හිටපු ජනපති ආණ්ඩුවට කිව්ව ආන්දෝලනාත්මක කතාව

By Sithumi Jul 03, 2022 05:16 PM GMT
Report

රටේ උද්ගතව ඇති ගැටලු විසදීමට පවතින ආණ්ඩුවට කිසිසේත්ම නොහැකි බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ප්‍රකාශ කළා.

ඔහු මේ බව කියා සිටියේ මහනුවර ප්‍රදේශයේ ඊයේ පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්. මේ මොහොතේ සිදුකළ යුත්තේ වත්මන් ආණ්ඩුව ඉල්ලා අස්වී පාර්ලිමේන්තුවේ සියළු පක්ෂ නියෝජනය වන පරිදි සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම බවයි හිටපු ජනාධිපතිරවයා එහිදී කියා සිටියේ.

මේ අතර 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවක් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී අද පැවැත්වුණා. එහිදී අදහස් දැක්වූ අධිකරණ හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ කියා සිටියේ ආර්ථික ප්‍රශ්නය විසදා ගැනීමට ආධාර උපකාර අවශ්‍ය නම් රටේ නීතියේ ආධිපත්‍ය ස්ථාපිත කර පෙන්වන ලෙස ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙන්ම යුරෝපා සංගමය ඇතුලු සංවිධාන කොන්දේසි පනවා ඇති බවයි.