බංග්ලාදේශ කණ්ඩායමේ අලුත් වෙනසක් - සඳුදා තියෙන මැච් එකට මොකක් වෙයි ද?. ගත්ත තීරණයක් මෙන්න.. (PHOTOS)

Cricket Sri Lanka Cricket Bangladesh Bangladesh Cricket Team Latest Headlines
By krishani Mar 16, 2024 11:49 AM GMT
Report

ලබන සඳුදා ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය තුන්වන සහ අවසන් එක්දින තරඟය පැවැත්වීමට නියමිතය.

බංග්ලාදේශ කණ්ඩායමේ අලුත් වෙනසක් - සඳුදා තියෙන මැච් එකට මොකක් වෙයි ද?. ගත්ත තීරණයක් මෙන්න.. (PHOTOS) | Liton Kumar Das Ruled Out Of Final Odi

ඒ අනුව බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ ආරම්භ පිතිකරු ලිටන් කුමාර් දාස් ඉවත්කර ඇති බව වාර්තා වේ.

ඔහු වෙනුවට කඩුලු රකින පිතිකරු ජේකර් අලි බංග්ලාදේශ සංචිතයට කැඳවා තිබෙනවා.

විදෙස් මාධ්‍ය සඳහන් කළේ ඩකා ප්‍රිමියර් ලීග් තරගාවලියට ක්‍රීඩා කිරීම සඳහා කණ්ඩායම් කළමනාකාරීත්වයේ උපදෙස් මත ලිටන් දාස් සංචිතයෙන් නිදහස්කර ඇති බවයි.

බංග්ලාදේශ කණ්ඩායමේ අලුත් වෙනසක් - සඳුදා තියෙන මැච් එකට මොකක් වෙයි ද?. ගත්ත තීරණයක් මෙන්න.. (PHOTOS) | Liton Kumar Das Ruled Out Of Final Odi

පළමු එක්දින තරග දෙකේදීම ලකුණු ලබා ගන්නට පෙර ලිටන් දාස්ව ක්‍රීඩාගාරය වෙත හරවා යවන්නට වේග පන්දු යවන ක්‍රීඩක ඩිල්ෂාන් මදුසංකට හැකියාව ලැබිණ.

කෙසේ වෙතත්, කණ්ඩායම් දෙකම එක් තරගය බැඟින් ජයගෙන තරගාවලිය සම තත්ත්වයේ පසුවීම මත ජේකර් අලිගේ එක්වීම මැද පෙළට වැඩි විකල්ප සහ නම්‍යශීලී බවක් කණ්ඩායමට ලබාදෙනු ඇති බව බංග්ලාදේශ තේරීම් කමිටුවේ සභාපති ගාසි අෂ්රෆ් හොසේන් පැවසීය.