ලංකාවේ මැණික් ගැන ඔබ දන්නවද..?දන්න නොදන්න මැණික් ගැන දැනගන්න ..

Sri Lanka
By Subodha May 24, 2022 11:11 AM GMT
Subodha

Subodha

in රචනා
Report

අතී‍තයේ පටන් ශ්‍රී ලාංකීය මැණික් කර්මාන්තයට හිමිවන්නේ අද්විතීය ස්ථානයකි. ශ්‍රී ලංකාවේ මැණික් ඇත්තේ එහි ප්‍රධාන දූපත වන ලංකා දූපතේ පමණි. මේ නිසාම 'රත්න දීප' යන අන්වර්ථ නාමයෙන්ද එය හඳුන්වයි. 1292 දී මාර්කෝ පෝලෝ විසින් සිය ලිපියක ලංකාව ගැන මෙසේ සඳහන් කරයි. ˝ප්‍රමාණයෙන් තරමක් කුඩා වුවත් ඉතා අනර්ඝ දිවයිනක් වූ ශ්‍රී ලංකාවේ ඇල දොළ ගංගා වලින් පවා මුතු මැණික් හමු වේ˝.

දෙවන ශත වර්ශයේ විසූ ටොලමි විසින් සඳහන් කරන පරිදි අතීතයේ ලංකාවේ මැණික් කර්මාන්තයේ මූලික ස්ථානයක් හිමිව තිබුනේ 'තරිප්පු' (beryl) සහ 'කොරන්ඩම්' (sapphire) වලටය. සිව්වන සහ පස්වන ශතවර්ශ වලදී පර්සියානු සහ අරාබි වෙළඳුන් මුතු මැණික් වෙළඳාම සඳහා ලංකාවට පැමිණි බව සඳහන් වේ. භූගෝලීය වශයෙන් සලකන විට ලංකාව ඉතාමත් පැරණි දූපතක් වේ. එහි වූ පාෂාණ ස්ථර වලින් 90% ක් ම අයත්වන්නේ ප්‍රාග් කේම්බ්‍රියානු යුගයට (වසර මිලියන 560 – 2400 පෙර) වේ.

මෙම පාෂාණ අතර වන ආග්නේය පාෂාණ, කැල්සියම් තැන්පතු, මඩ තැන්පතු වල සිදුවන දීර්ඝ කාලීන විපර්යාසයන් හේතුවෙන් මැණික් සෑදීම සිදුවේ. බොහෝ විට මැණික් ඉල්ලම් දක්නට ලැබෙන්නේ ගංගා ආශ්‍රිතවය. භූමි ප්‍රමාණයන් සමග සලකන විට මැණික් ඉල්ලම් සොයාගැනීමේ වැඩිම සම්භාවිතාවයක් ඇත්තේ ලංකාවේය. විශාල වශයෙන් මැණික් ඉල්ලම් හමුවන මැණික් පුරය හෙවත් රත්නපුරයට එම නම පටබැඳී ඇත්තේද මැණික් ව්‍යාපාරය සඳහා මෙම ප්‍රදේශය දක්වන ප්‍රසිද්ධිය නිසාමය .

මැණික් වර්ග

ශ්‍රී ලංකාවේ බහුල හමුවන මැණික් වර්ග

  1. තරිප්පු
  2. කණක
  3. කුරුවින්ද
  4. රබහ
  5. චන්ද්‍රකාන්ති පාෂාණ
  6. පළිඟු
  7. කිරිංචි
  8. පඩියං
  9. තෝරමල්ලි
  10. ජාගුන්

ශ්‍රී ලංකාවේ විරලව හමුවන මැණික් වර්ග

  1. ගිනිබොකු තෝර
  2. කහ තරිප්පු
  3. සිංහලයිට්
  4. සෙරන්ඩිබයිට් 

 මැණික් කර්මාන්තයේදී මූලිකවම සිදු වන්නේ ඉල්ලම් ගැරීමෙන් අගනා තත්වයක් ඇති ගල් වර්ග තෝරා ඒවා දීප්තිමත්ව ඔප දැමීම, ඔප වැටෙන ලෙස කැපීම, සහ ඒවායේ ගුණාත්මක බව සහ වටිනාකම අනුව වර්ග කිරීමයි. මෙලෙස වර්ග කල මැණික් ගල් නිල් කැට(blue sapphires), පද්මරාග(Peach sapphire), අමතේස්ත(amethysts), පුෂ්පරාග(yellow sapphire), රතු කැට(Ruby), තෝරමල්ලි(tourmalines), වෛරෝඩි(cat’s eyes) ආදී විවිධ නම් වලින් හැඳින්වේ.

ශ්‍රී ලංකාවෙන් හමුවන වටිනාම මැණික් වර්ගවන්නේ නීල් මැණික් සහ පද්මරාග යන මැණික් වේ.පද්මරාග මණික පද්මාරාජ ලෙසද හදුන්වනු ලැබේ.එසේම පද්මාරාජ මණික අන්තර්ජාතික වෙළද පොලේ හදුන්වන්නේ Padparadscha sapphire ලෙසයි.වර්ණයෙන් අඩු Padparadscha sapphire ,peach sapphire ලෙසද හදුන්වනු ලැබේ.මෙම ලෙස බහුලව ඇමරිකාව කැනඩාව වැනි රටවල ප්‍රසිද්ද වේ.

ලංකාවේ ප්‍රධාන මැණික් වෙළද පොළ පවතින්නේ රත්නපුර ශවියා විදියේය.එම විදියේ දහස් ගණනක් මැණික් ගැනුම් කරුවන් සහ විකුණුම් කරුවන් දිනපතාම රැස් වේ.වැඩිම මැණික් ගැනුම් කරුවන් සහ විකුණුම් කරුවන් එකතු වන්නේ සදුදා අගහරුවදා බදදා යන දිනවලදීය. එසේම මෙම ශවියා විදියේ gem market එක අබගහමුල ලෙසද හදුන්වයි.දැන් නම් එතන අබගහක් නැහැ.ගොඩ දෙනෙක් දන්නේ බෝගහ මුල කිවම.එම ස්ථානයේ විශාල බෝගහක් විරාජමානව සිටි.මෙමෙ බෝගහමුල වැඩියෙන්ම විකුනනේ 98% වඩා වැඩි ප්‍රතිශතයක් ඔප නොදමන ලද මැණික් ගල් වේ.ඔබට ඔප දමන ලද මැණික් ගල් බැලීම මිලදී ගැනීමට අවශ්‍යනම් දෙමුවා මාවතට යා යුතුය.එම මාවතේ වැඩිපුරම අලවි වන්නේ කපා ඔප දමන ලද මැණික් වර්ගයන්ය.

ලොවට අනගිතම මැණික් සපයන ප්‍රධානම නගරය වන්නේ රත්නපුර නගරයයි.මෙම මැණික් සම්පත නිසි මිලක් ලබාගැනීමට කටයුතු කිරීම මැණික් වෙළෙන්දන්ගේ වගකීමක්.බොහෝ china මැණික් ගැනුම් කරුවන් බොහෝ අඩු මුදලට මැණික් ගැනීම රත්නපුර නගරයේදී සිදු වේ.බොහෝ අවස්ථාවන් වලදී ලංකාවේ ගැනුම් කරුවන් මිට වඩා වැඩි මිලකට මැණික් ලබාගනී.නමුත් හමේ පාට බලලා china ට අඩුවට මැණික් දෙන බොහෝ මෝඩ මැණික් ව්‍යාපාරිකයන් රත්නපුරයේ සිටි. ශිල්පීය නිපුණත්වය ඉතා ඉහළ තත්වයක ඇති ශිල්පීන් විසින් සියළුම මැණික් කැපීමේ සහ ඔප දැමීමේ කටයුතු සිදු කරනු ලබන්නේ සාම්පුදායික ආකාරයට යන්ත්‍ර යොදා ගැනීමෙන් තොරව ඔවුන්ගේම දෑතිනි. ඉතා හොඳ තත්වයේ පවතින මැණික් කෞතුකාගාර සහ පර්යේෂණාගාර කිහිපයක්ම රත්නපුර නගරාසන්නයේ පිහිටා ඇත.