ඉදිරි සතිය තුළ දිවයින පුරා පිහිටි සියලු ඔසුසැල් වැසී යාමේ යාමේ අවදානමක්

Sri Lanka Economic Crisis Sri Lanka Sri Lanka Fuel Crisis
By Sewvandhi Jul 03, 2022 03:12 PM GMT
Sewvandhi

Sewvandhi

in ඖෂධ
Report

ඖෂධ ප්‍රවාහන ලොරි රථ සඳහා ඉන්ධන නිකුත් නොකරන්නේනම් ඉදිරි සතිය තුළ දිවයින පුරා පිහිටි ඔසුසැල් වැසියාමේ අවදානමක් මතුව ඇතැයි සමස්ත ලංකා පෞද්ගලික ඖෂධශාලා හිමියන්ගේ සංගමය පවසයි.

සමස්ත ලංකා පෞද්ගලික ඖෂධශාලා හිමියන්ගේ සංගමයේ, සභාපති, චන්දික ගන්කන්ද මහතා,

"ඖෂධ ටික ෆාමසිවලට ගෙන්ව ගන්නවත් ඉන්ධන අපට ලැබෙන්නේ නෑ. ඖෂධ ශාලාවල ඖෂධ තියෙන්නේ සතියකට ආසන්න කාලයක් පමණයි. තව නොබෝ දිනකින් ඉබේම ෆාමසි වැහෙනවා. කතා දෙකක් නෑ. මොකද ෆාමසිවල බෙහෙත් නෑ ඇත්තම කතාව ඒකයි"

මේ අතර, ජලසම්පාදන හා ජලාපවාහන සේවක සංගමය අද ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් ප්‍රකාශ කළේ සිය සේවකයින්ට ඉන්ධන ලබානොදෙන්නේනම් ජල සැපයුම අඩාල වීමේ අවදානමක් පවතින බවය.

ඉන්ධන හිඟය අවමංගල්‍ය කටයුතු සිදුකරන මල්ශාලා කර්මාන්තයටත් බලපෑම් එල්ල කර තිබේ. මේ අතර මෙරටට විදේශ විනිමය රැගෙන එන සංචාරක ක්ෂේත්‍රයටත් ඉන්ධන හිඟයෙන් දැඩි බලපෑම් එල්ල වී තිබේ.

දෙස් විදෙස් සංචාරකයින් නොපැමිණීම නිසා පොළොන්නරුව දිස්ත්‍රික්කයේ නවාතැන් සපයන හෝටල්වල අද දක්නට ලැබෙන්නේ පාළු ස්වභාවයක්. එමෙන්ම බෙන්තර ගඟ ආශ්‍රිතව විදේශිකයින්ට ජල ක්‍රීඩා සඳහා භාවිත කරන යාත්‍රාවලටත් ඉන්ධන නොමැතිවීම නිසා එහි පැමිණි විදේශිකයින් හා එහි හිමිකරුවන් අපහසුතාවයට පත්ව සිටී.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now