සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ සමත්, අසමත් සියලු දරුවන් වෙනුවෙන් අලුත් වැඩපිළි වෙළක්...(UPDATE/PHOTOS)

Parliament of Sri Lanka Sri Lanka Parliament Mahinda Yapa Abeywardena
By Aruna Feb 07, 2024 04:37 AM GMT
Report

Update 

උසස් පෙළ සමත් වෙන සෑම දරුවකුටම තෘතීය අධ්‍යාපනය ලබා දිය හැකි වන පරිදි නව විද්‍යා හා තාක්ෂණ විද්‍යාල මෙන්ම සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ සමත් නොවන සෑම දරුවකුටම වෘත්තීය අධ්‍යාපනය ලබා ගැනීමේ අවස්ථාව සලසමින් ඒ සඳහා වෘත්තීය විද්‍යාල බිහි කරන බව ජනාධිපතිවරයා පැවසීය.

තවද ජනාධිපතිවරයා කියා සිටියේ, ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිසම යටතේ පවරා ගත් ඉඩම් අක්කර ලක්ෂ ගණනාවකින් උපරිම ඵලදායීතාව ලබා ගැනීම සඳහා වැඩපිළිවෙළක් සකස් කර ඇති අතර එමඟින් නාස්තියට යමින් තිබෙන ඉඩම් විදේශ විනිමය උල්පත් බවට පත් කර ගෙන ආර්ථික සංවර්ධනයට ශක්තියක් කර ගන්නා බවයි.

මහා පරිමාණයෙන් විදේශ ආයෝජකයන් ආකර්ෂණය කර ගැනීමේ වැඩ සැලැස්ම සකස් කර අවසන් බවත් එමඟින් සරල ක්‍රියාවලියක් ඔස්සේ ආයෝජන අවස්ථා සැළසෙන අතර දූෂණ වංචා සඳහා වන අවකාශ ඇහිරෙන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පෙන්වා දුන්නේය.

ජාත්‍යන්තර ප්‍රමිතීන් පදනම් කර ගනිමින් වර්තමාන අවශ්‍යතාවන්ට ගැළපෙන ආර්ථික කොමිසමක් පිහිටු වීමට අවශ්‍ය කටයුතු සකස් කර අවසන් බවත් මෙම කොමිසම හරහා පුළුල් පරාසයක ක්‍රියාත්මක වන ආයෝජන නීති සහ වැඩසටහන් ක්‍රියාවට නංවන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසූ අතර, සීග්‍ර ආර්ථික වර්ධනයක් මෙන්ම දිළිඳු සහ අවදානම් කොටස් ආරක්ෂා කර ගත හැකි පරිදි අධ්‍යාපන හා සෞඛ්‍ය සේවා ක්ෂේත්‍රයන්හි ගැඹුරු නවීකරණ වැඩපිළිවෙළක් ක්‍රියාවට නඟන බව ජනාධිපතිවරයා අවධාරණය කළේ ය.

මේ අනුව අද පාර්ලිමේන්තුවට අදාලව විශේෂ ඡායාරූප පෙළක් පහතින් දැක්වේ,?

...........................................

රටේ කෘෂි කර්මාන්තයට අලුත් බලාපොරොත්තුවක්..

මේ වන විට ක්‍රියාත්මක දූෂණ විරෝධී පනත වැනි පනත් ක්‍රියාවට නැංවීමේදී කිසිවිටෙකත් දේශපාලන හෝ වෙනත් බලපෑම් සිදු නොකරන බව රට ඉදිරියේ තහවුරුව ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

තවද වියළි කලාපයේ කෘෂි ඉඩම්වල ඵලදායීතාව ඉදිරි කන්න තුන හතර තුළ දෙගුණ තෙගුණ කිරීම සඳහා මේ මාසයේ සිට දිස්ත්‍රික්කයකින් එක් ප්‍රාදේශීය ලේකම් කාර්යාලය බැගින් තෝරා ගෙන විශේෂ වැඩපිළිවෙළක් ආරම්භ කරන බවත් එමඟින් වියළි කලාපයේ කෘෂි බෝග ඵලදායීතාව වැඩි කර ගැනීමත් සමඟ තෙත් කලාපයේ ඉඩම් වෙනත් වාණිජ වගාවන්ට යොදා ගැනීමට අවස්ථාව ලැබෙන බවත් ජනාධිපතිවරයා පැවසීය .

....................................

ලංකාවේ නව බදු ක්‍රමය ගැන ජනපතිගෙන් විශේෂ ප්‍රකාශයක්..(Update) 

2022 වසරේ 437,547ක් වූ බදු සඳහා ලියාපදිංචි වූවන් සංඛ්‍යාව 2023 අවසානය වන විට 130% ක වැඩිවීමක් පෙන්නුම් කරමින් 1,000,029ක් දක්වා ඉහළ නැංවූ බවයි, ජනාධිපතිවරයා අවධාරණය කළේ.

ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කරමින් ඉදිරියට යනවිට ආර්ථිකය තව දුරටත් ස්ථාවර වීමේදී බදු බර අඩු කරන බවත් ඒ සමඟම වැට් බදු ප්‍රතිශතයද සංශෝධනය කිරීමට අවකාශ සැලසෙන බවත් ජනපතිවරයා සඳහන් කළේය .

මේ වසරේ මුල් මාස හය තුළ ණය ප්‍රතිව්‍යුහගතකරණ සැලැස්ම ක්‍රියාත්මක කරලීමට අපේක්ෂා කරන අතර එය මෙරට ආර්ථිකය සාමාන්‍ය තත්ත්වයට ගෙන ඒමේ මූලික පදනම මෙන්ම ණය පීඩනයෙන් මිදීමේ මාර්ගයේ සංධිස්ථානයක් බවට පත්වනු ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

මේ වසරේදී 2% - 3%ක ධන ආර්ථික වර්ධනයක් අත්පත් කර ගැනීමට හැකි බව අයි. එම්.එෆ් , ලෝක බැංකුව මෙන්ම ආසියානු සංවර්ධන බැංකුව පුරෝකථනය කර ඇති බවත් 2025 වසරේදී එය 5%ක් දක්වා ඉහළ නංවා ගැනීමට ක්‍රියා කරන බවත් ජනාධිපතිවරයා අවධාරණය කළා.

.........................

රටේ ආර්ථිකයට නව ප්‍රබෝධයක්..

ශ්‍රී ලංකා ආර්ථිකය කෙටි කලකදී ප්‍රකෘති කිරීම ලෝක වාර්තාවක් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

"දිගුකාලීන වේදනා හා දුෂ්කරතාවයකින් තොරව අප රටේ ආර්ථිකය ප්‍රතිසාධනය කර කරගන්න හැකි වුණා.

ග්‍රීසියට දිගු කලක් වේදනා විඳින්නට සිදුවුණා.ඔවුන්ට ආර්ථිකය ප්‍රකෘතිමත් කරගන්නට වසර දහයක් ගත වුණා.

අපට කෙටි කලකදී සුවිශේෂ ජයග්‍රහණ ලබා ගන්නට හැකිවීම ලෝක වාර්තාවක්. එය අහම්බ සිද්ධියක් නොවේ.

ඉතා පරිස්සමෙන් සැකසූ සියුම් ආර්ථික ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කිරීමෙන් ඒ තත්ත්වය උදාකර ගත්තා.

අපට අවාසි උනත් රටට හිතකර තීන්දු ගැනීමට අප පසුබට වුණේ නැහැ.පෞද්ගලික අභිලාස පසෙකලා රට වෙනුවෙන් තීරණ ගත්තා."

........................

ජනපති අද පාර්ලිමේන්තුවේ විශේෂ ප්‍රකාශයක් සිදුකරයි..සජීවී විකාශනය මෙතනින් නරඹන්න(LIVE)

නවවැනි පාර්ලිමේන්තුවේ පස්වැනි සභාවාරය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් උත්සවාකාරයෙන් මේ වන විට ආරම්භ වී තිබෙනවා .

පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව පැවසුවේ, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද පෙරවරු 10.30 ට පාර්ලිමේන්තුවේදී ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කිරීමට නියමිත බවයි.

ඒ, සභාවාරය උත්සවාකාරයෙන් විවෘත කිරීමෙන් අනතුරුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 33 වන ව්‍යවස්ථාව ප්‍රකාරව ලැබී ඇති බලතල අනුවයි.

මේ අනුව අද පාර්ලිමේන්තුවේ සජීවී විකාශනය පහතින් නරඹන්න,


කෙසේවෙතත් ත්‍රිවිධ හමුදා උත්තමාචාර, ආචාර වෙඩි මුර සහ රථ පෙළපාලි මෙවර නොපැවැත්වෙන වීම ද විශේෂත්වයකි.

අද පෙරවරු 09.45 වන විට ආරාධිත අමුත්තන් අසුන් ගනු ලැබේ.

කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා සහ ඔහුගේ බිරිඳ පැමිණීමෙන් පසු, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ පැමිණීම සිදු විය.

ඉන් අනතුරුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහගේ පැමිණීම සිදුවනවා.

එහිදී කථානායකවරයා සහ පාර්ලිමේන්තුවේ මහ ලේකම් කුෂානි රෝහණදීර විසින් පාර්ලිමේන්තු ගොඩනැගිල්ලේ ප්‍රධාන පියගැට පෙළ අසලදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පිළිගැනීම සිදු කරයි.

ඉන් අනතුරුව වේත්‍රධාරි සහ නියෝජ්‍ය වේත්‍රධාරී පෙරටු කරගත් කථානායකවරයා සහ පාර්ලිමේන්තුවේ මහලේකම්වරිය විසින් ජනාධිපතිවරයාව පාර්ලිමේන්තු මන්දිරය වෙත කැදවා ගෙන යනු ලැබේ.

ඒ අනුව පාර්ලිමේන්තු සභාවට පිවිසීමෙන් පසු සභාවේ මුලසුන දරන්නේ ජනාධිපතිවරයායි.

එම අවස්ථාවේදී කථානායකවරයා, පාර්ලිමේන්තුව කාරක සභා අවස්ථාවකදී අසුන් ගන්නා පහළ ආසනයේ ලේකම් මණ්ඩලය සමග අසුන් ගැනීමට නියමිතව ඇත.

අනතුරුව ජනාධිපතිවරයා විසින් ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කරනු ලැබීමෙන් අනතුරුව, හෙට පෙරවරු 9.30 දක්වා සභාව කල් තබනු ඇති.


GalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGallery