මහ දවල්ටත් නින්දෙන් මත් වෙන හේතු.
මහ දවාලෙත් Office එකේද? bus එකේද? කියලා නැහැ බැලු බැලු තැන් වල ගොඩක් අය නිදිමතේ. ඇත්තටම ඇයි දිවා කාලයේත් බොහෝ වේලා වල ඇතමුන් මේ විදිහට නින්දෙන් මත් වෙන්නේ?
මේ ඔබේ අවධානයට යොමු නොවුණු හේතු දෙකක්.
? ප‍්‍රමාද වී ආහාර ගැනීම.
? අපි ආහාර ගත්ත ගමන්ම නිදාගන්න ගියාට ශරීරය නිදාගන්නේ නැහැ. ඒක දිගටම කි‍්‍රයාත්මක වෙනවා. ඒ අප ගන්නා ආහාර බිඳ හෙලමින් ශරීරයට අවශෝෂණය කර ගැනීමට.
? ඒත් නින්ද කියන්නේ සිරුරට විවේකයක් ලැබිය යුතු කාල පරිච්ඡේදයක්. මේ විවේකය නිසාවෙන්ම ශරීරයේ සියළුම අවයව පුනර්ජීවනයට ලක් වෙනවා. නැවත ශරීරයට ශක්තිය. ජීවය ලැඛෙනවා.
? අප නිදාගන්න වේලාවෙත් ආහාර ජීර්ණය කරමින් ශරීරය කි‍්‍රයාත්මක වෙනවා නම් නින්දේ සැබෑ අරුත එතන නෑ. නින්දේ සැබෑ විවේකයත් එතන නෑ. ඒ නිසා තමයි නින්දට පැය දෙක තුනකට පෙර ආහාර ගැනීම කළ යුත්තේ.
? ඔබ දන්නවා අපේ සිරුර තුළ සැගවගත් ජෛව ඔරලෝසුවක් තිබෙනවා.
? අප වෙලාවට අවදි වන්නේ, මුව දෝවනය කරන්නේ, නිදා ගන්නේ, මේ හැම දෙයක්ම නැවත සිහිපත් නොකළත් වෙලාවට සිදු කෙරෙන්නේ මේ ජීව ඔරලෝසුව නිසයි.
? ජීව ඔරලෝසුව නින්දට ඉතා අනගි කාල පරාසයක් හඳුනාගෙන තිඛෙනවා.
? ඒ රාත‍්‍රී 10 ත් පාන්දර 2 ත් අතර සිවු හෝරාව. යමෙක් මේ වටිනා පැය 4 තම නින්දට යොදා නොගන්නවා නම් තමන්ගේ ජීව රිද්මයට එයින් සැලකිය යුතු බාධාවක් පැමිණිය හැකියි.
? මේ නිසා නින්දේ ගුණාත්මක වටිනාකම හීන විය හැකියි.
? දිවා කාලයේ නිදිබර බවට එය හේතුවක් වෙන්න පුළුවන්. මේ නිසා රාතී‍්‍ර 10 ත් පාන්දර 2 ත් අතර මේ වටිනා නිදි දෙව්දුවගේ වේලාවෙන් හැකි පමණ ප‍්‍රයෝජන ගන්න.