ප්‍රථම වරට ලංකාවට හඳුන්වා දුන් නව "සමාජ ආරක්ෂණ දායකත්ව බද්ද " යනු කුමක්ද?

Sri Lanka Economic Crisis Government Of Sri Lanka
By Wayomi Sep 15, 2022 05:13 AM GMT
Wayomi

Wayomi

in රචනා
Report

පසුගිය වසර 2ක කාලය පුරා පැවති කෝවිඩ් 19 වසංගතයෙන් සහ රාජ්‍ය අක්‍රමිකතා නිසා මෙරට ආර්ථිකය අන්තයටම කඩා වැටී අවසන්. කෙසේ නමුත් රාජ්‍ය ආදායම ඉහළ නැංවීම සහ කෝවිඩ් 19 වසංගතයෙන් පීඩාවට පත් ආර්ථිකය නැවත ගොඩනැගීමේ අරමුණින් 2022 අයවැය මඟින් සමාජ ආරක්ෂණ දායකත්ව බද්ද ලෙස නව බද්දක් හඳුන්වා දෙනු ලැබුවා.

🟢 ලංකාව තුළ මෙය මුලින්ම කරළියට ගෙනාවේ 2022 ජූනි 13 වැනිදා පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදීයි.

🟢 පසුව ජූනි 21 වැනිදා මෙම පනත් කෙටුම්පත ගැසට් පත්‍රයේ ප්‍රකාශයට පත් කළා.

🟢 ඉන් අනතුරුව ජූලි 6 මුදල් අමාත්‍යවරයා එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අතර පසුගිය සැප්තැම්බර් 8 වැනිදා එය වැඩි ඡන්ද 81කින් සම්මත වුණා.


සමාජ ආරක්ෂණ දායකත්ව බද්ද යනු.

🟢 වාර්ෂික පිරිවැටුම රුපියල් මිලියන 120 ඉක්මවන යම් කිසි ද්‍රව්‍යයක් ආනයනය කරන පුද්ගලයන්, යම් කිසි ද්‍රව්‍යයක් නිෂ්පාදනය කරන පුද්ගලයන්, විවිධ සේවා සපයන ව්‍යාපාර පවත්වාගෙන යන පුද්ගලයන් සහ තොග සහ සිල්ලර වෙළෙඳ ව්‍යාපාර පවත්වාගෙන යන පුද්ගලයන් මෙම නව බද්දට යටත් වෙනවා.

🟢 එහි දී ඔවුන්ගේ වාර්ෂික පිරිවැටුමෙන් 2.5%ක ප්‍රතිශතයක් සමාජ ආරක්ෂණ දායකත්ව බද්ද ලෙස රජය මඟින් අය කරගන්නවා.

🟢 ඒ අනුව මෙම බද්දෙන් වසරකට අපේක්ෂිත ආදායම රු. බිලියන 140ක්.

🟢 නමුත් නිෂ්පාදකයා අපනයනය කරන ද්‍රව්‍ය, අපනයනය කිරීම සඳහා යම් ද්‍රව්‍යයක් නිෂ්පාදනය කිරීමේ දී හෝ එම නිෂ්පාදන කටයුතු සඳහා අනන්‍ය (අනන්‍යතාවය) ලෙස භාවිත කිරීමට යම් පුද්ගලයෙක් ආනයනය කරන යම් ද්‍රව්‍ය හෝ යන්ත්‍රෝපකරණ මෙම බද්දෙන් නිදහස් කර තිබෙනවා.

🟢 බදු අය කළ හැකි යම් තැනැත්තෙක් යම් අපනයනකරුවකුට විකිණූ යම් ද්‍රව්‍යයක්, එම අපනයනකරු ඍජුවම හෝ අපනයන කාර්යය සඳහා පිහිටු වූ වෙළෙඳ ආයතනයක් හරහා ශ්‍රී ලංකාවෙන් අපනයනය කළ බවට ලේඛනගත සාක්ෂි ඉදිරිපත් කිරීමෙන් පසුව කොමසාරිස් ජනරාල්වරයා සෑහීමකට පත්වන්නේ නම් එවැනි ද්‍රව්‍ය ද මෙම බද්දෙන් නිදහස් කර තිබෙනවා.

🟢 2007 අංක 48 දරණ විශේෂ වෙළෙඳ භාණ්ඩ බදු පනත යටතේ අය කරගන්නා විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්දට යම් ද්‍රව්‍යයක් යටත් වන්නේ නම් එම ද්‍රව්‍යය ආනයනය කිරීම සඳහා ද එයින් අවසර ලබා දී තිබෙනවා.

🟢 ඊට අමතර ව පොහොර, ඛණිජ තෙල් සහ ඛණිජ තෙල් නිෂ්පාදන, LP ගෑස්, ඖෂධ, අඟුරු වැනි ද්‍රව්‍ය රැසක් ද විදුලිබලය උත්පාදනය කිරීම සහ සැපයීම, වෛද්‍ය, ජල සැපයුම්, භාණ්ඩ සහ මගී ප්‍රවාහනය වැනි සේවා රැසක් ද මෙම බද්දෙන් නිදහස් කර තිබෙනවා.     


ලෝකයේ කොහේ සිටියත් වැදගත් දේ ගැන විස්තර සවිස්තරාත්මකව දැන ගන්න එක් වෙන්න පුවත් WhatsApp සමඟ

JOIN NOW