ලොව පුරා වේගයෙන් ව්‍යාප්ත වන වඳුරු උණ ගැන ඔබ දැනුවත්ද?

World Health Organization Ministry of Health Sri Lanka Monkeypox
By Wayomi Jul 24, 2022 12:59 PM GMT
Wayomi

Wayomi

in රචනා
Report

මේ දවස් වල නිතර නිතර අහන්න ලැබෙන රෝගී තත්ත්වයක් තමයි වඳුරු උණ (Monkeypox) කියන්නේ. මේ කියන වඳුරු උණ රෝගය ඉදිරි කාලයේදී ලෝකයටම පැතිරෙන වසංගතයක ලක්ෂණ පෙන්නුම් කරලා තියෙනවා.

මොකක්ද මේ වඳුරු උණ කියන්නේ ?

🦠 වඳුරු උණ කියන්නේ Zoonosis කියන වර්ගයට අයත් වෛරස රෝගී තත්ත්වයක් කියලා හඳුනාගෙන තියෙනවා.

🦠 මෙම රෝගය බොහෝදුරට සමාන වන්නේ Small pox එහෙමත් නැත්නම් වසූරිය කියන රෝගී තත්ත්වයටයි.

🦠 ඒ වගේම රෝගයේ ලක්ෂණ සහ බරපතල බව ටිකක් පැපොල (Chicken pox) කියන රෝගයටත් යම් සමානකම් තියෙනවා.

🦠 මෙම රෝගය වඳුරෙක්ගෙන් (monkey) ආරම්භ වූ රෝගයක් ලෙස හඳුනාගෙන තිබීමයි.

🦠 ඒ එක්කම මෙම රෝගය මධ්‍යම සහ බටහිර අප්‍රිකානු (Central and western africa) රටවල් වල ප්‍රභේද දෙකක් ලෙස පැතිරයන රෝගී තත්ත්වයක් විදියට කියන්න පුළුවන්.

🦠 මෙම රෝගය මුලින්ම හඳුනාගෙන ඇත්තේ 1970දී අප්‍රිකාවේදියි. ඉන්පසු 2003 දි එක්සත් ජනපදයේදීත් 2007 දී නයිජීරියාවේදීත් නැවත හඳුනාගෙන තිබෙනවා.


රෝග ලක්ෂණ

🦠 සමේ ඇතිවන ලප, රෑෂ්

🦠 තද උණ

🦠 හිසරදය

🦠 මාංශපේෂි වේදනාව

🦠 කොන්දේ කැක්කුම

🦠 කුද්දටිවල ඉදිමුම

🦠 වෙව්ලීම


Monkeypox රෝගය නිසා ඇතිවන සංකූලතා

🦠 පිළිකා,

🦠 වකුගඩු රෝග,

🦠 ඒඩ්ස් වැනි ප්‍රතිශක්තීකරණ ඌනතා රෝග සහිත පුද්ගලයන් ( deficient patieimmunents)

🦠 ගර්භණි මව්වරුන්

🦠 කුඩා දරුවන් ප්‍රතිකාර තිබේද?

🦠 වඳුරු උණ කියන්නේ කලින් සඳහන් කලා වගේ ගොඩක් භයානක නොවන රෝගී තත්ත්වයක්. මේ නිසාම මේ රෝගය සඳහා විශේෂ ප්‍රතිකාර අවශ්‍යය නොවන අතර විවේකය සහ රෝග ලක්ෂණ සඳහා ප්‍රතිකාර කිරීම පමණක් ප්‍රමාණවත්.

වඳුරු උණ රෝගය සඳහා ප්‍රතිශක්තීකරණ එන්නත් පවතීද ?

🦠 වඳුරු උණ කියන්නේ වසූරියට සමාන රෝග තත්ත්වයක්. ඒ නිසාම එම එන්නත් මෙම රෝගය සඳහාත් යොදාගැනීමේ හැකියාව තියෙනවා, මෙම එන්නත JYNNEOSTM (also known as Imvamune or Imvanex) නමින් හඳුන්වනවා. තවද මෙම ප්‍රතිශක්තීකරණ එන්නත වඳුරු උණ සඳහා 85%ක සාර්ථකත්වයක් පෙන්වීමට හැකි බව සොයාගෙන තියෙනවා.

Monkeypox රෝගය පැතිරෙන්නේ කෙසේද?

🦠 රෝගී පුද්ගලයෙකු හෝ සතෙකුගේ ස්‍රාව ශරීර ගතවීම

🦠 පුරුෂ සමලිංගික සම්බන්ධතා වඳුරු උණ රෝගයෙන් ආරාක්ෂාවීමට කළ යුතු දේවල්.

🦠 මෙම රෝගයෙන් ආරක්ෂාවීමේ ප්‍රධානම ක්‍රමය වන්නේ රෝගීන් වෙන් කිරීමයි.

🦠 මේ අනුව රෝගීන් සමඟ කටයුතු කල පුද්ගලයන් දින 21ක නිරෝධායන කාලයකට යටත් කොට තිබෙනවා.

🦠 රෝගීන් වෙන්කර ප්‍රතිකාර කිරීම.

🦠 රෝග ලක්ෂණ සහිත පුද්ගලයන් ලිංගික සම්බන්ධතා වලින් ඈත්ව සිටීම සහ සුව වීමෙන් සති 6 -8ක් දක්වා කාලය තුළ කොන්ඩම් භාවිතය.

🦠 රෝගීන් සමඟ කටයුතු කරන සෞඛ්‍යය කාර්යය මන්ඩල සුදුසු ආරක්ෂක ඇදුම් පැළදුම් පැලදීම.

🦠 මේ අනුව ඇස්, සම , අත් වැනි සියලු කොටස් ආවරණය වීමට සුදුසු PEP යොදාගත යුතු වෙනවා.

🦠 රෝගීන් හඳුනාගැනීමේ පරික්ෂාවන් වැඩි කිරීම.

🦠 රොගීන්ට ප්‍රතිකාර කිරීම සහ අවශ්‍යය නම් එන්නත් කිරීම.

🦠 මේ වන විටත් සමහර රටවල් මගින් මෙය වසංගතයක් වුවහොත් භාවිතයට එන්නත් තොග ඇනවුම්කර තිබෙනවා. 


ලෝකයේ කොහේ සිටියත් වැදගත් දේ ගැන විස්තර සවිස්තරාත්මකව දැන ගන්න එක් වෙන්න පුවත් WhatsApp සමඟ 

JOIN NOW