ඉන්ධන තොගයකට සිදු වූ දේ..

Sri Lanka Police Sri Lanka
By krishani Jul 03, 2022 09:38 AM GMT
Report

නීතීවිරෝධී ලෙස ඉන්ධන ගබඩා කරගෙන සිටි පුද්ගලයෙකු කිළිනොච්චිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරු සතුව තිබී ඩීසල් ලීටර් 800ක් සහ භූමිතෙල් ලීටර් 950ක් පොලීසිය භාරයට ගෙන ඇති අතර අත්අඩංගුවට ගෙන ඇත්තේ 52 හැවිරිදි කිළිනොච්චිය කරඩිබෝක්කුව ප්‍රදේශයේ පදිංචිව සිටි අයෙක් ය.

සැකකරුට ලබන 14 වන දින කිළිනොච්චිය මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් වන ලෙස දන්වා පොලිස් ඇප මත මුදාහැර ඇත.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join