රාජ්‍ය ව්‍යවසාය විසින් සහනාධාර ලබාදෙන්නේ කොහොමද?

Ceylon Petroleum Corporation The Bank of Ceylon Ceylon Electricity Board Lanka Sathosa Sri Lanka Government
By Wayomi Jul 01, 2022 07:43 AM GMT
Wayomi

Wayomi

in රචනා
Report

කාලයක් ලංකාවේ ගොඩක්දෙනෙක් එක එක අවස්ථා වලදී සහනාධාර ලැබුවා. දැන් ලංකාව ලෝකේ වටෙන් ආධාර, සහනාධාර ලබා ගන්නවා. සහනාධාර කියලා කියන්නේ පුද්ගලයන්ට, ව්‍යාපාර වලට හෝ කර්මාන්තශාලාවලට රජයේ විසින් දෙනු ලබන ගෙවීම්, බදු සහන හෝ ආර්ථික සහයයි. මේවා ලබා දෙන්නේ සමාජයටම වාසිදායක යැයි විශ්වාස කරනු ලබන භාණ්ඩ සහ සේවා ප්‍රතිදාන හෝ පරිභෝජනය වැඩි කිරීමටයි. සහනාධාර මඟින් සෙත සැලසෙනවා කියලා කිවුවට ඇත්තම එමඟින් රට අස්ථිර වුණාද?

රජයට අයත් ව්‍යවසාය

🔶 රාජ්‍ය ව්‍යවසාය යනු රජයට වැඩි අයිතියක් හෝ පාලනයක් තිබෙන ව්‍යාපාරයි.

🔶  රාජ්‍ය ව්‍යවසාය පෞද්ගලික සමාගම් වලට වඩා වෙනස්. ඒවා පාඩු ලබන්නේ නම්, එම පාඩු බදු ගෙවන්නන්ගේ මුදලින් ප්‍රතිපූර්ණය කරනු ලබනවා.

🔶 අඛණ්ඩව පාඩු ලබන පෞද්ගලික ව්‍යාපාරයක් නම් අවසානයේ දී බංකොලොත් වී වසා දමන්නට සිදු වනවා.

🔶 රජය සහය ලැබෙන තෙක් රාජ්‍ය ව්‍යවසාය වලට පැවැත්මක් තියෙනවා.

🔶  මේ වන විට ශ්‍රී ලංකාවේ වර්තමානයේ දී 400කට වඩා රාජ්‍ය ව්‍යවසාය තිබෙනවා.

🔶 ඒවා අතරින් 52ක් මූලෝපායික වශයෙන් ආර්ථිකයට වැදගත් ලෙසයි සැළකෙන්නේ.

🔶 ලංකා බැංකුව, ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව, ලංකා විදුලිබල මණ්ඩලය, රාජ්‍ය ඖෂධ සංස්ථාව ආදිය ආයතන රැසක් ඊට ඇතුළත්.  


ශ්‍රී ලංකාවේ රාජ්‍ය ව්‍යවසාය සතු මේ වන විට පවතින ගැටළු

🔶 දුර්වල මූල්‍ය කාර්ය සාධනය - සැපයුම් හිඟයන්

🔶 විශාල ආයෝජන අවශ්‍යතාව යනුවෙන් අරමුදල් සැපයීමේ නොහැකියාව

🔶 මෙහෙයුම් අකාර්යක්ෂමතා

🔶 දේශපාලනික උවමනාවන් මත සිදුකරන බඳවාගැනීම්.

🔶 රාජ්‍ය අයවැය මත අධික ලෙස රඳා පැවතීම . 


රාජ්‍ය ව්‍යවසාය විසින් සහනාධාර සපයනු ලබන්නේ කොහොමද?

🔶 බොහෝ අත්‍යවශ්‍ය අංශවල රාජ්‍ය ව්‍යවසාය ඇති අතර රජය විසින් මහජනයාට සහනාධාර සැපයීම සඳහා මෙම ආයතන භාවිතා කරනු ලබනවා . ඒ භාණ්ඩ හා සේවා අඩුමිලට විකිණීමෙනින්.

උදාහරණ ලෙස :-

* ලංකා ඛනිජ තෙල් සංස්ථාව පාඩු ලබමින් අඩු මිලට ජනතාවට භූමිතෙල්, පෙට්‍රල් සහ ඩීසල් ලබාදීම.

* සතොස අඩු මිලට භාණ්ඩ අලෙවි කිරීම.

* ලංකා විදුලිබල මණ්ඩලය විදුලිය අලෙවි කරනු ලබන්නේ ජනනය කිරීම සඳහා වැයවෙන පිරිවැයෙන් අඩක මිලකට වීම.  


රාජ්‍ය ව්‍යවසායන් හරහා සහනාධාර සැපයීම ගැටලුවක් වී ඇත්තේ ඇයි?

🔶 මහජනයාට සහනාධාර සැපයීමේ පාඩු දරා ගන්නේ රාජ්‍ය ව්‍යවසායයි.

🔶 අවසානයේදී එමගින් එම ආයතන වන ලාභ ලැබීමේ හෝ ලාභ පාඩු තුලනය කර ගැනීමේ හැකියාවට බලපෑමක් වෙනවා.

🔶  මෙම සහනාධාර වෙනුවෙන් රාජ්‍යය අයවැයෙන්ද මුදල් වෙන් කරනු ලබන්නේ කලාතුරකින්.

🔶 ඔබ දැනටමත් දන්නා පරිදි වාර්ෂික වියදම ආවරණය කර ගැනීමට තරම් ආදායමක් රජයට ලැබෙන්නේ නැහැ .

🔶 එම තත්ත්වය ඇති වන්නේ රාජ්‍ය ව්‍යවසාය විසින් ලබාදෙන සහනාධාර වියදම අයවැයට එකතු කරන්නට පෙරයි.

🔶 මෙම තත්වය තුළ රාජ්‍ය ව්‍යවසාය තම වියදම් පියවා ගන්නේ රාජ්‍ය බැංකුවලින් ලබාගන්නා ණය වලින්.

🔶 මෙම ණය කවදාවත් ආපසු නොගෙවන නිසා රජය ණයවර ලිපි හරහා ගෙවීම් සඳහා ඇප වෙනවා.

🔶 2021 වසර අවසානය වන විට මෙසේ රාජ්‍ය ව්‍යවසාය වෙනුවෙන් ලබාදී තිබෙන ණය ප්‍රමාණය රුපියල් ට්‍රිලියන 1.5කි. ( දළ දේශීය නිෂ්පාදිතයෙන් 9%කි).

🔶 එමෙන්ම මෙම ණය වලින් වැඩි ප්‍රමාණයක් ලබා දී තිබෙන්නේ ලංකා ඛනිජ තෙල් සංස්ථාවටයි.

🔶 මේ හේතු නිසා අයවැයෙන් වෙන්කරන ලද අරමුදල් නොමැතිව සහනාධාර සැපයීම මගින් රාජ්‍ය ව්‍යවසාය බැංකු පද්ධතිය හරහා ගන්නා ණය අධික වී සාර්ව ආර්ථික ආතතියක් නිර්මාණය වී තිබෙනවා .

🔶 එම නිසා රාජ්‍ය ව්‍යවසාය අයවැයට අත්‍යවශ්‍ය සේවා සැපයීමේ හැකියාවද අඩු වී තිබෙනවා. 


රාජ්‍යය ව්‍යවසාය සම්බන්ධ ගැටළු විසදා ගත හැක්කේ කොහොමද? 

🔶 විනිවිද පෙනෙන සූත්‍රයකට අනුකූලව තවදුරටත් පාඩු සිදු නොවන පරිදි වියදම අනුව මිල නියම කිරීම.

🔶 කර්මාන්ත මත ඇතිවන විකෘති බලපෑම් අවම කිරීම සඳහා රාජ්‍ය ව්‍යවසාය මූලෝපාය වැඩි දියුණු කිරීම.

🔶 වාර්තා කිරීම සහ කාර්ය සාධන ඇගයීම් හරහා විනිවිදභාවය සහ වගවීම තීව්‍ර කිරීම.

🔶 නාස්ති අඩු කිරීමේ හැකියාවන් අධික්ෂණය කිරීමේ ක්‍රියාවලිය ශක්තිමත් කිරීම.


ලෝකයේ කොහේ සිටියත් වැදගත් දේ ගැන විස්තර සවිස්තරාත්මකව දැන ගන්න එක් වෙන්න පුවත් WhatsApp සමඟ 

JOIN NOW