ජනපති හදිසියේම අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරයි...

Gotabaya Rajapaksa Sri Lanka
By Aruna Jul 04, 2022 03:02 AM GMT
Report

සේවාවන් කිහිපයක් අත්‍යවශ්‍ය සේවාවන් බවට ප්‍රකාශ කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ, ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ නියමය පරිදි ජනාධිපති ලේකම් ගාමිණී සෙනරත් මහතා විසින්.

ඒ අනුව විදුලිබල සැපයීම සම්බන්ධ සියළු සේවාවන්, ඛනිජ නිෂ්පාදන හා ඉන්ධන සැපයීම හෝ බෙදාහැරීම එලෙස අත්‍යවශ්‍ය සේවාවන් බවට පත් කර තිබෙනවා.

ඊට අමතරව රෝහල්වල, සාත්තු නිවාසවල, බෙහෙත් ශාලා සහ වෙනත් සමාන ආයතනවල රෝගීන් නඩත්තු කිරීම සහ පිළිගැනීම, රැකවරණය, පෝෂණය කිරීම, සහ ප්‍රතිකාර කිරීම සම්බන්ධව අවශ්‍ය හෝ කළයුතු ඕනෑම විස්තරයක සියලුම සේවා, වැඩ හෝ ශ්‍රමය ද එලෙස අත්‍යවශ්‍ය සේවාවන් බවට පත් කර තිබෙනවා.

සාමාන්‍ය ජනජීවිතය පවත්වාගෙන යාම සදහා අත්‍යවශ්‍ය වන බව සහ එකී සේවාවට අවහිරයක් හෝ බාධාවක් විය හැකි බවට සැලකිල්ලට ගනිමින් 1979 අංක 61 දරණ අත්‍යවශ්‍ය මහජන සේවා පනතට අනුව මෙම අතිවිශේෂ ගැසට් නිවේදනය නිකුත් කර ඇත්තේ ඊයේ දිනයේ සිට බලපැවැත්වෙන පරිදියි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... 

Join now