ලොවක් වටින සාදික්කා ගුණ කද..
ඉන්දුනිසියාවේ බන්දා දුපත් වලට සීමා වී තිබූ සාදික්කා වගාව අත්පත් කර ගැනීම සඳහා ලන්දේසීන් කල කුරිරු සටනින් අවසානයේ ඉතිරි වූයේ දූපත් වාසීන් 15000 ක් අතරින් දහසක් පමණක් බව කියවේ. ක්‍රි.ව. 6 වන සියවසේ දී පමණ ඉන්දියාවට හඳුන්වා දී ඇති සාදික්කා ශාකය ඉංග්‍රීසින් විසින් 19 වන සියවසේ දී ලංකාවේ වගා කරන ලදී. සාදික්කා එක් අතකින් අති විශේෂ කුළුබඩුවකි. එයට හේතුව නම් සාදික්කා සහ වසාවාසි යන එකිනෙකට වෙනස් කුළුබඩු වර්ග දෙකක් එකම ශාකයෙන් ලබා ගත හැකි වීමයි.
මධ්‍යකාලීන යුගයේ දී ආහාර පිසීම සඳහා මිල අධික කුළුබඩු වර්ගයක් ලෙස භාවිතා කර ඇති සාදික්කා පසු කාලීනව රසකාරකයක් මෙන්ම කල් තබා ගන්නා ද්‍රව්‍යයක් ලෙස ද භාවිතා කරනු ලබයි. කුළුබඩුවක් ලෙස පමණක් නොව විවිධ රෝග සඳහා ඖෂධයක් ලෙසත් සාදික්කා අතීතයේ සිටම භාවිතා වී ඇත. මෑත කාලීනව කල පර්යේෂණ මගින් ද එහි ඇති විවිධ ඖෂධීය ගුණ පිළිබඳ මනාව තහවුරු කර ඇත. සාදික්කා වල අඩංගු ප්‍රධාන රසායනික සංයෝගය මිරිස්ටිසින් වේ. සාදික්කා ද අධි පරිභෝජනය මාරක ප්‍රතිපල වුව අත්කර දිය හැක. තවද සාදික්කා ඖෂධ ගුණ රැසකින් යුක්ත වන අතර බොහොමයක් රෝග සමනය කිරීම සඳහා ඖෂධයක් ලෙස ද භාවිතා කරනු ලබයි.
සාදික්කා සතු ඖෂධීය ගුණ
- රුධිර පීඩනය පාලනය කරයි
- මොළයේ ක්‍රියාකාරිත්වය වැඩි කරයි
- සම පෝෂණය කරයි
- ජීර්ණය වැඩි දියුණු කරයි
- හිසකෙස් වර්ධනයට සහාය වේ
- අක්මා සෞඛ්‍යය වැඩි දියුණු කරයි
- කොලෙස්ටරෝල් මට්ටම පාලනය කරයි
- සිරුරේ බර අඩු කිරීමට උපකාරී වේ
- හානිකර බැක්ටීරියා විනාශ කරයි
- මුඛයේ දුගඳ නැති කරයි
- පිළිකා සෛල විනාශ කරයි
- විෂබීජ නාශක ගුණ ඇත
සාදික්කා ශාකයේ වාඩාත් ප්‍රයෝජනවත් කොටස සාදික්කා මදයයි.මෙම මදය ඝන කවචයකින් ආවරණයවී පවතී.කවචය රබර් බීජවලට සමානය.ඕවලාකාර හැඩයකින් යුක්තය.කවචය කලු හා දුඹුරු පැහැයට ආසන්න පැහැයකි. මදය බිත්තරයක හැඩය ගනී.සුදු පැහැතිය.මිහිරි සුවඳකින් යුක්තය. සාදික්කා ඵලයෙන් ලෙල්ල ඉවත්කර ගත්විට වසාවාසි නමින් හඳුන්වන රතුපැහැ කවච ආවරණය ඉවත් කිරීමෙන් පසු අව්වේ හෝ උදුනක දමා වියලීමෙන් පසු ගන කවචය තලා මදය ඉවත් කරගත හැකිය. මෙසේ ඉවත් කරගන්නා මදය කුළුබඩුවක් ලෙස ආහාර රසවත් කිරීමට යොදාගනී. මස් මාළු හෝ වෙනත් ව්‍යාංජන රසවත් කරගැනීමට පුඩින් වර්ග හා සෝස් වර්ග නිපදවීමටද යොදාගනී. සම්පූර්ණ මදය ලෙස හෝ මදය කුඩුකර කුඩු ලෙසද වෙළද පොලෙන් ලබාගත හැක.සාදික්කා තෙල් හා බටර් සාදාගැනීමටද මේවා යොදාගනී.
සාදික්කා කුළුබඩු වර්ගයක් ලෙස එකතු කිරීම ඔබේ සෞඛ්‍යයට බෙහෙවින් ප්‍රයෝජනවත් වනු ඇත.එය ඔබට වෑංජන වලට,රසකැවිලි වලට,ස්මූති වලට ආදී ඕනෑම ආහාරයක් රස ගැන්වීමට භාවිතා කළ හැකිය.නමුත් සාදික්කා අධික ලෙස පරිභෝජනය කිරීමෙන් ඔක්කාරය, හිසේ කැක්කුම සහ වමනය වැනි අතුරු ආබාධ ඇතිවීමේ සම්භාවිතාවක් ඇත.එසේම සාදික්කා වල අඩංගු මිරිස්ටිසින් තෙල් අධික ලෙස පානය කළ විට විෂ සහිත බලපෑම් ඇති විය හැකි බව අධ්‍යන වලින් පවා හෙළිවී තිබේ.
ලෝකයේ කොහේ සිටියත් වැදගත් දේ ගැන විස්තර සවිස්තරාත්මකව දැන ගන්න එක් වෙන්න පුවත් WhatsApp සමග |