පෘථිවියට කඩා වැටීමට පෙර ග්‍රහකයක ගමන් මඟ වෙනස් කළ අභ්‍යවකාශ මෙහෙයුම. (VIDEO)

NASA
By Wayomi Oct 13, 2022 10:32 AM GMT
Wayomi

Wayomi

in රචනා
Report

අනාගතයේදී පෘථිවි ජීවයේ පැවැත්මට තර්ජනයක් විය හැකි සුවිශාල ප්‍රමාණයේ ග්‍රහක කොටස් පෘථිවියට කඩා වැටීමට පෙර ඒවා අභ්‍යවකාශය තුළදීම වෙනත් දිශාවකට හරවා යැවීමට ඇති හැකියාව පිළිබඳව සොයා බැලීම සඳහා නාසා ආයතනය විසින් “DART” (Double Asteroid Redirection Test) අභ්‍යවකාශ යානය පසුගිය 2021 වසරේ නොවැම්බර් මස 24 වන දින අභ්‍යවකාශ ගත කරනු ලැබුවා.

🪐 එය පසුගිය සැප්තැම්බර් මස 26 වන දින අඳාළ ඉලක්කය වෙත ලඟා වෙමින් පැයට කිලෝමීටර් 21160කට ආසන්න වේගයකින් ග්‍රහකයක් හා ගැටීම සිදු කරනු ලැබූ බව නාසා ආයතනය සඳහන් කළා.

🪐 එසේ ගැටීම සිදු කර තිබුණේ පෘථිවියේ සිට කිලෝමීටර් මිලියන 11 ක දුරකින් සහ සූර්යයා වටා කක්ෂ ගතවී පවතින “Dimorphos” නම්, ග්‍රහකයක් වෙතයි.

🪐 එම ග්‍රහකය කිසි දිනෙක පෘථීවියට තර්ජනයක් වන ග්‍රහකයක් නොවූ බවත්, අඳාළ පර්යේෂණය වෙනුවෙන් පමණක් එය තෝරාගත් බවත් ඇතැමුන් පවසනවා.

🪐 කෙසේ වෙතත් කිලෝග්‍රෑම් 550 ක බරකින් සහ අඩි 28 දිගකින් යුතු සූර්ය පැනල දෙකකින් සමන්විත “DART” අභ්‍යවකාශ යානය “Dimorphos” ග්‍රහකය හා ගැටීමට සැලැස්වීම මඟින් එහි කක්ෂය වෙනස් කිරීමට හැකිද යන්න පිළිබඳව අඳාළ පර්යේෂණය ඔස්සෙ ඔවුන් අත්හදා බැලුවා.

🪐 එම මෙහෙයුම මඟින් ලැබූ ප්‍රතිඵල මේ වන විට ප්‍රකාශයට පත්කර තිබෙනවා.

🪐 ඒ අනුව, පෘථිවියට ආසන්න සහ අනාගතයේදී පෘථිවි ජීවියට තර්ජනයක් විය හැකි ග්‍රහකයක් ලෙස මේ වන විට හඳුනාගෙන ඇති මීටර් 390 ක පමණ විශාලත්වයෙන් යුතු “Didymos” නම් ග්‍රහකය වඩා කක්ෂ ගතව පවතින මීටර් 160 ක පමණ විශාලත්වයෙන් යුතු “Dimorphos” නම් ග්‍රහකයේ පැයට කිලෝමීටර් 23,760 ක පමණ වේගයකින් ගැටීමට සලස්වා තිබූ කිලෝග්‍රෑම් 560 ක පමණ බරකින් සමන්විත වී ඇති “DART” අභ්‍යවකාශ යානය “Dimorphos” ග්‍රහකයේ ගැටීමට පෙර එම ග්‍රහකය “Didymos” ග්‍රහකය වටා ගමන් කිරීමට පැය 11 යි විනාඩි 55 ක් ගත වී තිබෙනවා.

🪐 එම ගැටීමෙන් පසු, පැය 11 යි, විනාඩි 23 ක් ලෙස අඳාළ කක්ෂ කාලය වෙනස් වී එනම් අඩු වී ඇති බවත් නාසා විද්‍යාඥයන් සඳහන් කරනවා.

🪐 “DART” අභ්‍යවකාශ යානය “Dimorphos” ග්‍රහකයේ ගැටීමට සැලැස්වීම මඟින් ඔවුන් බලාපොරොත්තු වී තිබුණේ එහි කක්ෂ කාලය විනාඩි 10 කින් පමණ අඩු කිරීමට වුවත්, ඔවුන් බලාපොරොත්තු වූවාටත් වඩා විනාඩි 32 කින් පමණ “Dimorphos ග්‍රහකයේ කක්ෂය වෙනස් වී තිබෙනවා.

🪐 ඒ හේතුවෙන් "අප උපන් ග්‍රහලෝකය වන පෘථිවිය සෑම අතින්ම ආරක්ෂා කර ගැනීමේ පරම වගකීම අප සියලු දෙනාටම තිබෙනා බවත්, මෙම මෙහෙයුම මඟින් අප පෙන්නුම් කිරීමට උත්සහා කලේ අභ්‍යවකාශය තුළින් අප වෙත එන ඕනෑම වස්තුවකට සූදානම්ව සිටීමට සහ මුහුණ දීමට අප තවදුරටත් උත්සහා දරමින් සිටිනා බවත්" නාසා පරිපාලකවරයා මාධ්‍යයට අදහස් දක්වමින් පවසා තිබෙනවා. 


https://www.nasa.gov/sites/default/files/thumbnails/image/2-2_new_liciacube_luke_flyby_anim_big_1sec.gif


ලෝකයේ කොහේ සිටියත් වැදගත් දේ ගැන විස්තර සවිස්තරාත්මකව දැන ගන්න එක් වෙන්න පුවත් WhatsApp සමඟ

JOIN NOW