ත්‍රස්තවාදය වැළක්වීමේ මුල් පනතෙන් සංශෝධනය වූ විධි විධාන.

Sri Lanka Police Parliament of Sri Lanka Sri Lanka Politician Government Of Sri Lanka
By Wayomi Sep 27, 2022 10:07 AM GMT
Wayomi

Wayomi

in රචනා
Report

ශ්‍රී ලංකාව තුළ 1979 දී සම්මත කරන ලද ත්‍රස්තවාදය වැළක්වීමේ පනත හඳුන්වාදෙනු ලැබුවා. එය ශ්‍රී ලංකාවේ ත්‍රස්තවාදය සහ ත්‍රස්තවාදය තර්ජන මැඬලීම සඳහා හඳුන්වාදෙන ලද විශේෂ නීතික්. ඒ කාලයේ හැටියට ඒක තාවකාලික පනතක්. නමුත් මේ වන විට එයට මානව හිමිකම් ක්‍රියාකාරීන්ගේ, විදේශීය රජයන්ගෙන් සහ ජාත්‍යන්තර සංවිධානවල විවිධ විවේචන වලට ලක්ව තිබෙනවා. ඉතින් අද මේ කතා කරන්නේ ඒ ගැනයි.

ත්‍රස්තවාදය වැළක්වීමේ පනතට විරුද්ධත්වයන් සහ විවේචන එල්ල වන්නේ ඇයි?

〽️ ජාත්‍යන්තර මානව හිමිකම් ප්‍රමිතීන්ට අනුකූල නොවීම. ඔවුන්ට අනුව නම්, එම පනතෙහි දැක්වෙන අන්දමට වාර්ගික ජාතික අසමගිය හෝ අයහපත් හැඟීම් ඇති කිරීමේ ක්‍රියාව හෝ චේතනාව වරදකි.

〽️ කෙනෙකුගේ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහසට, කැමති මතයක් දැරීමේ නිදහසට, සංවිධානය වීමේ නිදහසට සහ ආගම් ඇදහීමේ හෝ විශ්වාස කිරීමේ නිදහසට අහිතකර ලෙස බලපෑ හැකි විධි විධාන එම පනතේ අඩංගු වීම.

〽️ පනත මගින් අත්තනෝමතික ලෙස අත්අඩංගුවට ගැනීම සහ සියල්ල කිරීම තහනම් නොකෙරේ.

〽️ වධහිංසාවට හෝ බලහත්කාරයෙන් අතුරුදන් කිරීම් වලට එරෙහිව නිසි ආරක්ෂාවක් පනත මගින් ලබා නොදීම.

〽️ නිසි ක්‍රියාපටිපාටි සම්බන්ධයෙන් පනතේ ප්‍රමාණවත් සහතික කිරීමක් නැත.  


කෙසේ නමුත් ත්‍රස්තවාදය වැළැක්වීමේ, (තාවකාලික විධිවිධාන) පනත් කෙටුම්පත පසුගිය මාර්තු මාසයේ පාර්ලිමේන්තුවේදී සම්මත කරනු ලැබුවා.මෙම සංශෝධන ඉදිරිපත් කරනු ලැබුවේ දැඩි විවේචන ලක්වූ මුල් පනතේ විධිවිධාන සංශෝධනය කිරීම සඳහායි.

එමගින් සංශෝධනය කළ කරුණු

🔰 අධිකරණයට ඉදිරිපත් නොකර සැකකරුවන් රඳවා ගැනීමේ කාර්යය මාස 18 සිට 12 දක්වා අඩු කිරීම.

🔰 රඳවාගෙන සිටින පුද්ගලයන් සම්බන්ධයෙන් අධිකරණ අධීක්ෂණය හඳුන්වාදීම.

🔰 රැඳවියන්ට දැන් නීතිමය නියෝජනය ලබා ගැනීමේ හැකියාව තිබෙන අතර ඥාතීන් සමඟ සන්නිවේදනය කළ හැකියි .

🔰 පනත යටතේ රඳවාගෙන සිටින ඕනෑම පුද්ගලයෙකු වද හිධහිංසනයට හෝ අපයෝජනයට ලක්වී නොමැති බව සහතික කිරීම සඳහා එම පුද්ගලයා අධිකරණ වෛද්‍ය නිලධාරියෙකු ඉදිරිපත් කරනු ලැබේ.

🔰 පනත යටතේ රඳවා තබා ගෙන සිටින පුද්ගලයන්ට එරෙහිව මාස 12ක් ඇතුලත නඩු විභාගයක් ආරම්භ කර නොමැති නම් එම රැඳවියන්ට ඇප ලබා ගැනීමට හිමිකම් ලැබේ.

🔰 පෙර පැවති පනතට අනුව ඇතැම් ප්‍රකාශන සඳහා රජයේ අනුමැති අවශ්‍ය විය. නමුත් මාධ්‍ය නිදහස් උල්ලංඝනය කරන සහ වාරණයට හේතුවන මෙම වගන්තිය සංශෝධනය මඟින් ඉවත් කරන තිබෙනවා. 


ලෝකයේ කොහේ සිටියත් වැදගත් දේ ගැන විස්තර සවිස්තරාත්මකව දැන ගන්න එක් වෙන්න පුවත් WhatsApp සමඟ

JOIN NOW