මහ මැතිවරණයක් පවත්වන්න ජනපති මන්ත්‍රීවරුන්ට කළ දැනුම්දීම මෙන්න..

Election Commission of Sri Lanka Parliament of Sri Lanka Ranil Wickremesinghe Sri Lanka Politician
By Aruna Mar 17, 2024 04:54 AM GMT
Report

ජනාධිපතිවරණයකට පෙර පාර්ලිමේන්තු මැතිවරණයක් පැවැත්වීමට අවශ්‍ය නම් මන්ත්‍රීවරුන් එකසිය දහතුන් දෙනෙකුගේ අත්සන් ලේඛනයක් තමන් වෙත ඉදිරිපත් කරන්නයි ජනාධිපති රනිල් වික්‍රමසිං මහතා පවසා ඇතැයි වාර්තා වනවා.

ජනාධිපතිවරණයට පෙර මහ මැතිවරණය පැවැත්වීම සුදුසු යැයි යෝජනා කළ දේශපාලනඥයන් පිරිසක් වෙත ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කර ඇති බවයි සඳහන් වන්නේ.

කෙසේ වෙතත් පාර්ලිමේන්තු මැතිවරණයක් පැවැත්වීමට අත්සන් එක්සිය දහතුනක් රැගෙන එන ලෙස ජනාධිපතිවරයා දැනුම් දීමත් සමග එම යෝජනාව ක්‍රියාත්මක නොවන තත්ත්වයකට පත්ව ඇති බවයි දේශපාලන ආරංචි මාර්ග අනුව දැනගන්නට ඇත්තේ.