හිරු නොබසින "නොර්වේ" මිනිසුන් සතුටින් සිටීමට හේතු. (VIDEO)
ලෝකයේ සතුටින්ම ජිවත් වන මිනිසුන් සිටින රයවල් අතරින් එකක් තමයි නොර්වේ කියන්නේ. ඉතාමත් දුපත් රටක් බවට පත්වෙලා තිබුණේ නොර්වේ දැන් ලෝකයේ තියෙන පොහොසත්ම සහ සමෘද්ධිමත් රාජ්‍යයන් අතරින් එකක්. බුද්ධිමත් මිනිසුන් බිහිවෙනවා කියන ආසියාතික රටක් වන ශ්‍රී ලංකාවයි, සතුටින්ම ජීවත් වන මිනිසුන් ජීවත් වන නොර්වේ රාජ්‍යයයි අතර තියෙන වෙනස ටිකක් බලන්න.
🔆 නෝර්වේ රාජ්‍යය කියන්නේ ක්‍රිස්තු වර්ෂ 872 දී වයිකින්වරුන් විසින් ජනාවාස කර, ඒ ඇසුරෙන් බිහි වුණු රටක්.
🔆 නොර්වේ උතුරු යුරෝපයට අයත් රටක්.
🔆 ඒකට බටහිර ස්කැන්ඩිනේවියානු අර්ධද්වීපය, ජෑන් මහේන් සහ ආක්ටික් කොදෙවි දුපත් අයත්.
🔆 මෙහි ආර්ථික ගැටළු නොමැති නිසාත්, දේශපාලනික ගැටළු නොමැති නිසාත් නොර්වේ රාජ්‍යය වෙනත් රටවල ගැටලු වලට විසඳුම් සොයන්න මැදිහත් වෙනවා.
🔆 කිලෝමීටර් 1752 ක දිගකින් යුක්ත නෝර්වේ රාජ්‍යය යුරෝපයේ දිගම රට වෙනවා.
🔆 හැමෝම කියන්නේ ශ්‍රී ලංකාව මුතු ඇටයක් වගේ කියලනේ. ඒ වගේම තමයි මේ නොර්වේ රාජ්‍යය හරියට ශ්රක්රාණුවක හැඩය ගන්නවා කියලයි කියන්නේ.
🔆 මෙහි ශ්‍රක්‍රාණු හැඩයේ හිස කොටසේ පළල කිලෝමීටර් 431 ක විශාලත්වයකින් යුතු අතර එය ශ්‍රී ලංකාවේ දිගට සමානයි.
🔆 නෝර්වේ රාජ්‍යයේ මුළු ජනගහනය මිලියන 5 ක් පමණ වන අතර එය ශ්‍රී ලංකාවේ බස්නාහිර පළාතේ ජන ගහනයටත් වඩා අඩුයි.
🔆 මෙරටට උතුරු දිශාවෙන් දකුණු ග්‍රීන්ලන්තයත්, නැගෙනහිරින් රුසියාවත්, දකුණින් ඩෙන්මාර්කය පටු මුහුදු තීරයත් මායිම් වී තිබෙනවා.
🔆 එහි අගනුවර ඔස්ලෝ.
රටේ ආර්ථිකය වර්ධනය වූ හැටි
🔰 02 වන ලෝක යුද්ධයෙන් පසු මෙම රට ආර්ථික අතින් වර්ධනය වූ අතර, පළමු දශක දෙක තුළදී අපනයනය සහ වෙළෙඳ හා ගෘහස්ථ කර්මාන්තකරණයට යොමු වීම මෙරට ආර්ථික වර්ධනයට හේතු වුණා.
🔰 1970 තෙල් සහ ස්වභාවික වායු නිධි උතුරු මුහුදෙන් සහ නොර්වේජියානු මුහුදෙන් සොයාගත් පසු වර්තමානයේ මුල්‍ය වටිනාකමින් පොහොසත්ම රාජ්‍යය බවට නෝර්වේ රාජ්‍යය පත් වුණා.
🔰 ඔවුන්ට දිනකට තෙල් බැරල් ලක්ෂ 16ක් පමණ නිෂ්පදනය කළ හැකියි.
🔰 සාමාන්‍යයෙන් මේ වගේ තෙල් නිදියක් රටකින් හම්බුනාම වෙන්නේ..ඒ රටේ නායකයන්, පාලකයන් විසින් ඒ තෙල් සම්පත කැණීමේ අයිතිය බහු ජාතික සමාගමකට විකුණලා තම සාක්කු කොමිස් වලින් පුරවගන්න එක.
🔰 නමුත් ඒ දවස් වල නෝර්වේ රාජ්‍යය පලනය කල නායකයින් ඉතාමත් බුද්ධිමත් ලෙස කටයුතු කරලා..එය ජනසතු කරනවා.
🔰 ඊට පස්සේ සියයට සියයක්ම නෝර්වේ රාජ්‍යයට අයිති සමාගමකින් තෙල් කැණීම ආරම්භ කරනවා.
🔰 මුල් කාලේ ප්‍රාග්ධන වියදම වැඩි නිසා ලොකු ආදයමක් නෑ.. අවුරුදු 10ක විතරක් සම්පත් කැපකිරිමකින් පසු දැවැන්ත ලාභයක් රට තුළට ගලාගෙන එන්න පටන් ගන්නවා.
🔰 මෙන්න මේකේ ප්‍රතිපලයක් විදිහට 1970- 1980 දශකයේ නෝර්වේ ආර්ථිකය 500% ගුණයකින් වර්ධනය වෙනවා. ඒ, තමන්ගේ රටේ සම්පත් බහුජාතික සමාගම් වලට විකුණලා කොමිස් ගහපු නැති ඉදිරි දැක්මක් ඇති නායකයන් හිටපු නිසයි.
🔰 පසුව එහි පාලකයන් හිතනවා, කවදා හරි මේ තෙල් සම්පත ඉවර වෙලා නැවතත් දුප්පත රටක් වන නිසා..මේ තෙල් සල්ලි වලින් කොටසක් ඉතිරි කරන්න.
🔰 ඒ අනුව නෝර්වීජියානු ස්වෛරී අරමුදලේ හැම අවුරුද්දකම තෙල් නිදි වලින් උපයන සල්ලි වලින් යම් ප්‍රමාණයක් නෝර්වේ නායකයෝ තැන්පත් කරන්න පටන් ගන්නවා.
🔰 ඊට පස්සේ රටේ ඉන්න බුද්ධිමත් මූල්‍ය රක්ෂකයෝ අරමුදලේ සල්ලි ලෝකයේ හැම රටකම වගේ කොටස් වෙළෙඳපොළවල් වල, භාණ්ඩගාර බැදුම්කර වල වගේම, ඉඩම් හා දේපල වලත් ආයෝජන කළා.
🔰 මේ නිසා එරට ඉතුරුම් වල අගය දිනෙන් දින ඉහල ගියා.
🔰 අද වන විට මේ අරමුදල සතු වත්කම් වල අගය ඇමරිකානු ඩොලර් ට්රිලියන්යකට වඩා වැඩි.
🔰 මේ වත්කම් නොර්වේ සියලුම ජනතාව අතර බෙදීගොයොත්..එක පුද්ගලයෙකුට රුපියල් කෝටි 3 හමාරක මුදලක් ලැබෙනවා.
🔰 නෝර්වේ රාජ්‍යය හැදින්වෙන්නේ ලොව ආදායම් බෙදීයාමේ විෂමතාව අඩුම රට විදිහටයි. ඒ කියන්නේ ඇති නැති පරතරය අඩුම රට විදිහටයි.
🔰 එහි පෝසත්ම මිනිස්සු 20% ක් හා දුප්පත්ම මිනිස්සු 20%ක් අතර ආදායම් පරතරය 4% පමණක් වගේ තමා තියෙන්නේ. හැමෝගෙම වත්කම් බලන්න පුළුවන්.
🔰 නොර්වේ රාජ්‍යයයේ තියෙන නීතියක් තමයි හැම කෙනෙකුගේම වත්කම දැන්ගන්න පුළුවන් වීම.
🔰 ඒ අනුව තමන්ගේම කියලා account එකක් හදාගත යුතු අතර එමඟින් ඕනෑම කෙනෙකුට තවත් කෙනෙකුගේ වත්කම් බලාගැනීමේ හැකියාව ලැබෙනවා.
🔰 එමඟින් අනිසි ලෙස මුදල් ඉපැයිමත්, මූල්‍ය වංචා සිදු කිරීමත් පහසු නැහැ.
බලශක්තිය
🔰 98%ක්ම පුනර්ජනනීය ක්‍රම වලින් බලශක්තිය නිපදවනවා.
🔰 ඒ අනුව විදුලි බලාගාර, සූර්ය , සුලං හා භූ තාප විදුලි බලාගාර රැසක් ක්‍රියාත්මක වෙනවා.
🔰 ලොව වැඩිම විදුලිය වාහන තියෙන රටක් වන්නේත් නෝර්වේ රාජ්‍යයයි.
🔰 2030 වෙද්දී කාබන් වලින් තොර - රාජ්‍යයක් බවට පත් වන බවට ද ඔවුන් පොරොන්දු දීලා තියෙනවා.
🔰 ඒ අනුව මේ වන විට පොසිල ඉන්ධන වාහන ගෙන්වීමේ දැඩි සීමා ද පනවලා තියෙනවා.
පිරිසිදුම රටක්
🔰 ලොව හොඳම ප්‍රතිචක්‍රිකරණය තියෙන රටක්.
🔰 සෑම සුපිරි වෙලන්දසැලකම ප්ලාස්ටික් බෝතල් නැවත ලබාගෙන ප්‍රතිචක්‍රිකරණය කරන අතර එවැනි ප්‍රතිචක්‍රීකරණ වැඩසටහන් රැසක් එරට ක්‍රියාත්මකයි.
ප්‍රධාන ආදායම් මාර්ග
🔰 ලෝකයේ මුහුදු ආහාර සපයන රටවල් අතරද දෙවැනි තැනගනී.
🔰 අනෙකුත් කර්මාන්ත වන්නේ නැව් ගත කිරීම්,
🔰 ආහාර නිෂ්පාදනය,
🔰 නැව් කර්මාන්ත,
🔰 වානේ කර්මාන්තය,
🔰 රසායනික ද්‍රව්‍ය නිපදවීම,
🔰 පතල්,
🔰ධීවර කර්මාන්ත
🔰 කඩදාසි නිෂ්පාදනයයි
🔰 තණකොල වැවී. මොවුන් ග්‍රීස්ම සිතුවේ තණකොළ වවන අතර ඒ මාස 4 ඇතුලතම අස්වැන්න නෙලාගෙන ගොවිපළවල් වෙත බෙදාහරිනවා. එමඟින් ඔවුන්ට ලොකු අදායමක් ලබාගැනීමේ හැකියාව පවතිනවා.
සීමා මායිම්
🔰 නොර්වේ වැටකින් වසා නැති ඕනෑම තැනකට ගමන් කිරීමටත් කූඩාරම් ගැසීමටත් නීතියෙන් අවසර තියෙනවා.
🔰 කිසිම ජාතික උද්‍යානයකට ඇතුලු වන්න ගාස්තු අය කරන්නේ නැහැ.
🔰 ඒ වගේම අනවශ්‍ය ඉදිහට එරට වෙළදසැල් නැහැ. නගරයකට එකක් හෝ දෙකක් වගේ තමයි තියෙන්නේ.
🔰 එම වෙළදසැල් වලට වැඩියෙන් හෝ අඩුවෙන් කිසිම විටක භාණ්ඩ ගෙනත් තියාගන්නේ නැහැ. එම ප්‍රාන්තයේ සිටින වැසියන්ගේ ප්‍රමාණයට අවශ්‍ය වන පරිදි නියමිත ප්‍රමාණයකට පමණයි. එමෙන්ම කිසිම විටෙක භාණ්ඩ හිඟයකින් තොරව ලබාගැනීමේ හැකියාවත් තියෙනවා.
🔰 මීට අමතරව එරට රාජ්‍ය ආයතනයකින් වැඩක් කරගන්න යනවා නම්, කලින් appointment එකක් දාලා ඔවුන් ලබදෙන දිනයට යන්න ඕන. කිසිම පෝලිමක් නැහැ. අඩු කාලයකින් හරියටම වැඩේ කරලා දෙනවා. අල්ලස්, ගසාකෑම් නැහැ.
🔰 ඒ වගේම ලොව අපරාධ අඩුම සහ සමානාත්මතාව ඉහලම රටක්.
සතුටින් සිටීමට හේතු
🔰 මොවුන් සතුටින්ම සහ සමාකාමිව ඉන්න හේතු වන්නේ, ඔවුන්ට ලැබෙන පුරවැසි වරප්‍රසාද.
🔰 තෘතික මට්ටම දක්වාම අධ්‍යාපන, සෞඛ්‍ය සේවා, සම්පූර්ණයෙන් නොමිලේ ලබාදෙන අතර දෙමව්පියන්ට සති 49 ක් දක්වා පඩි සහිත නිවාඩු හිමි වෙනවා.
කාලගුණය සහ දේශගුණය
🔰 පෘථිවියේ භ්‍රමණ අක්ෂාංශ අංශක 23.5 කින් ඇල වී ඇති බව ඔබ අහලා ඇති.
🔰 මේ නිසා අංශක 90කින් එය අඩු කලාම ලැබෙන අගය හෙවත් අංශක 66.5 අක්ෂාංශයට ඉහලින් පිහිටන රටවල හිරු එලිය වැටිම සම්පූර්ණයෙන්ම නතර වෙනවා.
🔰 ඒ නිසා නොර්වේ රාජ්‍යයට අවුරුද්දේ මාස 4ක් එක දිගට ඉර පායන අතර ඉතිරි මාස ටිකම හිමෙන් වැසි යනවා.
🔰 මෙලෙස ඉර පායන කාලයේ රෑ 12 වෙනකන් හොදින් ඉර එළිය වැටෙනවා. ඉන්පසුව මඳ කළුවරක් තිබුණද 12 පසු යළි හොඳින් ඉර පායනවා.
ලෝකයේ කොහේ සිටියත් වැදගත් දේ ගැන විස්තර සවිස්තරාත්මකව දැන ගන්න එක් වෙන්න පුවත් WhatsApp සමඟJOIN NOW |