ලූපස් රෝගය සිරුරට කොතරම් බලපෑමක් කරනවද?
ලූපස් කියන්නේ ප්රතිශක්තිකරණ පද්ධතියේ රෝගයක්. ප්රතිශක්තිකරණ පද්ධතිය විසින් සිරුරේ පටක සහ අවයව වලට බලපෑම් සිදු කරන තත්ත්වයක්.
ප්රතිශක්තිකරණ පද්ධතියේ ප්රධාන කාර්යය වන්නේ සිරුරට පිටතින් ඇතුළු වන බැක්ටීරියා, වෛරස්, විෂබීජ ආදියට විරුද්ධව ප්රතිදේහ නිපදවීමයි. එම ප්රතිදේහ සිරුරට බාහිරෙන් ඇතුළු විෂබීජ සමඟ සටන් කර ශරීරය ආරක්ෂා කරනවා.
නමුත් ලූපස් රෝගයේ දී මෙම තත්ත්වය සම්පූර්ණයෙන්ම වෙනස්. මෙහිදී ප්රතිශක්තිකරණ පද්ධතිය ප්රතිදේහ නිපදවන්නේ සිරුරේ දැනට තිබෙන සෛලවලට විරුද්ධවයි. මෙම ප්රතිදේහ සිරුරේ සෛල සමඟ සටන් කර සිරුරේ තිබෙන අවයව වලට හානි කරනවා. මේ ගැන ලොකුවට බයවෙන්න නම් දෙයක් නැහැ. මොකද මේක ජානමය රෝගී තත්වයක්.එකම පවුලේ අයට මේක හැදෙන්න පුළුවන්.
ප්රධානතම රෝග ලක්ෂණය
? සිරුරේ වේදනාවක් ඇති වීමයි. සිරුරේ හන්දි, කොන්ද, අත පය, දණහිස, උරහිස වැනි ස්ථාන රිදුම් දෙනවා.
සෙසු රෝග ලක්ෂණ
? 100 F ට වැඩි උණ
? නිරන්තර හෝ දැඩි තෙහෙට්ටුව
? සමේ කැසීම වැනි ආසාදන
? හුස්ම හිර වීම(ගැඹුරින් හුස්ම ගන්නා විට ඔබේ පපුවේ වේදනාව)
? ඇස් වියළි වීම.
? ඔබේ කම්මුල් සහ නාසය හරහා සමනල හැඩැති කුෂ්ඨයක් මතුවීම.
? වළලුකර ඉදිමීම
? හිසකෙස් වැටීම
? සූර්යයාට හෝ වෙනත් ආලෝකයන්ට සංවේදීතාව
? මුඛයේ හෝ නාසයේ තුවාල
? ඔබ සීතලෙන් හෝ ආතතියෙන් සිටින විට ඇඟිලි සුදුමැලි හෝ දම් පාට වීම.
සිරුරට සිදු වන බලපෑම
? මෙම රෝග තත්වය ඇතැම් විට රුධිර පරීක්ෂණයක් සිදු කළද හඳුනාගැනීම අපහසුයි. එලෙස රෝග ලක්ෂණ පැහැදිලිව හඳුනාගත නොහැකි නිසා එය වෙනත් රෝගයක් ලෙස නිර්ණය කරනු දකින්න ලැබෙනවා.
? ඒ නිසාම හරියට ප්රතිකාර කිරීමද සිදු වන්නේ නැහැ. වෙනත් රෝගයක් කියලා හිතලා ඒකට ප්රතිකාර කරනවා.
? මේ හේතුවෙන් පසුකාලීනව රෝගියාගේ වකුගඩු, පෙනහලු ඇතුළු අවයව රැසක ක්රියාකාරීත්වය අයහපත් කරනවා.
? ලූපස් රෝගයෙන් ප්රබලම බලපෑම ඇති වන්නේ වකුගඩු වලට.
? වකුගඩුවලට හානි සිදු වුවහොත් මුත්රා වල වර්ණය වෙනස් වීම, ඇස් අවට සම ඉදිමීම, දෙපා ඉදිමීම වැනි ලක්ෂණ මතු කරනවා.
? පෙනහළු වලට හානි සිදුවූ වුවහොත් හුස්ම ගැනීමේ අපහසුතා මතු වී, හුස්ම ගැනීමේදී පපුවේ කැක්කුමක් ඇති වීම, නිව්මෝනියා රෝගය ඇති කරනවා.
? එමෙන්ම මෙමඟින් රුධිර නාලවලට හානි කළ විට රුධිර නාළවල බිත්ති පමණට වඩා ඝන වන අතර රුධිර සංසරණ ක්රියාවලිය අඩාල කරනවා.
? හදවතට හානි කළ විට හෘද කපාට දුර්වල වී රෝගියාගේ ජීවිතය අහිමි විය හැකියි.
? මෙම රෝගය ස්නායු පද්ධතියට බලපෑම් ඇති කළ විට හිසරදය, පෙනීමේ දුර්වලතා මතු වීම, මානසික ආතතිය ඇති වීම, අංශභාගය වැලඳීම, හිසේ කරකැවිල්ල ඇති වීම, පෙනීමේ දුර්වලතා මතු වීම, සිහි මද ගතිය වැනි රෝග ලක්ෂණ මතු කරනවා.
? ලූපස් රෝගය පුරුෂයින්ට වැළඳුනද, බහුලව වැළඳෙන්නේ කාන්තාවන්ටයි.
? වයස අවුරුදු 15 සිට 45 දක්වා කාලයේදී මේ රෝගය වැළඳීමේ අවදානම පවතිනවා.
? සුදු ජාතිකයන්ට සාපේක්ෂව කළු ජාතිකයන් සහ ආසියානු පුද්ගලයන් හට මෙය වැළඳීමේ අවදානම වැඩියි.
ලෝකයේ කොහේ සිටියත් වැදගත් දේ ගැන විස්තර සවිස්තරාත්මකව දැන ගන්න එක් වෙන්න පුවත් WhatsApp සමඟ |