දිස්ත්‍රික් 07ක කාන්තා නායිකාවන් එක්ව BMICH එකේ කළ විශේෂ දේ..සම්පූර්ණ වීඩියෝව මෙතනින් නරඹන්න.(VIDEO)

Mrs Thalatha Atukorale Shri Sudarshan Bhagat International Women's Day
By Aruna Mar 16, 2024 06:04 AM GMT
Report

රාජ්‍ය ව්‍යුහය ප්‍රතිසංස්කරණය කිරීම සඳහා වන ව්‍යාපාරයට දායක විය හැකි ජාතික කාන්තා නායකයින් පිරිසක් බිහි කිරීම, ශක්තිමත් කිරීම සහ ප්‍රතිපත්තිමය වශයෙන් ව්‍යුහාත්මක වෙනසක් සිදු කිරීමට හඬනැගීම සඳහා කාන්තාවන් බලමුලු ගැන්වීම ප්‍රධාන අරමුණ කර ගනිමින් ඊයේ දිනයේ විශේෂ වැඩ සටහනක් ක්‍රියාත්මක කරනු ලැබුවා.

දිස්ත්‍රික් 07ක කාන්තා නායිකාවන් එක්ව BMICH එකේ කළ විශේෂ දේ..සම්පූර්ණ වීඩියෝව මෙතනින් නරඹන්න.(VIDEO) | Special Women S Conference Bmich

ශ්‍රී ලංකා ජාතික සාම මණ්ඩලය මඟින් ක්‍රියාත්මක කරන ලද මෙම ව්‍යාපෘතියේ අවසානය සනිටුහන් කරමින්, 2024 මාර්තු 15 වන දින කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දිස්ත්‍රික්ක 7ක කාන්තා නායිකාවන් 150ක ප්‍රමාණයක සහභාගිත්වයෙන් 'ඉගෙනුම් හා උද්දේශණ සම්මන්ත්‍රණය' පවත්වන ලදී.

දිස්ත්‍රික් 07ක කාන්තා නායිකාවන් එක්ව BMICH එකේ කළ විශේෂ දේ..සම්පූර්ණ වීඩියෝව මෙතනින් නරඹන්න.(VIDEO) | Special Women S Conference Bmich

මෙහිදී ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස, ශ්‍රී ලංකාව සඳහා ඇමරිකා එක්සත් ජනපද තානාපතිනී ජුලී චන්ග් මහත්මිය සහභාගී විය.

එමෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රීනී වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය, පාර්ලිමේන්තු තලතා අතුකෝරල මහත්මිය, හිටපු අමාත්‍ය ෆේරියල් අශ්‍රෆ් මහත්මිය සම්බන්ධ විය.

මෙම විශේෂ සම්මන්ත්‍රණය ඇතුලත් සම්පූර්ණ වීඩියෝව පහතින් නරඹන්න,

මෙතනින් බලන්න?


Gallery