අදානිට ඇමෙරිකාවේ චෝදනා රැසක්. - අමෙරිකානු නීතිපති දෙපාර්තමේන්තුව දැඩි විමසිල්ලෙන්.
ඉන්දියාවේ අදානි සමූහය නැවතත් අමෙරිකානු වාර්තාවක් නිසා අර්බුදයකට ලක්වී තිබෙනවා.
පසුගිය වසරේ ද අදානි සමූහයට අමෙරිකානු කොටස් වෙළෙඳපොළ තැරැව්කාර සමාගමක් වන හින්ඩන්බර්ග් ඉදිරිපත් කළ චෝදනා රැසක් එල්ල වී ඇත.
දැන් නිකුත් වී ඇති වාර්තාවේ සඳහන් වන්නේ අදානි සමූහය සිය ගනුදෙනුවලදී අල්ලස් යොදා ගන්නේදැයි අමෙරිකානු නීතිපති දෙපාර්තමේන්තුව පුළුල් ලෙස සොයා බලමින් සිටින බවයි.
එම වාර්තාවත් සමඟ අදානි සමූහයේ ඉන්දියාව තුළ කොටස් මිල ගණන් 5%කින් පමණ අද (18) පහත වැටී ඇති අතර අදානි ගෑස් සමාගමේ කොටස් වැඩි වශයෙන් පහත වැටී තිබෙනවා.
එහිදී අදානි සමූහයේ කොටස් මිල මාස දෙකක් තුළ අඩුම අගයක් සටහන් කර ඇති අතරම අදානි සමූහයට අයත් සමාගම් දහයේම කොටස් මිල මෙලෙස පහත වැටී ඇති බවයි වාර්තා වන්නේ.
අදානි සමූහයේ බැඳුම්කර වටිනාකම්ද මේ සමඟ පහත වැටී ඇති බවත් විශේෂයෙන් ඩොලර් බැඳුම්කර වටිනාකම් මෙහිදී පහත වැටී ඇති බවත් ආරංචි මාර්ග සඳහන් කරනවා.
අදානි සමූහයේ සමාගම් ඉන්දියාවේ බලශක්ති ව්‍යාපෘති ලබාගැනීම සඳහා අල්ලස් යොදාගන්නේද යන්න අමෙරිකානු බලධාරීන් විමර්ශනය කරන බවත්,ෆෝබ්ස් ප්‍රකෝටිපති ලැයිස්තුවේ 17 වැනි ස්ථානයේ සිටින අදානි සමූහයේ ප්‍රධානී ගෞතම් අදානිගේ වත්කම අද දිනය තුළ පමණක් ඩොලර් බිලියන 1.4කින් පහත වැටී ඇත.