කේන්තිය පිට කරන්නේ නැති අයට සිදු වන දේ.
ගොඩක් අය කේන්ති ගියාම කරන්නේ ළඟ ඉන්න කෙනෙක්ට බනිනවා, එහෙම නැත්නම් ළඟ තියෙන බඩු පොළොවේ ගහනවා.ඒත් සමහරු ඉන්නවා කේන්ති ගියාට මීක් නෑ. එයාලා කේන්තිය පිට කරන්නේ නැහැ.ඉවසීම ප්‍රගුණ කළ අයෙකුට නම් ඒක මහලොකු දෙයක් නෙවෙයි. හැබැයි හැමෝටම ඉවසන්න බැහැ. ඔබත් සාමාන්‍යයෙන් කේන්ති ගියාම ඒක පිටකරන්නේ නැති කෙනෙක් නම් ඔබට එය මානසිකව වගේම කායිකවත් විවිධ අතුරු ආබාධ වලට ගොදුරු වෙන්න පුළුවන්. ඒ නිසා මෙන්න මේ කරුණු ටික ගැන අවබෝධයෙන් කටයුතු කරන්න වග බලාගන්න.
සෞඛ්‍යට බලපෑම් කරයි
? සමහර වෙලාවට සිතුවිලි, හැඟීම්, ආවේග පාලනය කරන්න අමාරුයි.
? මේ දේවල් පාලනය කරගන්න බැරි නිසා සමහර වෙලාවට අපේ තියෙන සම්බන්දතා බිඳ වැටෙනවා.ඒ නිසා ගොඩක් වෙලාවට අපි කරන්නේ පාලනය කරගන්න බැරි වුණත් ඒවා නිශ්ශබ්දව සන්සුන්ව සිටීම.
? හැබැයි සමහර අවස්ථා වලදී නිශ්ශබ්දව ඉන්නේ නැතුව කේන්තිය පිට කරන එක හොඳයි.
? මොකද කේන්තිය හිතේ හිරකරගෙන සිටීමෙන් ඔබට මානසික ආතතියට ලක් වීම, අධික තරබාරුවට පත් වීම,මළබද්ධය, කොලෙස්ටරෝල් මට්ටම වැඩි වීම, අධි රුධිර පීඩනය වැඩි වීම, හිසරදය, උදර වේදනාව වැනි ආහාර දිරවීමේ ගැටළු, නින්ද නොයාම, කාංසාව වැඩි වීම, මානසික අවපීඩනය, දද වැනි සමේ ගැටළු, හෘදයාබාධ, ආඝාතය වැනි සෞඛ්‍ය ගැටළු ඇති වීමේ අවදානමක් පවතිනවා.
වැඩියෙන් කෑගහන්න
? සමහරු උස් හඬින් කතා කර සිය හැඟීම් ප්‍රකාශ කරනවා.පර්යේෂකයන් පෙන්වා දෙන්නේ, නිශ්ශබ්දව ඉන්නේ නැතුව වැඩි වාර ගණනක් තම හැඟීම් ප්‍රකාශ කරන අය යහපත් සෞඛ්‍යකින් යුතු බවයි. මානසික පීඩනයෙන් මිදීම නිසා ඔවුන් අනෙක් අයට වඩා යහපත් මානසික මට්ටමකින්ද යුක්තයි.
? හැඟීම් දැනීම සිරකරගෙන ඉන්න එකෙන් වෙන්නේ ඔබේ ආයු කාලය අඩු වෙන එක .ඒ වගේම රුධිර පීඩනය වැඩි වීමත් රුධිරයේ ග්ලූකෝස් මට්ටම ඉහළ යාමත් නිසා තවත් විවිධ සෞඛ්‍ය ගැටළු වුණත් මතු වෙන්න පුළුවන්.
ලෝකයේ කොහේ සිටියත් වැදගත් දේ ගැන විස්තර සවිස්තරාත්මකව දැන ගන්න එක් වෙන්න පුවත් WhatsApp සමඟ |