තහනම් හෙරොයින් වලින් ප්‍රතිකාර කරන හැටි.

By Wayomi May 15, 2022 12:27 PM GMT
Wayomi

Wayomi

in රචනා
Report

මත්ද්‍රව්‍ය අතර ප්‍රබලයෙක් තමයි හෙරොයින් කියන්නේ. මේවා මොනවද කියලා අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. නීත්‍යනුකූල නොවන මත්ද්‍රව්‍යයි.

හෙරොයින් යනු O-3 සහ O-6 ස්ථානවල ඇසිටිල් ආදේශක දෙකක් සහිත මෝෆීන් වන මෝෆිනේන් ඇල්කලෝයිඩ්. අනෙකුත් ඔපියොයිඩ් මෙන්, හෙරොයින් වේදනා නාශකයක් සහ විනෝදාත්මක ඖෂධයක් ලෙස භාවිතා කරනවා. මේවාට ඇබ්බැහි වීමෙන් දරුණු ශාරීරික කම්පන, හෘදයාබාධ, පශ්චාත් ශල්‍ය වේදනාව සහ අවසාන අදියර පිළිකා සහ අනෙකුත් මාරාන්තික රෝග ඇතුළු නිදන්ගත වේදනාව වැනි උග්‍ර වේදනාව ඇති වෙනවා.

1800 ගණන්වල ජර්මනියේ බෙහෙත් ව්‍යාපාරිකයක් විසින් මෝෆීන් නිෂ්පාදනය කර තිබෙනවා. ඒ, කාසය සඳහා ප‍්‍රතිකාරකයක් ලෙසයි. ඒ කාලයේ සමහර රටවල් අබිං සඳහා ඇබ්බැහිවී සිටියා. නමුත් ඔවුන් පසු කලෙක අබිංවලට වඩා මෝෆීන් වලට වැඩි ඇබ්බැහිවීමක්සිදුවුණා.

මෙම මෝෆීන් 1950 පමණ වන විට ශල්‍යකර්මවලදී වේදනා නාශකයක් ලෙස ද භාවිතයට ගෙන තිබෙනවා. ඒ අනුව 1937 දී පමණ ශල්‍යකර්ම සඳහා මෙය මුලින්ම භාවිතයට ගත්තේ ජර්මන් විද්‍යාඥයෙක් විසින්. ඉන් පසු මේවා Dolophine නමින් ඇමෙරිකාවට යවා ඇති යවා තිබෙනවා. ඒ වගේම යුද්ධයේදී තුවාල ලබන සොල්දාදුවන්ට ඒ කාලේ ශල්‍යකර්ම කරන්න වේදනා නාෂකයක් ලෙස මෙය ලබාදී ඇති අතර එය බහුලව සිදුවූ නිසා ‘හීරෝ ඉන්’ කියන නමින් හඳුන්වන්න පටන් අරන් තියෙනවා. ඊට පස්සේ මෙය හෙරොයින් ලෙස පරිවර්තනය වූ බව කියැවෙනවා.

හෙරොයින් කියන්නේ පරීක්‍ෂණ සිය දහස්‌ ගණනක ප්‍රථිපලයක්. අබිං, බොහෝ සැරයක් පිරිපහදු කළ පසු හෙරොයින් නමැති සුදු පැහැති කුඩු වර්ගය නිපදවෙනවා. එතකොට අබිං කියන්නේ, පොපි මලේ පහල ගැටය සීරුවාම රෝස පාට මැලියම් වර්ගයක්. එම මැලියම් සූරලා ගත්තම ඒවා කළුපාටයි. ඒවා තමයි අබිං ලෙස හඳුන්වනවා.

ෆාමසි වලින් ලබාගන්න සමහර, සාමාන්‍ය වේදනා නාශක වල මෙතිල් මෝෆීන් අඩංගු වෙනවා. මෝෆීන් කෙලින්ම රුධිරයට එන්නත් කළ යුතු නමුත් මෙතිල් මෝෆීන් මුඛ මාර්ගයෙන් ගැනීමේ හැකියාව තියෙනවා. මෙහිදී මෙතිල් මෝෆීන් වලින් 60%ක් පමණ අක්මාවෙන් මෝෆීන් ලෙස ලේ වලට එකතු කරනවා. ඉතිරි 40% අක්මාවේ ඉතිරි වෙනවා. ඉතින් මෙමඟින් පසුව විවිධ රෝගාබාධ ඇති කරනවා. විශේෂයෙන්ම එම පෙති වර්ග දත් කැක්කුම් වලට වරකට දෙක බැගින් දෙන පෙත්තක්. මෝෆීන් බොහෝ දුරට කෘතීමව නිෂ්පාදනය කරනවා. මේ පෙති වල තියෙන්නේ කෘතීමව නිපදවූ මෙතිල් මෝෆීල් අයිසොමර් එකක්. ඒ නිසයි එය අක්මාවට අහිතකර ලෙස බලපානු ලබන්නේ.

නමුත් හෙරොයින් අතිශයින් ඇබ්බැහි වන සුළු සහ ශරීරයට අහිතකර වූ සංයෝගයක්. ඒ වගේම තමයි හෙරොයින් තවදුරටත් ඖෂධයක් ලෙස සලකන්නේ නැහැ. ඒ වෙනුවට වෛද්‍ය විද්‍යාවේ දැනට පාවිච්චි කරන්නේ මෝෆීන්. හැබැයි කැස්ස වගේ පොඩි ලෙඩ වලට දෙන්නෙත් නැහැ. ඒවා ලබාදෙන්නේ අධික වේදනාවෙන් හෝ දත් කැක්කුම්, අස්ථි බිඳීම්, පිළිකා සඳහා ප්‍රතිකාර ගන්නා අයට විතරයි.  


GalleryGalleryGallery