ඝාතනයක් සිදු වේලාව හරියටම දැනගන්න අපරාධ විද්‍යාවේ භාවිතා වන ක්‍රමවේදයන්.
අද ටිකක වෙනස්ම කතාවකටයි මුල පුරන්න හදන්නේ. ලෝකයේ අනෙක් රටවල විතරක් නෙවෙයි අපේ රටෙත් අපරාධ අනන්තවත් සිද්ධ වෙනවා. ඒ අතරින් භයානකම අපරාධය තමයි මනුෂ්‍ය ඝාතන. සාමාන්‍යයෙන් මිනී මැරුම් සියදිවි නසාගැනීම් අවස්ථාවන් වලදී ඇසින් දුටු සාක්ෂි හමු වෙනවා හරි අඩුයි. ඉතින් එවැනි අවස්ථා වලදී අධිකරණ වෛද්‍ය විද්‍යාවෙන් නීතියේ සහ යුක්තියේ පිහිට පතන්නම වෙනවා.
මේ කියන්න යන්නෙත් ඇසින් දුටු සාක්ෂි කිසිවක් නැතිව මරණයක් සිදුවූ අවස්ථාවක ඒ පුද්ගලයා මියගිය වේලාව සොයාගන්න භාවිතා කරන ක්‍රමවේදයන් කීපයක්ම ගැන.
උෂ්ණත්වය පරික්ෂා කිරීම (Algor Mortis)
🏷️ මින් එක් ක්‍රමයක් තමයි මළසිරුරේ උෂ්ණත්වය පරික්ෂා කිරීම.
🏷️ මරණයෙන් පසු සිරුරින් තාපය පිටවීම නිසා ක්‍රම ක්‍රමයෙන් සිරුරේ උෂ්ණත්වය පහළ යනවා.
🏷️ මළසිරුර හමුවන අවස්ථාවේ එහි ගුදමාර්ගයට යොදන උෂ්ණත්වමානයක් මගින් මළසිරුරේ උෂ්ණත්වය මැනීම සිදු කරනවා.
🏷️ ඉන්පසු සිරුරේ අඩුවී ඇති උෂ්ණත්වය ආශ්රයෙන් මරණය සිදුවී ඇති කාලය තීරණය කිරීමත් සිදු කරනු ලබනවා.
🏷️ අවට පරිසර තත්ත්වය, මරණයට පත්වී ඇති පුද්ගලයාගේ ඇඳුම් පැළඳුම් වල ස්වභාවය සහ සෞඛ්‍ය තත්ත්වය ගැනත් මේ ගණනය කිරීම් වලදී සැලකිය යුතුයි.
ශරීරයේ දරදඬුවීම (Rigor Mortis)
🏷️ මරණය සිදුවීමෙන් පසු ශරීරයේ දරදඬුවීම ආරම්භ වෙනවා.
🏷️ මෙය මුහුණ,බෙල්ල,අතපය සහ උරහිස් වලින් පටන්ගෙන ක්‍රම ක්‍රමයෙන් මුලු ශරීරයම දරදඬුවීම සිදු වෙනවා.
🏷️ පසුව නැවත ශරීරයේ දරදඬුබව නැතිවී ලිහිල් ස්වභාවයට පත්වන්න පටන් ගන්නවා.
✒️ පුද්ගලයෙක් මිය ගිහින් දින දෙකක් පමණ කාලයක් ඇතුලත සිරුර හමුවුණොත් මේ ක්‍රම දෙක භාවිතයෙන් මරණය සිදුවූ කාලය සාර්ථකව ගණනය කරගන්න පුළුවන්.
ආහාර මාර්ගය පරික්ෂාව
🏷️ මරණයට පත්වීමෙන් පසු අදාළ පුද්ගලයා ගන්නා ලද ආහාර බඩවැල් දිගේ ගමන්කිරීම නවතිනවා.
🏷️ මරණයට පත්වූ යම්කිසි කෙනෙක් අවසන් වරට ආහාරය ගත් වේලාව දැනගැනීමට බඩවැල් වල එම ආහාරය ගමන් කර ඇති දුර ගණනය කිරීමෙන් මරණයෙන් පසු ගතව ඇති කාලයත්, මරණය සිදුවූ වෙලාවත් ගණනය කළ හැකියි.
ලෝකයේ කොහේ සිටියත් වැදගත් දේ ගැන විස්තර සවිස්තරාත්මකව දැන ගන්න එක් වෙන්න පුවත් WhatsApp සමඟ |