බෝඩිං කාමරයේදී දෙදරු මව ඝාතනයේ සැකකරු ගැන සොයාගත් හැටි.
සීදූව ප්‍රදේශයේ බෝඩිං කාමරයක් තුළදී දෙදරු මවක් ඝාතනය කළ සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ, ඔහු වේදනානාශකයක් අධි මාත්‍රාවන් ලබා ගැනීමෙන් ඇති වූ රෝගී තත්ත්වයක් හේතුවෙන් රෝහල්ගත කර සිටියදී.
එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ අවුරුදු 22ක් වූ මඩංවල, බලංගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
ඔහු බලංගොඩ අධිකරණයට ඉදිරිපත් කර කිරීමෙන් අනතුරුව බන්ධනාගාර නිලධාරීන් යටතේ බලංගොඩ මුලික රෝහලේ තවදුරටත් ප්‍රතිකාර ලබනවා.
පසුගිය 14 වනදා රද්දොළුව, මුතුවාඩිය පාරේ පිහිටි එම බෝඩිං කාමරයකදී 27 හැවිරිදි දෙදරු මව ඝාතනය කර තිබුනා.
ඇය අනුරාධපුර, පමුගොල්ලෑව ප්‍රදේශයේ පදිංචිව සිටි දෙදරු මවක් වන දිලිනි සසිකලා ප්‍රියභාෂිනී නම් කාන්තාවක්.
මෙම ඝාතනය සිදුකර ඇත්තේ, ඇය කලක සිට අනියම් ඇසුරක් පැවැත්වූ බවට සැකකෙරෙන 22 හැවිරිදි මෙම තරුණයා විසින් බවටයි පොලීසිය සැක කරනු ලැබුවේ.
එම තරුණයා සීදුවේ පිහිටි මියගිය කාන්තාව ජීවත් වූ බෝඩිං කාමරයට අවස්ථා කිහිපයකදීම පැමිණ ඇති බවටත්, තොණ්ඩුවක් ද එම කාමරය තුළ සකසා තිබූ ආකාරය දැකගත හැකි වූ බවටත් මූලික පරීක්ෂණවලදී පොලිසියට අනාවරණය වී තිබෙනවා.
ඝාතනයෙන් පසු සැකකරු ද සිය දිවි නසාගැනීමේ සූදානමක් තිබෙන්නට ඇති බව පොලීසිය සැක පළ කරන අතර ඝාතනය සිදුවූ 13 වැනිදා රාත්‍රියේ මෙම කාමරයේ සිටි සැකකරු ඉන් පිටව ගොස් ඇත්තේ පසුදින උදෑසන බවට ද බෝඩිං කාමරයේ හිමිකරු දැක ඇත.
එමෙන්ම එම ඝාතනයෙන් පසු සැකකරු සම්පූර්ණ සිද්ධිය සිය මිතුරෙකුට දුරකථනය ඔස්සේ පාපොච්චාරණය කර ඇති බව ද වාර්තා වෙනවා.