දරු ප්‍රසුතිය සඳහා ඔබේ සිරුර සූදානම් වෙන්නේ මෙහෙමයි.

Pregnancy
By Wayomi Oct 18, 2022 10:49 AM GMT
Wayomi

Wayomi

in රචනා
Report

දරු ප්‍රසූතිය කියන්නේ කාන්තාවකට අභියෝගාත්මක අවස්ථාවක්. කාන්තාවන්ගේ ශරීරය සැලසුම් කර ඇත්තේ දරු ප්‍රසූතිය සඳහාමයි. ඔබ දන්නවද? ගැහැණු දරුවෙක්මවගේ කුස තුළ සිටියදීම තමා ඩිම්බ කෝෂ වල ඩිම්බ සකස් වන්නේත්. ඉතින් මව් කුස තුළ සිටිම මල්වරවීම දක්වා ටිකෙන් ටික ඇයගේ සිරුර විසින් දරු ප්‍රසූතිය සඳහා ඇයව සූදානම් කරවනවා.

දරු ප්‍රසූතියට පෙර සිටම ඒ කියන්නේ ගැබ් ගත් ඉඳලම කාන්තාවන් විවිධ සංකූලතා වලටද ලක්වෙනවා. ඒ විදිහට දරු උපතකට පෙර , දරු උපත අතරතුර හා දරු උපතට පසු කාන්තාවකගේ සිරුරේ ශ්‍රෝණිය, හෝමෝන, ප්‍රබල මාංශ පේශි සහ තවත් බොහෝ දේ විවිධ වෙනස් කම් වලට මුහුණ දෙනවා. ඉතින් මේ කියන්න යන්නෙත් දරු ප්‍රසූතියේදී ඔබේ ශරීරය වෙනස් වෙන්නේ මොන විදිහටද කියලා.

දරු ප්‍රසුතිය සඳහා සිරුර සුදානම් වීම


1. බ්‍රැක්ස්ටන් හික්ස් සංකෝචන

🤰 සැබෑ ප්‍රසුතියට දින හෝ සති කිහිපයකට පෙර ඔබ සංකෝචන කිහිපයක් අත්විදින්න පුළුවන්.

🤰 මේවා බ්‍රැක්ස්ටන් හික්ස් සංකෝචන ලෙස හඳුන්වනු ලබනවා.

🤰 මෙහිදි ඔබේ ගර්භාෂය තද වීම් හා ලිහිල්වීම් ඇතිවෙන අතර සාමාන්‍යයෙන් මේවා හානිකර නැහැ.

🤰මේ මගින් ඔබේ ගර්භාෂය හා ගැබ්ගෙල දරු ප්‍රසූතියට සූදානම් වීමක් වෙනවා.

🤰 ඔබේ ප්‍රසුතිය වීමට නියමිත දිනය ලං වන විට මෙම බ්‍රැක්ස්ටන් හික්ස් හැකිලීම් වඩාත් විධිමත් වෙනවා.

🤰 නමුත් ප්‍රසව සංකෝචන මෙන් ඒවා ගැබ්ගෙලෙහි හැඩය වෙනස් කරන්නේ නැහැ. එය ව්‍යාජ ප්‍රසුතිය ලෙසද හදුන්වනු ලබනවා.

🤰 ඔබේ වෛද්‍යවරයාට හෝ මිඩ් වයිෆ් මිස්ට ඔබේ යෝනී පරීක්ෂණයක් (පිවී කිරීමෙන්)ගැබ්ගෙල නිරීක්ෂණය කර මෙය බ්‍රැක්ස්ටන් හික්ස් සංකෝචනයද නැතිනම් සැබෑ ප්‍රසුතියද යන්න හදුනාගන්න පුළුවන්.


2. ගැබ්ගෙලෙහි ඇතිවෙන වෙනස්කම්

🤰 දරුවාට යෝනි මාර්ගයට ඇතුළු වීමට ඉඩ සැලසීමට පුළුල් වීම සඳහ දරු ප්‍රසූතිය ළං වන විට, ඔබේ ගැබ් ගෙල මෘදු වී සිහින් වෙනවා.

🤰 මෙහිද සමහර විට රෝස පාට ස්‍රාවයක් ඔබේ යෝනී මාර්ගයෙන් පිටවෙන්න පුළුවන්.


3. ඇතුල්වීම

🤰 ප්‍රසුතිය සඳහා දරුවාගේ හිස ඔබේ ශ්‍රෝණිය පහළට ගමන් කරනු ලබනවා.

🤰 මෙහිදි කාන්තාවන්ට ආශ්වාසය පහසුවෙන අතර එය සැහැල්ලු වීම නමින්ද හැදින්වෙනවා.


4. වතුර බෑගය බිදි යාම

🤰 සමහර කාන්තාවන්ගේ දරු ප්‍රසූතියට පෙර මෙම වතුර බෑගය බිදි යන අතර සංකෝචනය ආරම්භ වීම සමගම එහි ඇති ඇම්නියොටික් තරලය යෝනි මාර්ගයෙන් පිටවීමට පටන් ගන්නවා.

🤰 එම තරලය සාමාන්‍යයෙන් ලා කහ පැහැයක් ගන්නා අතර එය කොළ හෝ රතු පැහැයක් ගනී නම් වහාම වෛද්‍යවරයාට දන්වන්න.

🤰 එය දරුවා අනතුරුදායක තත්වයක ඉන්න බවට සලකුණක් වෙන්න පුළුවන්.

🤰 ඔබේ වතුර බෑගය බිදි පැය 24 ක් ඇතුලත් සංකෝචන ආරම්භ නොවුයේ නම් ඔබට කෘතිම ප්‍රසුතිය(සීසර්) සඳහා උත්තේජය කරන්න අවශ්‍ය වෙන්න පුළුවන්.

🤰 මෙහිදි වෛද්‍යවරයා විසින් අදාල තත්වය ගැන ඔබව දැනුවත් කරනු ලබනවා.


ප්‍රසුතිය ආරම්භ වි ඇති බව හඟවන ලක්ෂණ

📍 ඔබට මහන්සියක් ඇතිවීම.

📍 කොන්දේ වේදනාවක් හෝ ඔසප් වේදනාව වැනි වේදනාවක් හෝ පාචනය වැනි උදරාබාධ වැනි වේදනාවක් දැනීම.

📍 සංකෝචන සමග ප්‍රසුතිය ආරම්භ වීමත් සමග ඔබේ ගැබ් ගෙල විවෘතවීම ආරම්භ වෙනවා.

📍 එවැනි අවස්ථාවක මිඩ්වයිෆ් මිස්ව දැනුවත් කර ළඟම රෝහලට ඇතුළත් වෙන්න.  


ලෝකයේ කොහේ සිටියත් වැදගත් දේ ගැන විස්තර සවිස්තරාත්මකව දැන ගන්න එක් වෙන්න පුවත් WhatsApp සමඟ 

JOIN NOW