ජනප්‍රිය තරුණ නිළියක් රටක් කම්පා කරමින් සියදිවි හානි කරගනී..වැලන්ටයින් ප්‍රශ්නයක් වෙලා ද?(PHOTOS)

Indian Actress Death Actress
By Aruna Feb 14, 2024 08:28 AM GMT
Report

ගායිකාවක් සහ නිළියක් ලෙස ජනප්‍රිය මල්ලිකා රාජ්පුත් (Mallika Rajput) ඊයේ (13) සිය නිවස තුළ ම සැක කටයුතු ලෙස මියගොස් සිටියදී සොයාගත් බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර සිටිනවා.

35 හැවිරිදි ඇගේ මරණය සියදිවි නසාගැනීමක් ලෙස වාර්තා වන අතර දේහය සුල්තාන්පූර් හි සිටකුන්ඩ් ප්‍රදේශයේ පිහිටි ඇගේ නිවසේ සිවිලිමේ විදුලි පංකාවක එල්ලී තිබියදී සොයාගත් බව‍යි වාර්තා වන්නේ.

ජනප්‍රිය තරුණ නිළියක් රටක් කම්පා කරමින් සියදිවි හානි කරගනී..වැලන්ටයින් ප්‍රශ්නයක් වෙලා ද?(PHOTOS) | Mallika Rajput Suicide

කෙසේ වෙතත්, ඉන්දීය බලධාරීන් සඳහන් කරන්නේ, මල්ලිකාගේ හදිසි වියෝව ආශ්‍රිත තත්ත්වයන් අපහැදිලි බවයි.

ඇයගේ මව වන සුමිත්‍රා සිංගේ අනාවරණයන්ට අනුව පවුලේ පිරිස් නිදා සිටි බැවින් මල්ලිකාගේ මරණය කෙසේ සිදුවූවාද යන්න මෙතෙක් නොදන්නා බව සඳහන්වේ.

''කලින් දොර වැහුවා... ලයිට් දාලා තිබුණෙ...

අපි දොර අරින්න හැදුවත් බැරි වුණා. අන්තිමට මම ජනේලයෙන් බැලුවා.

එතකොට ඇය කාමරයේ හිටගෙන ඉන්නවා වගේ දැක්කා.

අපේ දුව ගෙල වැළලාගෙන !! පස්සෙ මම මගේ සැමියාටත් අනෙක් අයටත් කතා කළා...''

ඉන්දීය වාර්තාවන්ට අනුව එරට බලධාරීන් ප්‍රකාශ කර ඇත්තේ ඇගේ මරණය මූලික වශයෙන් සියදිවි නසාගැනීමක් යැයි සැකපල කරන බවයි.

ජනප්‍රිය තරුණ නිළියක් රටක් කම්පා කරමින් සියදිවි හානි කරගනී..වැලන්ටයින් ප්‍රශ්නයක් වෙලා ද?(PHOTOS) | Mallika Rajput Suicide

කෙසේ නමුත් පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව ලැබුණු පසු මරණයට නිශ්චිත හේතුව දැනගත හැකි වනු ඇති බවයි ඔවුන් වැඩි දුරටත් පෙන්වා දී තිබුණේ.

මල්ලිකා රාජ්පුත් වඩාත් ජනප්‍රිය වූයේ කන්ගනා රනවුත් රඟපෑ Revolver Rani චිත්‍රපටයේ සහය භූමිකාව රඟපෑ චරිතය ලෙසයි.

තවද ඇය 2016 දී භාරතීය ජනතා පක්ෂයට (BJP) සම්බන්ධ වූ අතර ඉන් වසර දෙකකට පසුව ඉවත්ව තිබුණා.

ඉන්දීය මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරන්නේ, ඇය මෙලෙස විනෝදාස්වාද කර්මාන්තයෙන් සහ දේශපාලන භූමිකාවෙන් කෙටි කලකින් ඉවත් වූ පසු අධ්‍යාත්මික ජීවිතයකට නැඹුරු වූ බවයි.

GalleryGalleryGallery