වදවිගෙන යන අපේ ජාතික සත්වයා ගැන කෙටියෙන් යමක්..

Sri Lanka
By Subodha Aug 15, 2022 06:53 AM GMT
Subodha

Subodha

in රචනා
Report

දඩුලේනා ශ්‍රී ලංකාවේ ජාතික සත්ත්වයා වේ. සාමාන්‍යයෙන් වැඩුණු දඩුලේනකුගේ ශරීර ප්‍රමාණය සෙ.මි.25-ත් 45ත් අතර වෙයි. ගැහැනු හා පිරිමි සතුන් අතර ගැහැනු සතුන් පිරිමි සතුන්ට වඩා තරමක් ප්‍රමාණයයෙන් විශාල ය. දඬුලේනා දුර්ලභ ගණයේ සත්ත්වයෙකි. ඉංග්‍රීසි භාෂාවෙන් Sri Lanka Giant Squirrel ලෙස හඳුන්වන දඬුලේනා දෙමළ භාෂාවෙන් පෙරයා අනිල් ලෙස හැඳින්වේ. විද්‍යාත්මක නාමය Ratufa Macroura Meianochra ය. 

ඝන ලෝම තට්ටුවකින් වැසුණු සම සීත කාලයේදී ඔහුට කාලගුණයට ඔරොත්තු දීමට උදවු වෙයි. ගස් නැගීමට සහ ගසින් ගසට පැනීමට ශූරයෙකු වූ දඩුලේනාට මේ සදහා උදවු වන ප්‍රධානතම දෙය වන්නේ උගේ දිගු හා ශක්තිමත් වලිගයයි. සෙන්ටි මීටර් 25 ක් පමණ දිගින් යුත් මේ දඩුලේනාට දිගු වලිගයක්ද දුඹුරු, රතු, අළු හා කළු වර්ණවල් ශරීරයේ දැක ගත හැක.

මෙම සත්ත්වයා වඩාත් ක්‍රියාකාරී වන්නේ උදය කාලයේ හා සන්ධ්‍යාවේ මුල් භාගයේදී ය. එක් ගසක සිට 6mක් දුරින් පිහිටි ගසකට පවා පැනීමට හැකි ය. වනාන්තර වල, තෙත් කලාපීය ප්‍රදේශවල , වයඹ පළාතේ මොවුන් වැඩි වශයෙන් ජීවත් වෙයි. මීට අමතරව දකුණු ඉන්දියාවේ ද සුළු වශයෙන් දක්නට ලැබෙයි . උදය සහ දහවල් කාලයේදී ක්‍රියාකාරී වන මෙම සත්ත්වයා රාත්‍රි කාලයේ දී හොඳින් නින්දට වැටෙයි. විවේක කාලයේදී සහ රාත්‍රියේදී නිදා ගැනීම සඳහා තනාගත් කූඩුවල වෙසෙයි. සෙසු සෑම අවස්ථාවකදීම පරිසරයේ ඔබ මොබ සැරිසරයි. සාමාන්‍යයෙන් තනිව හෝ ඉඳහිට යුගල වශයෙන් දක්නට ලැබෙන අතර බියට පත් වූ විට අනතුරක් අත ළඟ බව දැනෙන විට පලා යාම සිරිතකි. විලෝපිතයන්ගෙන් බේරීම සඳහා ඉතා කලාතුරකින් බිමට පැමිණේ.

මෙම සත්වයා ආහාර වශයෙන් පලතුරු වර්ග, පොල්, ධාන්‍ය වර්ග, ඇතැම් ගස්වල පොතු හා කුඩා කෘමි සතුන් වැනි දෑ ආහාරයට ගනී. මෙරටට ආවේනික ශ්‍රී ලංකා දඩු ලේනා දැනට රතු දත්ත පොතට අනුව වදවී යාමේ තර්ජණයට මුහුණ දෙමින් සිටින සත්වෙයකි. හිතක් පපුවක් නැති දඩයක්කරුවන්ගේ හා දරුණු විලෝපිකයන්ගේ ගොදුරු බවට ද මේ අහිංසක සත්ත්වයා ගොදුරු වෙමින් ඇත. එමෙන්ම මෙම සත්ත්වයා පොල් වගාවට ද තර්ජනයක් වී ඇත. කෙසේ වෙතත් මෙම ජාතික සත්වයා රැක ගැනීම ලංකා වාසි අපගේ යුතුකමක් හා වගකීමක් වන්නේය.

  

ලෝකයේ කොහේ සිටියත් වැදගත් දේ ගැන විස්තර සවිස්තරාත්මකව දැන ගන්න එක් වෙන්න පුවත් WhatsApp සමග 
Join now



GalleryGalleryGallery