ඔබත් ලැජ්ජා කාරයෙක්ද?
ඔබත් ලැජ්ජා කාරයෙක්ද? මේක ගොඩක් අය ළඟ දකින්න ලැබෙන දෙයක්. සමහරු ඉන්නවා කොච්චර දක්ෂ වුණත්,multi talented වුණත් ඒ දේවල් සමාජයට පෙන්නන්න හරිම බයයි. හරියට සබකොලේ. ඇයි එහෙම වෙන්නේ? සබකෝලේ නැති කරගන්නේ කොහොමද?
සබකෝලය එහෙමත් නැත්නම් මේ ලජ්ජාශීලි බව කියන්නේ එකතරා මානසික ගැටළුවක්. වෛද්‍ය විද්‍යාවේ නම් මේක හඳුන්වන්නේ Social Phobia කියලා. කෙටියෙන්ම කිව්වොත් සමාජය තුල ගැවසීමටත්, අන්‍යොන්‍යය සබදතා පැවැත්වීමටත් ඇති බිය. මේකතමන්ට විතරක් තියෙන දෙයක් නෙවෙයි, ගොඩාක් අය මුහුනමුහුණ දෙන දෙයක්, හැබැයි මෙය ඇතිවන අවස්ථා අනුව පුදගලයාගෙන් පුද්ගලයාට වෙනස්. අපි බලමු ඒ වගෙ පොදු හේතු කිහිපයක්,
- අලුත් පුද්ගලයින් මුනගැසීම.
- ප්‍රසිද්ධියේ කතා කිරීම.
- වේදිකාවක් මත යමක් ඉදිපත් කිරීමේදී.
- වටපිටවේ අයගේ අවධානයට ලක්වීමේදී.
- යමක් කරන විට වෙනත් අයෙක් බලා සිටීම.
- විවේචනයට ලක් වීම.
- විශේෂ පුද්ගලයින් සමඟ කතා කිරීම.
- පංතියකදී ගුරුවරයකු කතා කිරීම.
- meeting එකක කතා කිරීම.
- විභාගයකදී.
- පොදු වැසිකිලි භාවිතයේදී.
- දුරකතන ඇමතුමකදී.
- පාටි, උත්සව අවස්ථා වලදී .
මේ වගේ වගේ එකී මෙකී නොකී අවස්ථා තව ගොඩක් තියෙනවා.සමාජය සමඟ කටයුතු කරද්දී කලාතුරකින් තමන්ට ඇති වන බය Social Phobia කියල හිතන්න එපා. පොදු ස්ථානයක, වේදිකාවක කතාවක් කිරීමට, විභාගයකට පෙර ඇති වන බිය සාමන්‍යය දෙයක්. ඒවා ජීවිත්යේ එදිනෙදා කටයුතු වලට බලපැමක් ඇති වෙන්නේ නැහැ. හැබැයි ඒ බිය මගින් ඔබේ ජීවිතයේ එදිනෙදා කටයුතු වලට බලපැමක් එනවා නම් එය බොහෝ විට Social Phobia වෙන්න පුළුවන්.
Social Phobia තියෙන අයට ඇති වන මානසික රෝග ලක්ෂණ කිහිපයක්.
- සමාජය සමඟ ගැවසෙන විට ඇති අධික සබකෝලය හා සාංකාව.
- පිරිසක් ඉදිරියේ කරන්නට ඇති දෙයක් සිතමින්, දවස්, සති, මාස ගනන් පීඩා විදීම.
- අනෙක් අය විශේෂයෙන්ම තමන් නොදන්නා අය බලාගෙන සිටින විට හෝ විනිශ්චය වීමට ඇති අධික බය.
- තමන් අපසුතාවට, ලැජ්ජාවට පත්වෙන ආකාරයට ක්‍රිය කරයි කියා තමුන්ම බිය වීම.
- තමන් කලබල වී සිටින බව අනික් අය දැන ගනීයැයි ඇති බිය.
කායික රෝග ලක්ෂණ
- මුහුණ රතු වීම.
- වෙව්ලීම - දාඩිය දැමීම
- හුස්ම ගැනීමේ අපහසුව.
- බඩ දැගලීම, වමනය ගතිය.
- හද ගැස්ම වැඩි වීම.
- ක්ලාන්ත ගතිය සහ කලාන්තය දැමීම.
ඒ වගේම මෙවැනි තත්වයකදී ඔබේ හැසිරිමේත් වෙනසක් වෙන්න පුළුවන්.
- සමාජය සමඟ ගැටෙන එක අවම කිරීම,
- සමාජයේ ගැවසෙන විට නිශෂබ්ද වීම සහ සැගවීම.
- ඕනෑම තැනකට තමාට පහසු විශ්වාසවන්ත අයෙකු ගෙන යාම.
- සමහරු නම් සමාජයට යෑමට පෙර මත් පැන් පානය කරන්නත් පුරුදු වෙලා ඉන්නවා.
ලෙඩේ ගැන දැනගත්තා දැන් ඇති නේද? එහෙනම් දැන් ටිකක් ධනාත්මක වෙමු. ලෙඩේ හොඳම කරගන්නේ කොහොමද කියලා බලමු.
සෘනාත්මක සිතුවිලි වලට අභියෝග කරන්න.
මං ඉස්සෙල්ලා කිවුවා වගේ දැන් ඉඳන් හැමවෙලේම ධනාත්මකව හිතන්න පුරුදු වෙන්න. මෙම සමාජ භීතිකාව තියෙන ගොඩක් අය ජීවත් වෙන්නේ, මම මෝඩයෙක් වගේ පෙනෙයි, මගේ කටහඩ වෙව්ලයි, ලැජ්ජා වෙන්න වෙයි, මිනිස්සු මම මන්දබුද්දිකයෙක් කියල හිතයි, මට කියන්න දෙකුත් නැහැ ලොකුවට, අනික් අයට කම්මැලි හිතෙයි, මිනිස්සු මං ගැන මොනවා හිතයිද?, මට මේ දේවල් බෑ ..ඒ නිසා හැමෝම ඉස්සරහා ලජ්ජා වෙන්න වෙයිද? කියන සෘනාත්මක සිතුවිලි වලින්.
අදම මේ සිතිවිලි වලින් අයින් වෙන්න. හිතන්න, ඇයි අනිත් අයට පුළුවන් නම් මට බැරි, එයාලා හිතනවා නම් මට මේ දේවල් කරන්න බැහැ කියලා..මාව ප්‍රතික්ෂේප කරනවා නම්, ඒ දේ කරලම පෙන්වන්න.
අපි මෙහෙම හිතමු, ඔබ ඉගෙනීමට දක්ෂ නොවෙන්න පුළුවන්. හැබැයි ඔයාට වෙනත් සැඟවුණු talents තියෙන්න පුළුවන්. ඒවා එළියට දාන්න බයයි, එක්කෝ ඒ දේවල් කරනවට ගෙදරින් කැමති නෑ, ගුරුවරු කැමති නෑ, ඔය දේවල් කරන්න කලින් ඉගෙන ගෙන ඉන්න කියලා ඔබට චෝදනා කරනවා ඇති, ඒකට ඔයා බයයි. ඇයි බය වෙන්නේ?
මේ සමාජයේ ඕන කෙනෙක්ට, ඕන දෙයක් ඕන විදිහකට හිතන්න පුළුවන්. ඕන දෙයක් කියන්න පුළුවන්, කරන්න පුළුවන්. පවුලේ අය හෝ වේවා වටෙපිටේ අය හෝ වේවා හැමතිස්සෙම ඔබව සෘනාත්මක සිතුවිලි වලින් බලගන්වන්වා නම් ඒ අයගෙන් ඈත් වෙන්න....ඔවුන්ගේ වදන් කනකටවත් මායිම් නොකර ඉන්න. ඒ වෙලාවට ඔබ හිතන්න මෙයාලා හදන්නේ ඔබව පහතටම වට්ටන්න. ඒ නිසා මං මගේ හැකියාවන් පෙන්නලා, හොඳ තැනකට යනවා කියන අධිෂ්ඨානයෙන් යුතුව ධනාත්මක සිතුවිලි වලින් බලගැන්වෙන්න. ඒ වෙනුවෙන් මහන්සිවෙලා වැඩ කරන්න. ඉගෙන ගන්න බැරිවූ දේවල් ආයෙත් ඉගෙන ගන්න. ඒ කියන්නේ ඔබේ භාෂා දැනුම හෝ වේවා, හැකියාව වැඩිදියුණු කරනගන්න දෙයක් හෝ වේවා, උපාධියක් හෝ වේවා. අනිත් අයගෙන් සහයෝගයක් ලැබෙන්නේ නැත්නම් ඔබ හැමදේම තනිවම ඉගෙන ගන්න.
ඔබ දන්නවද මේ සමාජ භීතිකාව නිසා ගොඩක් වෙලාවට ඔබ හැම තැනකින්ම ප්‍රතික්ෂේප වෙන්න පුළුවන්. ඉතින් ඒකට අභියෝග කරන්න. ඒක තමයි ලෝකයේ තියෙන හොඳම motivation එක. ඔබ ලස්සන නැහැ, මහතයි, කැතයි කියලා කෙනක් ප්‍රතික්ෂේප කළොත් ජීවිතේ නැති කරගන්න එකවත්, අඬ අඬා ඉන්න එකවත් නෙවෙයි වැඩේ,...ඔවුන්ට පෙන්න ඔබ කෑම පාලනයකින් හෝ ව්‍යායාම කරලා හෝ මොනවා විදිහකින් හරි ඇඟ හැඩකාර ගන්න, ලස්සන වෙලා පෙන්නන්න. අපි කෙනෙකුගෙන් ප්‍රත්ක්ෂේප වෙන තරමට අපේ සමාජ භීතිකාව නැතිවෙලාම යන්න පුළුවන්.
සැහැල්ලු මනස
මේ හැමදේටම මුල් වෙන්නේ ඔබේ හිතයි.මනසයි. ඒ නිසා කිසිම වෙලාවක හදවතින් තීරණ ගන්න කලින් සිය දහස්වාරයක් හිතන්න. මුලින්ම හිතලා හිතලා බිය නැති කරගන්න. ඊට පස්සේ සැහැල්ලු මනසින් වැඩ පටන් ගන්න. උදේ නැගිට්ට ගමන් ගෙදර අයට good morning කියන්න.. එය කෙනෙකුගේ සිතේ ඔබ ගැන ගෞරවාන්විත හැඟීමක්, ධනාත්මක සිතුවිල්ලක් ඇති කරවන්න තරම් ප්‍රභලයි. දවසේ වැඩ කටයුතු කළමනාකරණ කරගෙන සැහැල්ලු මනසකින් වැඩ අරඹන්න. ඔබේ hobbies වලටත් කාලය වෙන් කරන්න.