ලාංකික මහාචාර්යවරයා නිපදවු කෝවිඩ් හදුනා ගැනීමේ ස්මාට් යෙදවුමට Pfizer සමගම කරපු දේ.

COVID-19
By Wayomi Oct 14, 2022 07:19 AM GMT
Wayomi

Wayomi

in රචනා
Report

 ලාංකික මහාචාර්යවරයෙක් නිපදවු කෝවිඩ් හදුනා ගැනීමේ ස්මාට් යෙදවුමට Pfize සමගම කරපු දේ. 

🟠 ඔස්ට්‍රේලියාවේ ක්වීන්ස්ලන්ත විශ්වවිද්‍යාලයේ (University of Queensland) ශ්‍රී ලාංකික මහාචාර්යවරයෙකු වන උදන්ත අබේරත්න මහතාගේ මූලිකත්වයෙන් යුත් පර්යේෂණ කණ්ඩායමක් විසින් කෝවිඩ්-19 ආසාදිත බව හඳුනාගැනීමේ ස්මාර්ට් දුරකථන යෙදවුමක් එනම් APP එකක් නිර්මාණය කරනු ලැබුවා.

🟠 එම App එකට වටිනාකමක් ලබාදෙමින් එක්සත් ජනපදයේ 'Pfizer" සමාගම විසින් එය මිලදී ගැනීමට පියවර ගෙන ඇති බවයි වාර්තා වෙන්නේ.

🟠 ඒ අනුව එය එක්සත් ජනපද ඩොලර් මිලියන 179ක මුදලකට එම වැඩසටහන මිලදී ගැනීමට 'Pfizer" සමාගම කටයුතු කර තිබෙනවා.

🟠 කෝවිඩ්-19 වසංගතය අවස්ථාවේ ඊට එරෙහි නවෝත්පාදන වෙනුවෙන් බොහෝ ආයෝජන සිදු කිරීමට එම සමාගම පියවර ගෙන තිබුණා.

🟠 මෙම දුරකථන යෙදවුම හරහා ඕනෑම පුද්ගලයකුගේ ශබ්දයට සවන් දීමෙන් අනතුරුව ඔහු කෝවිඩ් ආසාදිතයකු දැයි නිශ්චය කරගත හැකි බව එහි නිර්මාණකරුවන් නම් පවසන්නේ.

🟠 මෙහි මූලික වැඩසටහන පසුව ඔස්ට්‍රේලියාවේ 'ResApp Health Limited' සමාගම මගින් වැඩිදියුණු කිරීමෙන් අනතුරුව මෙලෙස 'Pfizer' සමාගම සමඟ වූ ගනුදෙනුව වෙත යොමුව තිබෙනවා.

🟠 එම යෙදවුම පිළිබඳ සිදු කළ පරීක්‍ෂාවේදී එය රෝග ලක්ෂණ සහිත රෝගීන් තුළ කෝවිඩ්-19 වෛරසය පවතින බවට හඳුනාගැනීම 92%ක සාර්ථකත්වයක් පෙන්නුම් කර ඇති බව සඳහන්.

🟠 ඒ අනුව එම යෙදවුම මගින් දක්වා ඇති සාර්ථකත්වය මෙවැනි මුදලකට එය මිලදී ගැනීමට හේතුව වූ බව 'Pfizer" සමාගමේ ප්‍රකාශකවරයෙක් සඳහන් කර තිබුණේ.

https://thenortheastaffairs.com/sri-lankan-professor-gets-179-million-for-innovation/

https://island.lk/queensland-based-sri-lankan-professor-receives-179-million-on-his-innovations/

මෙම යෙදවුම පිළිබඳ අදහස් දක්වන මහාචාර්ය අබේරත්න මහතා,

"මම මගේ පෙණහලු විවෘත කළාට පස්සේ එය වාතය සඳහා විවෘත වෙනවා. එය තමයි මම හඳුන්වන්නේ 'තොරතුරු සුපිරි අධිවේගී මාර්ගය' විදියට. ඒ නිසා මම දැක්කා අපිට පුළුවන් කියලා යම් පුද්ගලයෙකුගේ කැස්සේ ශබ්දය මෙවැන්නකට යොදා ගන්න. එම ලැබෙන සංඥා කෘත්‍රිම බුද්ධි තාක්ෂණයක් හරහා ගොස් මේ බව පැහැදිලිවම හඳුනා ගන්නවා" ය ඒ අනුව මෙය ලොව පුරාම සිටින කෝවිඩ්19 ආසාදිතයන් හඳුනාගැනීම සඳහා භාවිත කළ හැකි වඩාත් මිල අඩු තාක්ෂණයක් බව මහාචාර්වරයා පවසනවා."  

🟠 එමෙන්ම මෙය දුෂ්කර සහ දියුණු නාගරික ප්‍රදේශවලදීත් එක ලෙස යොදා ගත හැකි බව ඔහුගේ අදහසයි.

🟠 මෙම වැඩසටහන දියුණු කිරීම සඳහා වෛද්‍යවරුන් කිහිපදෙනෙකුගේ‍ උපදෙස් ලබාගෙන ඇති අතර, එහිදී වෛද්‍යවරුන් සිය වෙදනලාව (‍ස්ටෙතොස්කෝපය) මගින් රෝගීන්ගේ සිරුර අභ්‍යන්තරයේ නිපදවෙන ශබ්දය ශ්‍රවණය කිරීම හා සමාන ක්‍රමවේදයක් යොදාගත් බවයි මහාචාර්යවරයා වැඩිදුරටත් පවසන්නේ.


ලෝකයේ කොහේ සිටියත් වැදගත් දේ ගැන විස්තර සවිස්තරාත්මකව දැන ගන්න එක් වෙන්න පුවත් WhatsApp සමඟ

JOIN NOW