නියපොතු කහ පාට වීමෙන් පෙන්නුම් කරන වෙනත් රෝග ලක්ෂණ.

By Wayomi Oct 11, 2022 10:52 AM GMT
Wayomi

Wayomi

in රචනා
Report

නිරන්තරයෙන් රූපය ගැන වගේම සෞඛ්‍ය ගැනත් ඔබ සැලකිලිමත්. ඉතින් ඔබ දන්නවද ඔබේ නියපොතු වලින් ඔබේ සෞඛ්‍ය තත්වයන් ගැන විවිධ ඉඟි..සංඥා ලබාදෙන බව.

බොහෝ අයගේ නියපොතු ඉතා සුදු, කහ හෝ තද දුඹුරු පැහැයකට හැරී ඇති ආකාරය ඔබ දැක ඇති. ඉතින් නියපොතු වල වයනය(texture), ඝනකම හෝ වර්ණය වෙනස්වීම ඔබ නීරෝගී බව එහෙමත් නැත්නම් සෞඛ්‍ය තත්වයේ වෙනස්කම් පෙන්නුම් කරනවා. ඒ අතර ආසාදනයක්, දිලීර බැඳීමක් හෝ ආසාත්මිකතාවක් වෙනත් පුළුවන්.

නියපොතු කහවීමට බලපාන හේතු

💅 කාලයක් තිස්සේ නියපොතු කහ පාට වී තිබීම හොඳ ලක්ෂණයක් නම් නොවෙයි.

💅 නියපොතු කහවීමට ප්‍රධාන හේතුව නම් දිලීර ආසාදනය වීමයි.

💅 දිලීර වර්ධනය වැඩිවීමත් සමඟ නියපොත්ත වඩාත් ඝනකම් හා කැබලි වලට කැඩී යන්න පටන් ගනීවි.

💅 මෙවැනි ගැටලුවකදි දිලීරනාශක ක්‍රීම් භාවිතයෙන් ඊට ප්‍රතිකාර කළ හැකියි.

💅 ඇතැම් අවස්ථාවල නියපොතු කහවීම සිදුවන්නේ පෝෂණ ඌනතා නිසයි.

💅 එමෙන්ම ඉතා දුර්ලභව, නියපොතු කහවීම චර්ම පිළිකා ලක්ෂණයක් ලෙස ද හඳුනාගන්න පුළුවන්.


කහ නියපොතු සින්ඩ්‍රෝමය (yellow nail syndrome)

💅 නියපොතු කහ වීමට මෙම සින්ඩ්‍රෝම තත්වය ද හේතු විය හැකියි.

💅 මෙම රෝගයේදී නියපොතු වඩාත් ඝනකම් වන අතර වැඩීම ඉතා මන්දගාමී.

💅 මෙම රෝගය ඇති අයට ‘වසාඉදිමීම’ (lyphedema) වැනි ගැටලු ද ඇත.මේ රෝගය හේතුවෙන් පෙනහළු තුළ වතුර එකතුවීමට ලක්විය හැකියි.

💅 නිදන්ගත බ්‍රොන්කයිටිස් තත්වය හෝ සයිනසයිටීස් වැනි ශ්වසන රෝග, රූමටොයිඩ් ආතරයිටීස් හා පහළ ගාත් ඉදිමීම මෙම සින්ඩ්‍රෝමයට හේතු වෙනවා.

💅 මෙම රෝගය නිසා නියපොතු ඉතා දුර්වල වන අතර පහසුවෙන් හානිවේ. මේ රෝගය ඇතිවන්නේ ඇයි ද යන්න නිශ්චිතව හඳුනාගෙන නැති නමුත් වයස 50ට වැඩි අය අතරේ බහුලව දකින්න ලැබෙන ගැටළුවක්. නියපොතු මත කහ පුල්ලි වර්ධනය වීම

💅 මෙය proximal subungal onychomycosis නම් වෙනත් ප්‍රභේදයක දිලීර ආසාදනයකි.

💅 කකුලේ නියපොතු වල පාදමේ නියමහ ආසන්නයේ මෙසේ කහ පැල්ලම් මතුවේ.

💅 මෙම දිලීර ආසාදනයේදී කහ හෝ සුදු පැල්ලම් වර්ධනය වීම දැකිය හැකියි.

💅 දුර්වල ප්‍රතිශක්තිකරණ පද්ධතියක් ඇති අය තුළ බොහෝවිට මේ ගැටලුව ඇතිවේ.

💅 ඇතැම් විට මෙය HIV රෝග ලක්ෂණයක් විය හැකියි.


බරපතල රෝග වල සංඥා වෙන්නත් පුළුවන්.

🟣 බ්‍රොන්කියෙක්ටැසිස් (bronchiectasis)

🟣 තයොරොයිඩ් රෝගය

🟣 පෙනහළු රෝගය

🟣 ජෝන්ඩිස් (ඇස් හා සම කහවීම)

🟣 දියවැඩියාව

🟣 රක්තහීනතාව (නිරක්තිය)

🟣 සංකූල හෘද අකරණිය

🟣 සෝරයියසිස් (පොතු කබර)

🟣 මන්දපෝෂණය.

🟣 ක්ෂය රෝගය


නියපොතු යළි නීරෝගි පැහැයට හරවා ගන්නේ කොහෝ,කොහොමද?

🟣 Tea tree තෙල් හා ඔලිව් තෙල්,පොල් තෙල් හෝ ජොජෝබා තෙල් වලින් එකක් සමඟ මිශ්‍ර කර බලපෑමට ලක්වූ නියමත ගල්වන්න.

🟣 බේකිං සෝඩා මුසු කළ උණුසුම් වතුරේ නියපොතු ටික වේලාවක් පොඟවාගෙන ඉන්න.නිය පිරිසිදු කර දිලීරය පැතිරීම නතර කරයි.පසු, හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් ස්වල්පයක් ආලේප කරන්න. ඒවා මඟින් පැල්ලම් දුරුකරයි

🟣 මහදුරු තෙල් වල ක්ෂුද්‍රජීවීනාශක ගුණ ඇති අතර ඵලදායි ලෙස බැක්ටීරියා හා දිලීර නසයි. ඔරිගානෝ තෙල් ඔලිව්, පොල් තෙල් හෝ ජොජෝබා තෙල් ස්වල්පයක් සමඟ මිශ්‍ර කර නියපොතු මත ගල්වන්න.

🟣 නියපොතු මත විනාකිරි ආලේපකිරීම ද හොඳ පිළියමකි.

🟣 ආහාර වේල හරහා සිරුරට ප්‍රමාණවත් තරම් විටමින් E පෝෂණයක් ලබාගන්න.

🟣 නියපොතු වල අසාමාන්‍ය වෙනස්කම් ඇතිවීමක් දැකිය හැකි නම් වහාම වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු වන්න.  


ලෝකයේ කොහේ සිටියත් වැදගත් දේ ගැන විස්තර සවිස්තරාත්මකව දැන ගන්න එක් වෙන්න පුවත් WhatsApp සමඟ 

JOIN NOW