හොඳට signal එන විදිහට රවුටර් එක තියන්න ඕන කොතැනින්ද?

By Wayomi Jul 26, 2022 04:31 AM GMT
Wayomi

Wayomi

in රචනා
Report

අපේ වායුගෝලයේ අන්තර්ගතය තුළ විද්‍යුත් චුම්භක කිරණද පවතිනවා. phone එකට, පරිගණකයට, Wi-Fi වලට signal ලැබෙන්න මේ විද්‍යුත් චුම්භක තරංග හරහායි. මේවා නවීන සන්නිවේදන උපකරණ තුල අඩු වැඩි වශයෙන් භාවිතා වෙනවා.මෙම සන්නිවේදන උපකරණ වලට සිග්නල් ලැබෙන්නේ ඇන්ටනාව මගින් එහෙමත් නැත්නම් බිත්ති බැමි හරහා තරංග පැමිණීමෙන්.

📡 මේ ආධාරයෙන් තමයි රෙඩියෝ සංඥා ලෝකේ වටේ ගෙනියන්නේත්. (ඒවායේ පරාසය වැඩි කරමින්) ඒ තර්ංග ලබෙනේ ඉහල වායුගෝලයේ සිටයි. ඉතා ඉහල දී වායුගෝලය plasma තත්වයට පත්ව පරමාණු දෙදරා, වෙන්ව ඉලෙක්ට්‍රෝන මවු න්‍යෂ්ටිය තුලින් ඉවත්ව යයි.ඔයාලගේ රැහැන් රහිත ඇති රවුටර (Wireless) ඇන්ටනාව මගින් විද්යුත් චුම්බක කිරණ නික්මෙන්නේ, විදුලි ධාරාවේ 2.4GHz දී (තත්පරයට බිලියන 2.4 වාරයක් ) සිදුවන පොඩි දෝලනයක් නිසයි.

📡 ඉතින් ඒ ගැන කල පරීක්ෂණයක්දී , (Wi-Fi සංඥා පරීක්ෂාවට -සිතියමක් යොදා ගැනුනි )කියවුනේ , Wi-Fi සංඥා පහසුවෙන්ම යන්නෙ නිදහස් ප්‍රදේශ වලින් කියලයි.

📡 ඒ කියන්නේ බිත්ති /තාප්ප තියෙන තැනකට වඩා හොදින් හිස් /නිදහස් තැනක රවුටරය තියන එක වඩා සුදුසුයි.

📡 Wi-Fi සංඥා පරාවර්තනය වීමේදී ඒව එකපිට එක ගැටිලා පිටවෙනවා (අහෝසිවී) ,එවිට ඒවා සෙන්ටිමීටර කීපයකට වෙන් වෙලා යනවා. එතකොට තමයි signal slow වෙන්නේ. ඒ වගේම රවුටරය තියෙන තැනින් සුලු වෙනසක් කලත් ඒක සංඥා වලට බලපෑමක් ඇති වෙනවා.   


ලෝකයේ කොහේ සිටියත් වැදගත් දේ ගැන විස්තර සවිස්තරාත්මකව දැන ගන්න එක් වෙන්න පුවත් WhatsApp සමඟ 

JOIN NOW