අධික ජලය තැන්පත් වීමෙන් සිරුරට සිදු වන දේ.

By Wayomi Sep 21, 2022 04:36 AM GMT
Wayomi

Wayomi

in රචනා
Report

ජලය කියන්නේ ජීවයේ පැවැත්මට වැදගත්ම සාධකයක්නේ.අපේ සිරුරේ සෑම කොටසකම යම් ප්‍රතිශයකින් ජලය පවතිනවා. නමුත් ඇතැම් විට අධික ජලය ප්‍රමාණයක් සිරුරට ලැබිම ඔබේ සෞඛ්‍යයට වගේම සුන්දරත්වයටත් හානිදායක විය හැකියි.

සිරුරේ පටක තුල ජලය අධික වීම සිරුරේ තරල තැන්පත් වීම ලෙස හඳුන්වනවා.ඉතින් එවැනි අවස්ථාවකදී විවිධ සෞඛ්‍ය ගැටළු මතු කරනවා. මේ කියන්න යන්නෙත් එලෙස සිරුරේ තරල තැන්පත්වී ඇති බව හඟවන ලක්ෂණ 5 ක් ගැනයි. මේ දේවල් ගැන හොඳ අවබෝධයකින් යුතුව රෝගී තත්ත්වයන් පාලනය කරන්න උත්සහ කරමු.

කකුල් සහ වළලුකර ඉදිමීම

🟢 හේතු සහ රෝග ලක්ෂණ - දවස පුරා වැඩිවෙලාවක් වාඩිවී සිටීම, දිගු වෙලාවක් හිටගෙන වැඩ කිරීම, එහාමෙහා ගමන් නොකර එකම තැනක සිටීම වැනි පුරුදු වල ප්‍රතිඵලයක් ලෙස කකුල් හා වළලුකර ඉදිමීම සිදුවිය හැක. කකුල් වල බර ගතියක් වගේම වේදනාව දැනෙන්නට පටන්ගත හැකි අතර ඔබ අඩි උස පලඳින්නේ නම් එම අපහසුතාව බරපතල අතට පත්විය හැකියි.

🟢 පිළියම් - දිනකට මිනිත්ති කිහිපයක් වැය කරමින් උඩු අතට වැතිරි ඔබේ දෙපා මදක් ඉහළට ඔසවාගෙන සරල ව්‍යායාමයක් ලබාදෙන්න. විටින් විට විරාමයක් ගනිමින් එහා පෙහා කෙටි දුරක් ඇවිදින්න. සුවපහසු බවින් වැඩි සරල පාවහන් යුගලක් භාවිතා කරන්න.


උදර ප්‍රදේශයේ තරල තැන්පත්වීම

🟢 හේතු සහ රෝග ලක්ෂණ - ඔසප් විමේ දින ආසන්න විම, හෝර්මෝන අඩංගු උපත් පාලන ක්‍රම භාවිතය,හෝර්මෝන චිකිත්සාවකට බඳුන්වීම ආදි හේතු නිසා උදරය ඉදිමීම සහ බර ගතියක් දැනීම සිදුවිය හැකියි.

🟢 පිළියම් - ඔසප් වීමට ආසන්න නිසා මෙසේ බඩ ඉදිමීම සිදුවිය හැකි අතර එය දින දෙක තුනකින් පසු පහව යයි. ඖෂධ හා සම්බන්ධ බලපෑමක් නම් මේ සඳහා ඔබට වෛද්‍ය උපදෙස් ලබාගැනීමට සිදුවේ. බඩ පිපුමත් සමඟ වේදනාව ඇතුලු වෙනත් රෝග ලක්ෂණ මතුකරයි නම් වහාම වෛද්‍යවරයෙකු හමුවට යන්න.


කකුල් සහ යටිබඩ ඉදිමීම

🟢 හේතු සහ රෝග ලක්ෂණ - පැහැදිලි හේතුවක් නොමැතිවම හුස්ම හිරවෙන බවක් හෝ අප්‍රාණික බවක් හා හිස සැහැල්ලු බවක් ඔබට දැනේ නම්, හුස්ම ගැනීමට අපහසු බවක් හෝ හෘද ස්පන්දනය ඉහළ ගොස් ඇති බවක් දැනේ නම් වහාම වෛද්‍යවරයෙකු වෙත යොමුවිමට සැලකිලිමත් වන්න. මෙවැනි ලක්ෂණ සහිතව කකුල් සහ බඩ ඉදිමී ඇති ලක්ෂණ පහළ වී ඇත්නම් ඔබට හෘදය ආශ්‍රිත ගැටලු පවතින බව බොහෝ දුරට ඉඟි කරයි.

🟢 පිළියම් - වහාම වෛද්‍ය උපදෙස් වෙත යොමු වී අවශ්‍ය ප්‍රතිකාර ලබාගන්න. නිතිපතා ඔබේ සෞඛ්‍ය පරික්ෂාවන් සිදුකරගන්න. එදිනෙදා ආහාරයට ගන්නා ලුණු ප්‍රමාණය අඩු කරන්න.


මුහුණ ඉදිමීම (විශේෂයෙන්ම ඇස් වටා)

🟢 හේතු සහ රෝග ලක්ෂණ - ලුණු අධික ස්නැක් වර්හ, ක්ෂණික ආහාර, කෑන් කල ආහාර පරිභෝජනය කිරීම නිසා පසුදා උදෑසන අවදි වන විට ඔබේ මුහුණ ඉදිමී තිබීම පුදුමයට හේතුවක් නොවේ.

🟢 පිළියම් - මුහුණේ ඉදිමුණු ගතිය ස්වභාවිකවම ටික වේලාවකින් දුරු වී යයි. යලි එසේ වීම වළක්වාගැනීමට නම් ලුණු, රසකාරක කල්තබාගැනීමේ ද්‍රව්‍ය අඩංගු ආහාර පරිභෝජනය අඩු කරන්න.


කකුල් ඉදීමීම සහ කැක්කුම් ඇතිවීම

🟢 හේතු සහ රෝග ලක්ෂණ - නහර විශාල වීම, සමේ පැහැය වෙනස්වීම්, බිබිලි (රෑෂ්) හටගැනීම ආදි ලක්ෂණ නහර ආශ්‍රිත ගැටලු ඉඟි කරයි. ඇතැම් විට නහර වල ක්‍රියාකාරීත්වය අක්‍රමවත් වි තිබීම හෝ ඒවායේ රුධිර කැටිති වර්ධනය වී තිබීම හේතුවෙන් එවැනි ලක්ෂණ පහළ විය හැකියි.

🟢 පිළියම් - පළමුව වෛද්‍යවායෙකු හමුවීමට සැලකිලිමත්වන්න. ඇතැම් විට ඔබට ප්‍රතිකාර සහ සැත්කම් වලට යොමුවීමට පවා සිදුවිය හැකියි. වෛද්‍ය උපදෙස් අනුව කටයුතු කරන්න. ඔබේ දෙපා වලට හොඳින් විවේකය ලබාදෙන්න.සම්පීඩන මේස් (compression socks)පැලඳීම ඔබේ දෙපා වල අපහසුතාව ඇතිවීම අවම කරනු ඇත.


සිරුරේ තරල තැන්පත්වීමට බලපෑ හැකි වෙනත් හේතු,

🟢 ගර්භණිබව

🟢 ලබාගත් ඖෂධ වල අතුරු ප්‍රතිඵල නිසා

🟢 පෙනහළු හෝ වෙනත් අවයව ආශ්‍රිත රෝගාබාධ නිසා (පිළිකා ඇතුලුව)

🟢 ගුවන් සංචාර කිරීම්

🟢 මන්දපෝෂණය

🟢 වේදනාව, බිබිලි (රෑෂ්) හෝ උණ ආදි වෙනත් රෝග ලක්ෂණ සහිතව හඳුනා ගත නොහැකි හේතු මත සිරුරේ තරල තැන්පත්වීම සිදුවීම බරපතල තත්වයකි.


තරල තැන්පත්වීම පාලනය කරගැනීම සඳහා,

🟢 නීරෝගි සමබල පෝෂණයක් සහිත ආහාර වේලක් ලබාගන්න. ලුණු පරිභෝජනය අඩු කරන්න. නට්, කෙසෙල්, අලිපේර,

🟢 දොඩම්- ලෙමන්- නාරං ආදී පැඟිරි අඩංගු පලතුරු,කොළ පැහැති එළවළු වර්ග ඔබේ ආහාර වේලට එකතු කරගන්න.

🟢 වෙහෙසකාරි දිගු දවසක අවසානයේ ඔබේ දෙපා ඉහළින් තබාගෙන හොඳින් විවේකයක් ලබාදෙන්න.

🟢 අසාමාන්‍ය රෝග ලක්ෂණ පහළ වේ නම් වහාම වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමුවන්න.

🟢 වෛද්‍ය උපදෙස් අනුව නිසි වෙලාවට හා මාත්‍රාවන්ට අනුව ඖෂධ දිගටම ලබාගන්න.  


ලෝකයේ කොහේ සිටියත් වැදගත් දේ ගැන විස්තර සවිස්තරාත්මකව දැන ගන්න එක් වෙන්න පුවත් WhatsApp සමඟ

JOIN NOW