ඇඟ කෙට්ටු අය සහ මහත යන හැමෝම මේ ගැන දැනුවත් වන්න..කෙට්ටු අයට විශේෂයි..

Sri Lanka Ministry of Health Sri Lanka Healthy Food Recipes
By Aruna May 02, 2023 12:46 AM GMT
Report

මොකද සනීප නැතිද? ඇඟ කෙට්ටුවෙලා යැයි කිසිවකුගෙන් විමසුවහොත් බොහෝවිට එම පුද්ගලයා මානසික පීඩාවකට පත්වේ.

නමුත් ටිකක් මහත්වෙලා නේද කියා විමසූ විට එවැනි පීඩාවක් ඇති වන්නේ කලාතුරකිනි.

එසේ වී ඇත්තේ, මහත් වන්නේ හොඳට කන බොන නිසා යැයිද කෙට්ටුවන්නේ කිසියම් රෝගයකට හෝ කෑම බීම අඩුකම නිසා යැයිද කියා අප තුළ ආකල්පයක් පවතී.

නමුත් කෙට්ටු යැයි සිතන බොහෝදෙනා හොඳට කන බොන අය වෙති.

එසේ නම් හොඳින් කාබී සිටියදීත් කෙට්ටුවන්නේ ඇයි දැයි කියා විමසා බලමු.

කෙට්ටුවීමට බලපාන හේතු

තරුණ මැදිවියේ හෝ දරුවකුගේ සිරුර සාමාන්‍ය බර ප්‍රමාණය අඩුවී දැඩිලෙස කෙට්ටු බවක් ඇත්නම් එය කිසියම් රෝග තත්ත්වයක් නිසා විය හැකිය.

මෙය හෝමෝනවල අසමතුලිතතාවයක්, තයිරොයිඩ් ග්‍රන්ථයේ රෝග තත්ත්වයක්, තයිරොක්සින් හෝමෝනයේ ක්‍රියාකාරීත්වයේ වෙනසක්, ආහාර මාර්ගයේ දුර්වලතාවයක් නිසා ජීර්ණ ගැටලුවක්, දියවැඩියාව රෝගයේ බලපෑමක් ආදී කුමක් හෝ රෝග තත්ත්වයක් විය හැකිය.

ජානමය හේතු නිසා ඇතැම් පුද්ගලයන්ට සිය දෙමාපිය ආරෙට සිහින් සිරුරක් පවතී.

එය ආහාර මගින් වෙනස් කළ නොහැකිය. එසේ නොමැතිව හොමෝන ගැටලුවක් හෝ ආහාර මාර්ගයේ ගැටලුවක් නිසා පවතින රේග තත්ත්වයකදී කොපමණ ආහාර ප්‍රමාණයක් කෑමට ගත්තත් එම ආහාරවල පෝෂක කොටස් රුධිරයට උරා නොගනී.

මෙවැනි රෝගවලට ප්‍රධාන වශයෙන්ම බලපාන්නේ අපගේ ආහාරවලට යොදන කෘතීම රසකාරක වර්ගය එම රසකාරක නිසා ආහාර ගැනීමට රස නහර උද්දීපනය වූවත් එම ආහාරවල ඇති පෝෂණය සිරුරට හොඳින් ජීර්ණය නොවේ.

මෙම රසකාරක නිසා ආමාශයේ ජීර්ණ ක්‍රියාවලියට උපකාරවන හෝමෝන ශ්‍රාවයන් නිසි ලෙස නිපදවීමට බාධා ඇති කරයි. එවිට අප ගනු ලබන ආහාරවල ඇති පෝෂක කොටස් හොඳින් ජීර්ණය වී රුධිරයට එක් නොවේ.

සිරුරේ නීරෝගී ක්‍රියාකාරීත්වය ඇතිවන්නේ රුධිරය මගින් සපයන පෝෂ්‍ය කොටස්වල උපකාරයෙනි. ආසියාතික රටවල අප ආහාර අතින් ගැනීමට හුරුව සිටිති.

එසේ අතින් ආහාර ගන්නා විට සිරුරේ හෝමෝන ක්‍රියාකාරීත්වය හොඳින් සිදුවේ. එවිට අපගේ ඇඟිලි තුඩු අතරින් ආහාරයට හෝමෝන එකතුවේ.

එය ආහාර හොඳින් ජීර්ණය වීමට උපකාරී වේ. අතේ ඇඟිලිවලින් හොඳින් ආහාර අනාගෙන කෑමේදී ආහාර ගැනීමේ රුචිය වැඩිවේ. එසේම ආහාරවල ඇති රසයද වැඩිවේ.

ඉන් ආහාරවල පෝෂණය හොඳින් සිරුරට උරාගැනීම පහසුවේ. තයිරොක්සින් හෝමෝනයේ අඩු වැඩිවීම නිසා මහත්වීම හෝ කෙට්ටුවීමට බලපායි.

එය වර්තමානයේ බොහෝ දෙනෙකුට පවතී. මේ සඳහා බොහෝ විට බලපා ඇත්තේ අප ගනු ලබන ආහාර වර්ගය.

විශේෂයෙන්ම කෘතිම රසකාරක වර්ග යෙදූ ආහාර, ක්‍ෂණික ආහාර වර්ග, කෘතිම පැණි බීම වර්ග බහුලව ආහාරයට ගැනීම නිසා තයිරොක්සින් හෝමෝනයේ ක්‍රියාකාරීත්වය වෙනස්වීමට ලක්වූ රෝගීන් බහුලව අපවෙත ප්‍රතිකාර සඳහා පැමිණෙති.

ඉන් බොහෝදෙනකුට මතුව ඇත්තේ සිරුර කෙට්ටු වීමයි.

කෙට්ටුව මට්ටුකරන ආහාර

සිරුරට පෝෂණය ලැබෙන්නේ රුධිරය මගින් නිසා අප ගනු ලබන ආහාරවල කාබෝහයිඩ්‍රේට්, ප්‍රෝටීන්, විටමින්, ඛනිජ ලවන, මේදය ආදී සියල්ල සමබරව තිබිය යුතුය.

එබැවින් බත් වැඩිපුර ආහාරයට ගත්තාට සමබර පෝෂණයක් සිරුරට නොලැබේ.

ඒ සඳහා පලා වර්ග, ධාන්‍ය, එළවළු, මස් මාළු ද ආහාරයට එක්කර ගත යුතුය.

එසේම දිනකට අවශ්‍ය පරිදි ජලය පානය කළ යුතුය. විශේෂයෙන්ම කෙඳි සහිත ආහාර වැඩිපුර එක්කර ගත යුතුය. ධාන්‍ය වර්ග, එළවළු, පලාවර්ග වල කෙඳි සහිත බව වැඩිය.

ආහාරයේ ඇති ගුණය සහ රසය වැඩිකර ගැනීමට ඉඟුරු, කරපිංචා, කුරුඳුපොතු, සුදුලූණු, රතුලූණු, ආදී ස්වාභාවික රසකාරක එක්කර ගත යුතුය.

එවිට ආහාර රුචිය වැඩිවී සිරුරට හොඳ පෝෂණයක් සහිත ආහාර වේලක් එක් වේ.

නිදසුනක් ලෙස යමෙක් මෙම ස්වාභාවික රසකාරක යොදා සකස්කර ගත් පොල් සම්බෝලයක් සමග බත්වේලක් ආහාරයට ගතහොත් එය ඉතා හොඳ සමබල ආහාර වේලකි.

කෙතරම් ආහාර ප්‍රමාණයක් කෑමට ගත්තද එහි නිසි පෝෂණය නිසි රසය නැතිනම් ඉන් ඵලක් නැත. ඒ නිසා පිඟාන පිරෙන්න බත් බෙදාගෙන බත් කෑවත් සිරුර මහත් වන්නේ නැත.

එහි ධාන්‍ය, ඵලාවර්ග, එළවළු ආදිය තිබිය යුතුය. වැඩිදුර විස්තර සඳහා දුරකථන අංක 0112560121 ඇමැතිය හැකිය.

උපුටා ගැනීමක්: දිවයින


සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now