වඳුරු උණ මෙරටට ඇතුළු වීම වැළැක්වීමට සිදු කරන දේ
මේ වන විට රටවල් කිහිපයක පැතිර යන මන්කි ෆොක්ස් හෙවත් වඳුරු උණ වසංගතය පිළිබඳව මෙරට රෝහල් පද්ධතිය සහ වෛද්‍යවරුවන් දැනුවත් කිරීමට පියවර ගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා ඒකකය පවසනවා.
එහි ප්‍රධානී වෛද්‍ය සමිත ගිණිගේ කියා සිටියේ එම වසංගත රෝගය මෙරටට ඇතුලු වීම වළක්වා ගැනීමේ අරමුණින් මෙරටට පැමිණෙන වඳුරු උණ ආසාදිත විදෙස් ජාතිකයින් හඳුනා ගැනීම සඳහා ගුවන් තොටුපල ද දැනුවත් කර ඇති බවයි. ඒ අනුව ගුවන් තොටුපලේදී වඳුරු උණ රෝග ලක්ෂණ සහිත ආසාදිතයන් හඳුනාගෙන ඔවුන් වෙන් කර වෙනම නිරෝධායනයට යොමු කිරීමට පියවර ගන්නා බව ඔහු ප්‍රකාශ කළා.
වසංගත රෝග විද්‍යා ඒකකයේ ප්‍රධානී වෛද්‍ය සමිත ගිණිගේ කියා සිටියේ රෝගයේ ව්‍යාප්ති වේගය කොරෝනා රෝගයට සාපේක්ෂව අඩු මට්ටමක පවතින බවයි. ඉතා සමීපව ඇසුරු කරන පුද්ගලයන් අතර මෙම රෝගය පහසුවෙන් බෝවීමේ හැකියාව පවතින බව වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කළා.
ඒ අනුව කොරෝනා හඳුනා ගැනීමට සිදු කල ආකාරයේ ජාන විශ්ලේෂණ පරීක්ෂණ මගින් මෙම රෝගය හඳුනා ගත හැකියි. මුහුණ, අත, පය ඇතුලු ශරීරයේ විවිධ ස්ථාන වල රතු පැහැති ලප හෝ බිබිලි ඇති වීම, වසා ගැටිති ඉදිමීම සහ උණ මෙම මන්කි ෆොක්ස් හෙවත් වඳුරු උණෙහි රෝග ලක්ෂණ වනවා.
එම රෝග ලක්ෂණ ඇති වුවහොත් වහා වෛද්‍ය ප්‍රතිකාර වෙත යොමු වන ලෙසයි වසංගත රෝග විද්‍යා ඒකකය ජනතාවට දැනුම් දෙන්නේ. ලොව පුරා මන්කි ෆොක්ස් රෝගීන් අනූ දෙදෙනෙකු වාර්තාවී ඇති අතර, මෙරටින් මේ දක්වා කිසිදු රෝගියෙකු වාර්තා වී නැහැ.
මේ අතර ඉදිරියේදී රට තුල උග්‍ර මන්දපෝෂණ තත්වයක් ඇතිවිය හැකි බව වෛද්‍ය සහ සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානය පවසනවා. එහි සභාපති වෛද්‍ය චමල් සංජීව කියා සිටියේ කුඩා දරුවන්ට ත්‍රිපෝෂ ලබා දීම ඇතුලු දරුවන්ගේ පෝෂණ මට්ටම ඉහළ නැංවීමේ වැඩපිළිවල බාධාවකින් තොරව අඛණ්ඩව පවත්වා ගැනීමට වහා පියවර ගත යුතු බවයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... |