රිටිගල කදු වැටියේ ඔබ නොදත් වං හුං...
උතුරු මැද පළාතේ, අනුරධපුරයට නුදුරින් රිටිගල කන්ද පිහිටා ඇත. පලුගස් වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයටත් කැකිරාව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයටත් මායිම්ව රිටිගල පිහිටා ඇත. හබරණ අනුරාධපුර මාර්ගයේ ගලපිටිගල හා ගනේවල්පොල අතර දකුණු පසින් අක්කර 7200ක පමණ රමණීය භූමි භාගයක් මෙම වනපියසින් වැසී ඇත්තේය. විදේශීකයන්ගේ පවා අවධානයට ලක්ව ඇත. රිටිගල කඳුකරය කඳු මුදුන් හතකින් සමන්විත වේ.ඒවා නම්, ආසියා කන්ද, බට කන්ද, කොඩිගල, උණ කන්ද, අඹරාපති කන්ද, පටලීය හින්න, කිරිවැල් හින්න ආදිය වේ. 600mක් (අඩි 2000ක්) පමණ උසින් යුත් රිටිගල වියළි කලාපයේ ඉහළම ස්ථානය ද වේ.
කිරිය ගස් වැව, කළුඑබේ, මොරගොඩ, මූරියා, කඩවල, බමුණුගම, උල්පත, හීනුක්කිරියාව, ගලපිටිගල ආදි ගම්මාන 14කින් වටව මෙම වන පියස පිහිටා ඇත. රිටිගල කන්දට පිවිසෙන්නට මුලින්ම ඇත්තේ කුඩා ගල් කුළු කිහිපයක් උඩිනි. ඒ සමඟම හමු වන්නේ තරමක දිග පළලකින් යුතු ගැඹුර අඩි 30ක් තරම් වූ ගරා වැටුණු "බන්දා පොකුණ" නම් වූ සුවිශාල පොකුණයි. ඉන් පසුව තැනින් තැන විසිරී පැතිරී ඇති ගල් පාලම්, පියගැට පේළි, කවාකාර වූ ශෛලමය වේදිකා, ඔපමට්ටම් කරන ලද විශාල ගල් පුවරු, සෙල්මුවා පහන්, තටාක, බෙහෙත් ඔරු, සල පතල මළු, සක්මන් මළු, කටාරන් කෙටූ ගල් ලෙන්, පධානගර හා ගල් කුළුණුය.
වසර 1500ක පමණ කාලයක් අද්විතීය වටිනාකමකින් යුක්ත ආරාමික සංකීර්ණයක් වශයෙන් පැවති රිටිගල 11 සියවසේදීචෝළ ආක්‍රමණයත් සමඟ ක්‍රමයෙන් නටඹුන් වන්නට විය. වනගත වීම නිසා වන සතුන්ගේ වාසස්ථානයක් බවට පත් වූ රිටිගල කන්දවර්තමානයේදී වනාන්තරයෙන් වැසී පවතී. මහාවංශයේ "අරිට්ඨ පබ්බත" යනුවෙන් දැක්වෙන්නේ රිටිගල බව ඉතිහාසඥයන්ගේ මතයයි. භාවනානුයෝගි භික්ෂූන් වහන්සේලා සඳහා යෝග‍්‍ය වූ නිසසල වනගත පෙදෙසක් වශයෙන් රිටිගල වැදගත්කම එහි දක්නට ලැබෙන නටඹුන් වලින්ද හෙළි වේ.
ලාංකීය රජ කෙනෙකු විසින් සාදවා දුන් මෙම ස්ථානය තුල කිසිවෙක්ට සිතාගත නොහැකි තරමි කලුගල් වලින් නිර්මිත ගොඩනැගිලි වල ඉතිරි වි තිබෙනා කොටස් බැලුවිට විශ්මිත තාක්ෂණික ක්‍රමෙවෙිදයක් භාවිත කර ඇති බවද මිට වසර දෙදහස් පන්සීයකට ඉහත වැසිකිලි, කැසිකිලි පහසුකම් උදෙසා භාවිත කල එම පද්ධතිය ගැන සිතන විට ඉතා ඉහල තාක්ෂණික ක්‍රමවෙිදය අදටත් අදහා ගත නොහැක. මීට අමතරව ලෙන් ලිපි ,ලෙන් හා උමනං පද්ධතිය අසටත් මහා හෙළ ඉතිහාසයක් මෙම කදුවැටියේ සගවා ගෙන සිටින බව අප ඇසින් දුටු සාක්ෂියි.
උමං පද්ධතිය තවමත් කිසිවෙකුට ඇස ගැටි නොමැති බව අපගේ විශ්වාසයයි.එයට හේතුව කෘතිමව සාදවා ඇති දිය ඇලි වලින් වසා ඇති බැවිනි. රිටිගල නොහොත් රකුන් ගිර හෙළ ඉතිහාසය සොයන කෙනෙකුට ඉතාම වැදගත් තොරතුරු වලින් වලින් හෙබි තොතැන්නක් බව මාගේ අදහසයි.ඉතිහාසයේ යුගයන් තුනක් හෝ ඉන් එහාට ගිය වටිනා ඉතිහාස තොරතුරු රැගත් එම ස්ථානය අදටත් රකිනුයේ “ජන්තු” නමි අති දක්ෂ සටන් ශිල්පියා බව පැවසීම අතිශෝක්තියක් නොවන බව මෙහි යන එන බොහෝ දෙනා පවසනා කරුණකි.
මෙම කදු වැටිය රාම-රාවණ යුද්ධයේදී තුවාල ලත් රාමට ප්‍රතිකාර කිරීම සඳහා හනුමාන් විසින් භාරත දේශයේ සිට ඔසවාගෙන එන ලද බෙහෙත් පර්වතයෙන් කොටසක් රිටිගල මතට කඩා වැටී ඇතැයි යන්නද ජන ප්‍රවාදයේ එන්නකි. රිටිගල පුරා ඉරරාජ, සඳරාජ, බිං කොහොඹ, වැනි දුර්ලභ ගනයේ බෙහෙත් පැළෑටි අද මෙම වනයේ ඇති බව පැවසේ.
ලෝකයේ කොහේ සිටියත් වැදගත් දේ ගැන විස්තර සවිස්තරාත්මකව දැන ගන්න එක් වෙන්න පුවත් WhatsApp සමග |