පාසල් සිසුවෙක් ගෙල වැලලාගෙන අවසන් ගමන් යයි..!
Anuradhapura
Sri Lanka
By Sewvandhi
අනුරාධපුර - ගලෙන්බිඳුනුවැව - ගැටලාව ප්‍රදේශයේ පාසල් සිසුවෙකු සිය නිවස තුළදී ඟෙළ වැළලාගෙන සිය දිවි හානි කරගෙන තිබෙනවා.
මෙවර උසස් පෙළ විභාගයට පෙනීසිටීමට නියමිත් පාසල් සිසුවෙකු ඊයේ මෙලෙස සිය දිවි හානි කරගෙන ඇති බවයි පොලිසිය සඳහන් කළේ.
සිසුවාගේ මව වෙනත් විවාහයක් සිදු කරගෙන ඇති අතර පියා මීට මාස එකහමාරකට පමණ පෙර ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
සිසුවා සිය මිත්තණිය භාරයේ හැදී වැඩි ඇති අතර සිය දිවි හානි කර ගැනීමට හේතුව මෙතෙක් අණාවරණය වී නැහැ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න... |