හුස්ම හිරවීම භයානක රෝග ලක්ෂණයක්ද?

By Wayomi May 12, 2022 07:18 AM GMT
Report

හුස්ම හිරවීම වඩාත් බරපතල රෝග ලක්ෂණයක් වෙන්න පුළුවන් බව ඔබ දන්නවද? වෙහෙසකර ක්‍රියාකාරකමක නිරත නොවී වුණත් මෙය සිදු වෙන්න පුළුවන්. හැබැයි මේ කතා කරන්නේ කොරෝනා ගැන නම් නෙවෙයි. හිටිගමන් ලොකු කුඩා කාටත් ඇති වෙන්න පුළුවන් හුස්ම හිරවීම භයානක තත්වයන් ගැනයි. 

පපුවේ තද ගතිය, අධික කනස්සල්ලක් දැනීම සහ හුස්ම හිරවීම දක්වා මෙම රෝග ලක්ෂණ ඇති වෙන්න පුළුවන්. මෙහිදී කෙටි කාලීන හුස්ම හිරවීම සහ බරපතල රෝග ලක්ෂණ සහිත තත්වයන් පවතිනවා. සාමාන්‍යයෙන් ව්‍යායාම, අධික උෂ්ණත්වය, තරබාරු බව හෝ ඉහළ උන්නතාංශයක සිටීම සහ ප්‍රමාණවත් ඔක්සිජන් ලබා ගැනීමට නොහැකි වීම නිසා කෙටි කාලීන හුස්ම හිරවීම සිදු විය හැකියි.

ඒ වගේම ඇදුම, නියුමෝනියාව, කාබන් මොනොක්සයිඩ් විෂ වීම, කාංසාව, ආතතිය, අඩු රුධිර පීඩනය, හෘදයාබාධ Pulmonary embolism (පෙනහළු වල අවහිර වූ ධමනි) වැනි බරපතල රෝග නිසා හුස්ම ගැනීමේ පහසුතාව ඇති වෙන්න පුළුවන්. ඊට අමතරව අන්තරාල පෙනහළු රෝගය, තරබාරුකම, නිදන්ගත බාධාකාරී පෙනහළු රෝග (COPD), හදවත් රෝග වගේ නිදන්ගත හුස්ම හිරවීම් ද බොහෝදෙනෙකුට පවතින්න පුළුවන්.

වෛද්‍ය උපදෙස් සහ ප්‍රතිකාර ලබාගත යුත්තේ කුමන අවස්ථා වලදී,   


- හුස්ම හිරවීම සමඟ කැස්සක් ඇති විට.
- මින් පෙර ගැටළු ඇති නොකළ ක්‍රියාකාරකමකින් පසුව හුස්ම ගැනීමේ අපහසුතා ඇති වීම.
- සාමාන්‍ය තත්වයන්ට වඩා නිතර නිතර හා දැඩි ලෙස හුස්ම පිට වීම.
- ඇදුම ඇති අතර ඔබ ඔබේ ආශ්වාස කරද්දී රෝග ලක්ෂණ වල දකින්න ලැබෙන අසාමාන්‍ය වෙනස්වීම.
- ඔබේ පාද සහ වළලුකර ඉදිමීම.
- ඔබ නිදා සිටින විට හුස්ම ගැනීමේ අපහසුතා ඇති වීම.
- අධික උණ, සෙම්ප්‍රතිශ්‍යාව සහ කැස්ස ඇති විට.
- ඔබ හුස්ම ගන්නා විට අසාමාන්‍ය විස්ල් හඬක් (wheezing) පිටවීම.