින්නේ පිරිමින්ට විතරයි කියලා පැහැදිලි වෙනවා.

? ගැහැනියක් අතට මේ දියමන්තිය ලැබුණාම ඇයට පුදුමාකාර බලයක් ශක්තියක් දෙන්න මේ දියමන්තිය සමත් වෙනවා.

? තව ටික කාලයක් යද්දී මේ දියමන්තියේ අයිතිය සුප්‍රකට සහජහන් රජතුමාට ලැබෙනවා.

? ඔහුටත් මේ ශාපය පල දුන්නා.

? සහජාන්ගේ ආදරණියම බිරිඳ අකාලයේ මිය යනවා. ඔහුගේම පුත් අහුරන් දෙසප් කුමාරයා තමන්ගේ පියරජතුමා සිරකරලා දියමන්තිය පැහැර ගන්නවා.සහජාන් සිරකුටියේම මිය යනවා, අඩුම තරමේ තමන්ගේ විශ්මිත නිරමාණයක් වූ ටජ්මහලවත් දකින්න ලැබෙන්නේ නැහැ .

? මේ සිදුවීම වෙලා අවුරුදු ගාණකට පස්සේ මේ දියමන්තිය අයිති වුණේ ඇෆ්ගනිස්ථානයේ ජනරාල් අහමඩ් ෂා කියන ප්‍රාදේශීය රජතුමාට.

? ටික කාලයක් අප්‍රාණික වෙලා තිබ්බ ශාපය අයෙමත් සප්‍රාණික වෙනවා.

? අහමඩ් ෂා ගේ රාජ්‍ය පැහැර ගැනීමේ සටනකින් ඔහුට රාජ්‍ය අහිමි වෙනවා.

? ඒත් මෙතැනිදී ඉන්දීය සීක් රාජ පරපුරේ රන්ජිත් සිං කියන දුරානි මහ රජතුමා අහමඩ් ෂා ට අයෙමත් තමන්ගේ රාජ්‍ය ලබාගන්න උපකාර කරනවා. ඒ උපකාරයේ හිලව්වට අහමඩ් ෂා විසින් කොහිනුර් දියමන්තිය රන්ජිත් සිං ට පරිත්‍යාග කරනවා.


දියමන්තියේ විශාලතම පෙරළිය සිදු වන්නේ දැන්.

? දියමන්තියේ ශාපය රන්ජිත් සිං ට පල දෙනවා. ඒ 18 වන සියවසේ 1850 වෙනි අවුරුද්දේ.

? පෙරදිග ඉන්දීය වෙළඳ සමාගම ඉන්දියාව ආක්‍රමණය කළේ මේ කාලයේ.

? ඔවුන් පන්ජාබය යටත් කරගෙන රන්ජිත් සිං ව අත්අඩංගුවට ගන්නවා.

? රන්ජිත් සිං ට තම රාජ්‍ය වගේම තම දරුවා එනම් පන්ජාබයේ ඔටුන්න හිමි කුමාරයත් අහිමි වෙනවා.

? රන්ජිත් සිං ගේ අවුරුදු 15ක් වයස දුලීප් සිං කුමරු රවට්ටගත්ත ඉංග්‍රීසි ජාතිකයෝ කොහිනුර් දියමන්තිය එක්කම දුලිප් සිං ව එංගලන්තයට අරන් යනවා.

? දුලීප් සිං මේ ශාපලත් දියමන්තියත් එක්කම එංගලන්තයට යවන්න නැවට නගින්න කලින්ම මේ නැවේ යන්න නාවිකයෝ අකමැති වෙනවා.

? ඒ නිසා බලෙන් වහල්ලු පටවාගෙන නැව යත්‍රා කරනවා.

? නැවේ හිටපු වහල්ලු නැවේදී එක එක රෝග වලට ගොදුරුවෙලා එකාපිට එකා මැරෙනවා.

? කොහොමහරි එංගලන්තයට ඇතුල් වූ දුලීප් සිං ව ස්කොට්ලන්ත ජාතික ප්‍රභූ පවුලකට භාරදෙනවා.

? එතැනදී ඉංග්‍රීසින් දියමන්තිය හිරු නොබසින අධිරාජ්‍ය කරවපු වික්ටෝරියා රැජිනට භාර කරන දෙන ලෙස දුලීප් සිං ට බල කරනවා.

? දියමන්තියේ වටිනාකම නොදන්නා දුලීප් සිං වික්ටෝරියා රැජිනට තෑග්ගක් ලෙස මේ දියමන්තිය ලබදෙනවා.

? ඒ විදිහට කපටි උපායකින් එංගන්තය හිමිකරගත් කොහිනුර් දියමන්තිය ඔප දමන්න තීරණය කරනවා.

? එවකට හිටපු වික්ටෝරියා රැජිනගේ සැමියා වූ ඇල්බට් කුමාරයට තමයි මේ දියමන්තිය කපලා ඔපදැමීමේ ලොකුම අවශ්‍යතාවය තිබුණේ.

? එතැනදී කැරට් 100ක් වනතෙක් අඩු කරලා ඔප දානවා. ඉන්පසුව කවදාවත් නොදැකපු අනර්ඝ විදහට මේ දියමන්තිය බබලන්න පටන් ගන්නවා.

? වික්ටෝරියා රැජින මේ දියමන්තිය brooch එකක් විදිහට තමයි පලදින්නේ.

? වික්ටෝරියා රැජිනගෙන් පසුව ඇයගේ වැඩිමහල් පුතුගේ බිරිඳ ඇලෙක්සැන්ඩ්රා රැජිනයි,ඇයගේ ලේලි වූ මේරි රැජිනයි දෙන්නම කොහිනුර් දිමන්තිය ඔටුන්නකට ඔබ්බවලා පළදිනවා.


මේරි රැජින,

? මේරි රැජින කියන්නේ , මේ වන විට මියගින් ඉන්න දෙවන එලිසබෙත් රැජිනගේ මවයි.

? මේරි රැජින මියගියාට පස්සේ ඇයගේ මිනී පෙට්ටිය උඩ තිබ්බේ මේ කොහිනුර් දියමන්තිය ඔබ්බවපු ඔටුන්නයි.

? අද වෙද්දී දෙවන එලිසබෙත් මහා රැජිනගේ ඔටුන්නේ තියෙන්නෙත් මේකමයි.

? කොහොම වුණත් රාජකීය නිතිය අනුව එලිසබෙත් මහා රැජිනගෙන් පස්සේ රජ වන චාල්ස් රජතුමාට කොහිනුර් දිමන්තිය සහිත කිරුල පළදින්න අවස්ථාව ලැබෙන්නේ නැහැ.

? මොකද කිව්වොත් එලිසබෙත් රැජින මේ ශාපය දැඩිව විශ්වාස කරනවා.

? ඒක නිසා කිසිදු රජෙකු කොහිනුර් දියමන්තිය නොදැරිය යුතු අතර එය රැජිනකට පමණක් හිමි විය යුතු බවට නීතියක් දාලා තියෙනවා.

? ඉතින් මේ වෙද්දී බ්‍රිතාන්‍යයෙන් ලැබෙන ආරංචි මාර්ග වලට අනුව එලිසබෙත් රැජිනට අයිති වෙලා තිබුණු මේ ඔටුන්න අයිති වෙන්නේ චාල්ස් රජතුමාගේ බිරිඳ වන කැමිලා පාකර්ට.   


ලෝකයේ කොහේ සිටියත් වැදගත් දේ ගැන විස්තර සවිස්තරාත්මකව දැන ගන්න එක් වෙන්න පුවත් WhatsApp සමඟ 

JOIN NOW


GalleryGalleryGalleryGalleryGalleryGallery