මෙකල ඉංජිනේරු තාක්ෂණයට පවා අභියෝග කල එකල රජරට වාරි තාක්ෂණය..
අනුරාධපුර රාජධානිය ශ්‍රී ලංකාව තුළ පළමුවන රාජධානිය යි.මෙය අතීත සිංහල රජදරුවන් විසින් ගොඩනගන ලදි. පණ්ඩුකාභය රජ විසින් රාජධානියක් ලෙස ක්‍රි.පු. 377 ගොඩනඟන ලදි. අනුරාධපුර රාජධානිය ශ්‍රී ලංකා ඉතිහාසයේ ශ්‍රේෂ්ඨතම යුගයකි. බුදු දහම මඟින් අනුරාධපුර රාජධානිය කාලාව, සංස්කෘතික, දේශපාලන පෞඩ ඉතිහාසය කරා ලඟා කරන ලදි.
බුදු දහම අනුරාධපුර රාජධානිය තුළ ආරම්භ වන්නේ දේවානම්පියතිස්ස රජතුමා විසිනි. අනුරාධපුර යුගයේ ශ්‍රේෂ්ඨ රජු ලෙස දුටුගැමුණු රජතුමා නම් කළ හැක. මිට අමතරව වළඟම්භා රජතුමා, ධාතුසේන රජතුමා ද ශ්‍රේෂ්ඨ රජවරු වේ. මෙම රජවරු රට පාලනය කරන සමය අනුරාධපුර රාජධානියේ ශ්‍රේෂ්ඨතම යුගයයි. රාජධානිය මුලික වශයෙන් කෘෂිකර්මය මත පදනම් විය.මල්වතු ඔය ආශ්‍රිතව බිහිවි පසුව වැව් තැනිම මඟින් වියලි කලාපය පුරා ව්‍යාප්ත විය. ඒ ආශ්‍රිතව කලා වැව, තිසා වැව, බසවක්කුලම වැව, නුවර වැව ආදි වැව් පොකුණු ඇල වේළි රාශීයකින් රජරට පෝෂණය කිරිම අතීත රජ දරුවන්ගේ වගකීම කොට සැලකීය.
එවකට ක්‍රි. ව 459 දී පමණ අනුරාධපුරයේ රජකම් කරනු ලැබුවේ ධාතුසේන රජතුමා යි. රජුට අවශ්‍ය වුයේ එකළ අනුරාධපුර වාසය කළ ජනතාවගේ ජල අවශ්‍යතාව සම්පුර්ණ කිරීමට යි. ඒ අනුව යමින් පහත් බිමේ පිහිටා තිබෙන කලා වැවේ සිට උස් බිමේ පවතින තිසා වැවට ජලය ගෙන යාමට වුවමනා වුණා. ඒ සඳහා ඇලි 48කින් යුතුව සැතපුම් 54ක් පමණ දුරට යෝධ ඇළ ඉදි කළ බවට වංශ කතා වල දැක්වෙන බව සඳහන් වනවා. කලාවැව සිට තිසාවැවට ජලය ගෙනයාම සඳහා ධාතුසේන රජතුමා විසින් කරවූ යෝධ ඇළ අදටත් ලොව පුරා ඉංජිනේරුවන් මවිතයට පත්කළ නිර්මාණයක් විය. යෝධ ඇළේ ප්‍රථම සැතපුම් සැතපුම් 17 දිය බැස්ම සැතපුමකට අඟල් 6ක් බව දැක්වෙනවා. මෙය ඉතාමත් විශිෂ්ට ගණයේ නිර්මාණයක් ලෙස දැක්වීම සඳහා එය එක හේතුවක් වනවා.
මේ හා සම්බන්ධ තවත් ජනප්‍රවාදයක් වන්නේ ගැබ්ගත් එළිච්චියක් පෙරමුණෙන් ගමන් කරවා අනතුරුව ඇය පියවර තැබූ මඟ ඔස්සේ යෝධ ඇළ ඉදිරියට කපාගෙන ගිය බවයි. දැවැන්ත වාරි තාක්ෂණය විදහා දක්වන මෙම ඓතිහාසික ඇල වර්තමානයේ ප්‍රතිසංස්කරණය කළ ඇති අතර මෙම ප්‍රතිසංස්කරන අතරතුර නව ජය ගග හෙවත් පැරණී යෝද ඇල පිහිටි ස්ථානයේ නව සොරොව්වක් ඉදිකිරීමට කැණිම් කළ අතර නූතන වාරි ඉංජිනේරුවන් කල්යල් බලා සියළු භෞතික සාධක පිළිබද සැලකිලිමත් වෙමින් කැණිම්කළ අතර සියළු වාරිමාර්ග ඉංජිනේරුවන් මවිතයට පත්කරමින් පැරණි සොරොව්වක් හමුවිය.
මෙම පැරණි සොරොව්ව හමුවීම තුළින් පැරණි වාරි තාක්ෂණයේ දියුණුව මොනවාට විදහා දක්වන මෙම පැරණි ගල් සොරොව්ව අදටත් කලාවැව් ඉස්මත්තේ ප්‍රදර්ශනයට තබා ඇත. එමෙන්ම මහාවංශය සඳහන් කරන්නේ ධාතුසේන රජතුමා රාජ්‍යයෙන් මිදීමට වසර 7කට පෙරාතුව මෙම යෝධ ඇළ හදා වැඩ නිම කළ බවයි. ඒ වගේම ගම්මාන වැව් 120ට දියවර සැපයීමට යෝධ ඇළ සමත් වූ බවත් දැක්වෙනවා.
ලෝකයේ කොහේ සිටියත් වැදගත් දේ ගැන විස්තර සවිස්තරාත්මකව දැන ගන්න එක් වෙන්න පුවත් WhatsApp සමග |