පෙට්‍රල් කෑන් වල ගොඩක් කල් Store කරලා තියාගන්න පුළුවන්ද?
රටපුරාම තියෙන තෙල් ප්‍රශ්නයට ඇත්තටම තාම හරි හමන් විසඳුමක් නැහැ. වැඩිපුරම මෙතන තියෙන්නේ ගසා කෑම්, හොරකම් වංචාවන් විතරයි. තෙල් පෝලිම් වල දවස් ගණන් තපින මිනිස්සු ඉද්දදී, කෑන් වලටයි, බූලි වලටයි හොර පාරෙන්ම ඩීසල්, පෙට්‍රල් පන්නන මිනිස්සුද ඕන තරම් ඉන්නවා. ඔවුන් ගොඩක් වෙලාවට කරන්නේ මේ කෑන්, බූලි අරන් ගිහින් මාස ගානක් Store කරලා කළු කඩ මිලට විකුණන එක. ඔය අතරේ තව සමහරු Store කරලා තමන්ගේ පාවිච්චියට ගෙදර තියාගෙන ඉන්නවා.
මේක නීති විරෝධී ක්‍රියාවක් වුණත් හැබැයි මේ කතා කරන්න හදන්නේ හොරුන්ගේ black market එක ගැන නෙවෙයි. මේ විදිහට ගොඩක් කාලයක් පෙට්‍රල් කෑන් වල ගබඩා කර තබා ගන්න පුළුවන්ද? පෙට්‍රල්, ඩීසල් වලට expiry date එකක් එහෙමත් නැත්නම් කල් ඉකුත්වීමේ දිනයක් තියෙනවද ? කියන කාරණාව ගැනයි.
🛢️ පෙට්‍රල්, ඩීසල් කෑන් වල සහ බූලි වල ගබඩා කරලා මාසයකට දෙකකට වඩා තියන්න එපා.
🛢️ පෙට්‍රල් වලට expiry date එකක් තියෙනවා.
🛢️ නෝමල් පෙට්‍රල් වල මේක සෙල්සියස් 20 තිබ්බොත් මාස 6කින් වගේ expiry වෙනවා. සෙල්සියස් 30 වෙච්ච ගමන් මාස 3න් expiry වෙනවා.
🛢️ ලංකාවේ නම් සෙල්සියස් අංශක 40ට පමණ උෂ්ණත්වය ඉහළ යන නිසා මාස 3කට කලින්ම expiry වෙන්න පුළුවන්.
🛢️ ඔය අතරේ ඉතින් පෙට්‍රල් ක්ෂය වන අතර Carbolic Acids and Gums නමැති රසායනිකය හැදෙන්න පුළුවන්.
🛢️ ඒ හින්දා බූලිවල තියන් මාස ගානක් පල් කරපු පෙට්‍රල් වාහනයට දාන්න එපා.
🛢️ වාහනයේ ටැංකියේ තෙල් ගොඩක් කල් තියාගෙන හිටියටත් වෙන්නේ ඒ සෙතේම තමයි.
බූලියේ දාලා සීල් කරලා වාහනයේ අරන් ගියොත්?
🛢️ කොහෙත්ම එපා. මොකද බූලියේ දාලා සීල් කරලා වැහුවත් පෙට්‍රල් හීට් වෙනවා.
🛢️ එහෙම වුණොත් බූලිය පුපුරන්න වුණත් පුළුවන්.
🛢️ වාහනය අවුවේ තිබ්බම කොහොමත් රටත් වෙනවා වැඩිනේ.
ලෝකයේ කොහේ සිටියත් වැදගත් දේ ගැන විස්තර සවිස්තරාත්මකව දැන ගන්න එක් වෙන්න පුවත් WhatsApp සමඟ |