වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍යංශයෙන් මහජනතාවට දැනුම්දීමක්

By Sithumi Jul 04, 2022 01:22 PM GMT
Report

වෙළෙඳ නාවික ලේකම් කාර්යාලය මහජන සේවාවන් සඳහා සිකුරාදා දිනවලදී විවෘත නොකිරීමට තීරණය කර තිබේ.

වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් මේ බව පවසයි. එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ රටතුළ පවතින ඉන්ධන අර්බුදය හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බවය.

ඒ අනුව එළඹෙන 08 වන සිකුරාදා දින සිට වෙළෙඳ හා නාවික ලේකම් කාර්යාලය මහජන සේවාවන් සඳහා වසා තැබෙනු ඇති.

කෙසේ වෙතත් සඳුදා, අඟහරුවාදාම බදාදා සහ බ්‍රහස්පතින්දා දිනවලදී සාමාන්‍ය පරිදි එම කාර්යාලයේ සියලු මහජන සේවාවන් ක්‍රියාත්මක බවද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වෙයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now