දරිද්‍රතා පතුලටම වැටී සිටි ඉතියෝපියාවේ නැගී සිටීම.

Ethiopia
By Wayomi Sep 23, 2022 12:35 PM GMT
Wayomi

Wayomi

in රචනා
Report

ඉතියෝපියාව කියන්නේ අප්‍රිකානු මහද්වීපයේ පිහිටා තිබෙන මිලියන 115ක් පමණ ජනතාවක් ජීවත් වන රටක්.නයිජීරියාවට පසුව අප්‍රිකානු කලාපයේ පිහිටා ඇති දෙවැනි විශාලතම ජනග්‍රහනය සිටින්නේ ඉතියෝපියාවෙයි.ඉතියෝපියාව මේ වන විට ලොව තුළ ප්‍රසිද්ධියට පත් වී ඇත්තේ ඉතා පහළ දරිද්‍රතා මට්ටමක සිට වේගවත් වර්ධනයක් ලඟා කර ගනිමින් සිටින රටක් ලෙසයි. එලෙස නම් දැරූ ඉතියෝපියාව යළි නැගී සිටින්න පටන් අරන්. ඉතින් මේ කියන්නෙත් ඔවුන්ගේ කතාවයි.

🌎 2021 වසරේදී ඔවුන්ගේ ආර්ථික වර්ධන වේගය සටහන් වූයේ 6.3%ක් ලෙස වන අතර වසර 15ක පමණ කාලයක සිට ඉතියෝපියාව ලොව වේගවත්ම ආර්ථික වර්ධනක් පවත්වා ගෙන යන රට ලෙස ඉදිරියෙන් සිටියි.

🌎 කෙසේ වෙතත් ඔවුන්ගේ වාර්ෂික ඒක් පුද්ගල ආදායම ඩොලර් 930ක් වන අතර පහළ ආදායම් කාණ්ඩයේ රටක් ලෙස වර්ගීකරණය කර තිබෙනවා.

🌎 නමුත් ඉතියෝපියාව 2025 වන විට පහළ මැදි ආදායම් කාණ්ඩය දක්වා ඉදිරියට පැමිණීමට අපේක්ෂා කරන බව ඔවුන් පවසනවා.

🌎 පවතින වේගවත් ආර්ථික වර්ධනය හේතුවෙන් ගෙවුණු දශක දෙකක කාලය තුළ එරට දරිද්‍රතාවය අඩු මට්ටමකට ලඟා වෙමින් පවතින බවට ලෝක බැංකුව විසින් පෙන්වා දෙනවා.

🌎 මෙය 2011 වසර වන විට 30%කින් ද , 2016 වසර වන විට 24% කින්ද අඩු වී ඇති අතර මානව සංවර්ධන දර්ශකයද වර්ධනය වෙමින් එම දර්ශකයේ ඉතියෝපියාව ඉදිරියට පැමිණෙමින් සිටියි.

🌎 ඉතියෝපියානු රජය විසින් එරට කෘෂිකර්මය නඟා සිටු වීමට පියවර කිහිපයක් ගත් අතර එහි ප්‍රධාන පියවරක් ලෙස 2019 වසරේදී හඳුන්වා දුන් ගෙවතු වගා ක්‍රමය ප්‍රවර්ධනය හැදින්විය හැකියි.

🌎 මෙය වසර 10ක් සඳහා ඉදිරිපත් කළ සැලැස්මක් වන අතර මේ වන විට ඔවුන් එහි ප්‍රථිඵල බුක්ති විදිමින් සිටින්නේ අතිරික්ත අස්වැන්න අපනයනය කිරීමෙන් එරට විදේශ සංචිත ද ඉහළ නංවමිනි.

🌎 ඉතියෝපියාවේ ප්‍රධාන අභියෝගය වී ඇත්තේ පවතින ආර්ථික වර්ධන වේගය තිරසාරත්වය පදනම් කර ගනිමින් දිගටම පවත්වා ගැනීම හා දරිද්‍රතාවය අඩු කිරීම වේගවත් කිරීමයි.

🌎 එරට ඉතිහාසය තුළ පැවති දූෂණ වංචා සහිත නායකයින්ගේ පලනයන් හේතුවෙන් ඉතියෝපියාව විශාල ආගාධයකට ඇද දැමූ අතර දශක එක හමාරක පමණ සිට පත්ව සිටි හා පත්ව සිටින නව නායකයන් එරට නැවත ඉදිරියට රැගෙන ඒමට විශාල කැපවීමක් සිදු කරමින් සිටියි.


එම ගමනේදී ඔවුන්ට මුහුණ දීමට සිදු වන අභියෝග හා ගැටලු කිහිපයක් ද තියෙනවා.

🌎 පැවති කොරෝනා වසංගත තත්වය හේතුවෙන් සමාගම් හා කුටුම්භ ආදායම් පහත වැටුනු අතර මේ හේතුවෙන් විරැකියා තත්වයන් , ආයෝජන , රැකියා කප්පාදු කිරීම් , වැටුප් පහළ යාම් වැනි සාධක බලපෑමෙන් අවම මට්ටමකට ගෙනෙමින් තිබූ දරිද්‍රතාවය නැවත ඉහළ යාමක් සිදු වී තිබෙනවා.

🌎 කෘෂිකාර්මික අංශය වර්ධනය කිරීම සඳහා පවත්වා ගෙන යන වගා සංග්‍රාම සඳහා ගෝලීයව පවතින දේශගුණික විපර්යාස සෘජුවම බලපෑමක් සිදු කරයි.

🌎 වසර 40කට පසුව එරට දකුණු හා නැගෙනහිර කොටස් දරුණුතම නියඟයට මුහුණ දෙන අතර මේ වන විට මිලියන 07ක පමණ ජනග්‍රහනයක් මෙයින් පීඩාවට පත්ව ඇත.

🌎 ඉතියෝපියාවේ මානව සංවර්ධන දර්ශකය තවමත් 0.38ක් තරම් පහළ අගයක පවතී.එයින් නිගමනය කළ හැක්කේ ළමා මරණ අනුපාතය ඉහළ වීම , සෞඛ්‍ය පහසුකම් සහ අනෙකුත් යටිතල පහසුකම් ඉතා අවම මට්ටමක පැවතීම , දරිද්‍රතාවය ඉහළ වීම , සාක්ෂරතාවය පහළ මට්ටමක පැවතීම වැනි සාධක වන අතර ඔවුන්ට එය විශාල අභියෝගයක් වනු ඇත.

🌎 රටෙහි වාර්ෂිකව මිලියන 02 ක් පමණ ශ්‍රම බළකාය අලුතින් එක් වන අතර ඔවුන් සඳහා නව රැකියා අවස්ථා නිර්මාණය විය යුතුයි.

🌎 රට තුළට ආයෝජන වැඩිපුර රැගෙන ඒම , දේශීය නිශ්පාදන ධාරිතාව ඉහළ දැමීම , දේශීය ව්‍යාපාර දිරිමත් කිරීම , අපනයන වෙළඳපොළ දියුණු කිරීම ආදී සාධක ඇති කිරීම සඳහා අවශ්‍ය පරිසරය සකස් කිරීමට ඔවුන්ට සිදු වේවි.

🌎 මෙම අභියෝගයන්ට එකින් එක මුහුණ දෙමින් ඉතියෝපියාව සමෘද්ධිමත් ගමනක් යයි.

🌎 මේ සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධාන ඇතුලු අනෙකුත් සංවිධාන විශාල සහයෝගයක් ලබා දෙන අතර පෙර පැවති ආහාර නොමැති මන්දපෝෂණයෙන් පෙළෙන රටක් ලෙස දුටු ඉතියෝපියාව ඉදිරියේදී සංවර්ධිත රටක් ලෙස දැකීමට හැකි වනු ඇත. 


ලෝකයේ කොහේ සිටියත් වැදගත් දේ ගැන විස්තර සවිස්තරාත්මකව දැන ගන්න එක් වෙන්න පුවත් WhatsApp සමඟ

JOIN NOW