පියුමි හංසමාලි සහ ජැක්සන් ඇන්තනී එකට එක්ව කරන්න ගිය දෙයක් ගැන දුක්බර කතාවක් එළියට..පියුමි සියල්ල හෙළිකරයි.(PHOTOS)

Cinema Lead Piumi Hansamali Jackson Anthony SL Actress Gossips
By Aruna Feb 27, 2024 08:08 AM GMT
Report

පියුමි හංසමාලි කියන නම නිරූපණය, රූපලාවණ්‍ය, ව්‍යාපාර කියන ක්ෂේත්‍ර ඔස්සේ වර්තමානයේ අපේ රටේ ජනප්‍රිය චරිතයක් බවට පත්ව තිබෙනවා.

ඒ වගේම කලකට ඉහත ගීත රූප රචනාවලට එහෙමත් රංගනයෙන් දායක වුණු දක්ෂ තාරකාවක් ද වනවා.

ඔබට මතක ඇති මීට වසර කිහිපයකට ඉහත පියුමි හංසමාලි ප්‍රවීණ රංගන ශිල්පි ජැක්සන් ඇන්තනී මහතා සමඟ ඉන්දීය සිනමාවේ ප්‍රධාන චරිතයක් සඳහා එක් වන බවට පුවතක් ගැන සමාජ මාධ්‍ය තුළ ප්‍රබලව කතාබහට ලක් වුණා.

ඒ විතරක් නෙවෙයි එහි සේයා රූ එහෙමත් සමාජ මාධ්‍ය තුළ අතිශය කතාබහට ලක්වෙන්නට ගත්තේ හැම රසිකයෙක් තුළම නව බලාපොරොත්තු දල්වමින්.

නමුත් ඒ සිනමා සිත්තම ගැන ආයෙම අහන්න දකින්න ලැබුණෙ නෑ.

සියල්ල අවසානයේ අවාසනාවන්ත අන්දමින් මෙරට කලාවට දැවැන්ත හිස්තැනක් ශේෂ කරමින ජැක්සන් ඇන්තනී නම් මහා රංගවේදියා ද දැයෙන් සමු ගත්තේ ඒ සියලු බලාපොරොත්තු දියෙහි ඇදි ඉරක් මෙන් මැකී යමින්.

එතකොට ඔහු පියුමි එක්ක රඟපෑ චිත්‍රපටයට මොකද වුණේ ? ඒකට මොකද වෙන්නෙ ?? කාටත් ඒක ප්‍රශ්නයක් ප්‍රශ්නයක් බවට පත් විය.

ගෙවුණු දවසක ජනප්‍රිය යූටියුබ් නාලිකාවක් හා එක්වෙමින් පියුමි හංසමාලි මේ ගැන මෙලෙස කතා කරලා තිබුණා.

''ඒක ජැක්සන් ඇන්තනී මහත්මයා හොස්පිට්ල් ඉන්න කාලෙදි, එයා ඒ හිටිය අවුරුද්දෙ අන්තිම අපිට එහෙන් කිව්වා ශූටින්වලට ලෑස්ති වෙන්න කියලා.

හරිම සතුටින් ලෑස්ති වුණා. මොකද මම ගොඩක් රඟපාලා නැති කෙනෙක්.

ඉතින් ඇත්තටම ජැක්සන් ඇන්තනී මහත්මයා හරිම ආසාවෙන් හිටියා මේ ෆිල්ම් එක ලංකාවෙදි රිලීස් වෙනකන්. මොකද මම රඟපාන්නත් ඇත්තටම දන්නෙ නෑ.

එයා මට මාර විදියට ඒ දේවල් කියලා දුන්නා. අඬන සීන් එහෙම ගත්තා.. මං හිතන්නෙ 2016 විතර.

මං හිතන්නෙ දැන් ඒක කෙරෙන්නෙ නෑ එතුමන් නැති නිසා. ඉතින් අපි බලමු...

අපි ප්ලෑන් කරලා තියෙනවා ඒ චිත්‍රපටයෙ ඉතුරු කොටස් ටික අරගෙන, මං අද මාධවීටත් කිව්වා අපි එහෙට කතා කරලා බලලා අපි අකිලව දාලා ඒක කරමු කියලා.

මොකද මට හරි ආසයි. මගෙ මහත්තයා කැමති නෑ මම රඟපානවට, මියුසික් වීඩියෝ කරනවට, ටීවි කමර්ෂල් කරනවට.

මොකද එයාට ඕනි මම බිස්නස් වුමන් කෙනෙක් විදියට ඉන්න. නමුත් මට ආසයි එක නිර්මාණයක් කරන්න.

දැන් මම වයසට යනවා... දැනටත් 31ක් 32ක් විතර වෙනවා. එතකොට මට ෆිල්ම් එකක් කියලා කාට හරි පෙන්නන්න...

මගෙ යාළුවෙක්ට මම ෆිල්ම් එකක් කරා කියලා හරි පෙන්නන්න එහෙම ආසාවක් තියෙනවා. එහෙම නැතුව හිතන්නෙ නෑ මම රඟපායි කියලා...

'' වාර්තා වුණු හැටියට පියුමි හංසමාලි එලෙස රංගනයේ යෙදෙන්න තේරී පත්වුණේ ඉන්දීය චිත්‍රපට අධ්‍යක්ෂ අනිල් කුමාර්ගේ ''ලක්නව්'' සඳහා.

එවකට චිත්‍රපටයේ වැඩ කටයුතු වෙනුවෙන් ජැක්සන් ඇන්තනී සහ පියුමි හංසමාලි ඉන්දීය සංචාරයක ද නිරත වූ බවට තොරතුරු වාර්තා වුණා.

චිත්‍රපටය දමිළ සහ මලයාලම් ද්විත්වයෙන් තිරගත කෙරෙන බවයි සඳහන් වූයේ.

පියුමි තමාට ලැබුණු වටිනා අවස්ථාව ගැන අදහස් දක්වමින් සඳහන් කර සිටියේ, ලාංකීය සිනමාවේ දැවැන්ත චරිතයක් සමඟ මෙලෙස තමාට රංගනයේ යෙදීමට ලැබුණු ආරාධනය ගෞරවයක් වන බවයි.

මේ ඇය එකල සමාජ මාධ්‍යයට එක් කර තිබූ සටහනක්....

"ලක්නව්" චිත්‍රපටයේ වීරවරිය වීමට ලැබීම මට මහත් භාග්‍යයක් සහ ගෞරවයක්.

කලක් ඉන්දියානු සිනමාවේ කොටසක් වීම සිහිනයක් වූවා. අද එය සැබෑ වී ඇත.

ඒ වගේම මේ චිත්‍රපටයේ, රංගන ශිල්පි ජැක්සන් ඇන්තනී සමඟ රඟපාන්න ලැබීම ගැන මට ලොකු ගෞරවයක් දැනෙනවා...''

GalleryGalleryGalleryGalleryGalleryGalleryGallery