අත්‍යවශ්‍ය මහජන සේවාවන්ට අදාළ ජනපති නියමය, පාර්ලිමේන්තු අනුමැතියට

Parliament of Sri Lanka Gotabaya Rajapaksa Sri Lanka
By Sithumi Jul 04, 2022 10:50 AM GMT
Report

අත්‍යවශ්‍ය මහජන සේවාවන්ට අදාළ ජනාධිපතිවරයාගේ නියමය ලබන 06 වෙනිදා පාර්ලිමේන්තුවේ අනුමැතියට ඉදිරිපත් කිරීමට තීරණය කර ඇත.

පාර්ලිමේන්තු මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් මේ බව ප්‍රකාශ කර තිබේ. 1979 අංක 61 දරණ අත්‍යාවශ්‍ය මහජන සේවා පනතේ 2 වගන්තිය ප්‍රකාරව ජනාධිපතිවරයාට පැවරී ඇති බලතළ අනුව කරන ලද නියමයට අදාළ ප්‍රකාශනය ලබන 06 වෙනිදා විවාදයකින් තොරව පාර්ලිමේන්තුවේ අනුමතියට ඉදිරිපත් කරන බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

ඒ අනුව ඊයේ නිකුත්කළ මෙම ගැසට් නිවේදනය මගින් විදුලිබල සැපයීම සම්බන්ධව සියලු සේවාවන්, ඛනිජ තෙල් නිෂ්පාදනය හා ඉන්ධන සැපයීම හෝ බෙදාහැරීම සහ රෝහල්, සාත්තු නිවාස, බෙහෙත් ශාලා සහ වෙනත් සාමාන්‍ය ආයතන වල රෝගීන් නඩත්තුකිරීම ඇතුළු සෞඛ්‍ය වෘත්තීන්ට අදාළ සේවාවන් අත්‍යවශ්‍ය මහජන සේවාවන් ලෙස නම්කර ඇත.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now