ලෝකයේ ඇති වටිනම සහ දුර්ලභම කස්තුරි ශ්‍රකාණු ලංකාවෙනුත් සොයාගත හැකි බව දැන සිටියද?

By Wayomi Nov 21, 2022 11:54 AM GMT
Wayomi

Wayomi

in රචනා
Report

කස්තුරි අහලා ඇතිනේ. මේ ඖෂධය ලබා ගන්නේ කස්තුරි මුවන්ගෙන්. හැබැයි මෙයාල හැමතැනම නැහැ. න්දියාවේ හිමාල කඳු අතර හා කඳු ලඳු වනලැහැබ්වල ද තිබ්බත නේපාල ප්‍රදේශයන්හි ද මධ්‍යම ආසියාවේ වනදුර්ග ගිරිදුර්ගවල ද භූතානය හා රුසියාවේ වගේ රටවල් වල විතරයි මේ අහිංසක සතුන් ජිවත් වෙන්නේ.

ඉතින් අපි මේ බලන්න යන්නේ කසතුරි විස්තරේ.

කස්තුරි ශ්‍රකාණු හැදෙන හැටි.

🟢 මෙම මුවන්ට සාමූහික වශයෙන් රංචු ගැසීම හා සමූහයක් ලෙසින් ගැවසීමටගැවසෙන්නේ නැහැ. ඉන්න තනි තනිවයි.

🟢 උපතේ සිට වසර දෙකතුනක් ගෙවුණු පසු උන් තරුණ වයසට එළඹෙනවා.

🟢 තරුණ මුවන් සංසර්ගයට පෙලඹෙන වකවානුවේදී කස්තුරි බොහෝ සේ ගලාඑයි.

🟢 නව යෞවන මුවන්ගේ කස්තුරිවල අති මිහිරි සුවඳ කාමෝද්දීපනයට රුකුලක් ලෙස සුළඟට මුසුවී එම සුවඳ පරිසරය පැතිරෙයි.

🟢 මුව දෙන්නු එම සුවඳ ආඝ්‍රාණය වීමෙන් මෘගමද දරා සිටින සතා පසුපස හඹායමින් සංසර්ගයට පෙලඹෙනවා.

🟢 මේ හේතුව නිසාම මුවන් යළි යළිත් සංසර්ගයට යොමු වීමෙන් කස්තුරි වන් ශූර ශුක්‍රාණු බහුලව ගලමින් එම සතාගේ නාභිය වටා බදාමයක් සේ බැඳී යයි.

🟢 වසන්තයත් සමඟ පිබිදෙන මේ කාලවකවානුවේදී ඔවුනගේ කාමෝද්දීපන අවදිය බැවින් සංසර්ගයට තව - තවත් පෙලඹෙනවා.

🟢 සති කිහිපයකට පසුව පිරිමි මුවා ගේ නාභිය වටා එකතුවී ඝනවී පවතන ශුක්‍රාණු තරලය වියළීමට පත් වෙනවා.

🟢 අමුතු බරක් එක්වූවා සේ මේ ශුක්‍රාණු නාභිය වටා කැසීමකට තුඩුදෙන බැවින් ගල්තලාවකදී ශුක්‍රාණු සහිත නාභිය අතුල්ලා උළා දමමින් එම ශුක්‍රාණු කඩා දමනවා.

🟢 එය කැබැලි ලෙසින් ගල්තලය මත විසිර යද්දී ඒ ගැන අවධානයෙන් හා විමසිල්ලෙන් සිටීමෙන් කස්තුරි එකතු කර ගත හැකි ය.


රත්තරන් බිත්තර දමන කිකිළිය මැරුවා වගේ වැඩක් තමයි දැන් වෙලා තියෙන්නේ,

🟢ඒ කියන්නේ අද කාලය වනවිට කස්තුරි මද එකතු කරන්නන් මුදල හා ධනයට තණ්හාවෙන් මුවන් මරා හෝ ඒවා ලබා ගැනීමට උත්සහ කරනවා.

🟢 මෙම මුවන් මැරීමෙන් කස්තුරි ලැබීමම කෙසේ වෙතත් ඒ වර්ගයාගේ බෝවීම වැළකී යාමෙන් ඖෂධ හිඟ වෙන්න පුළුවන්.

🟢 මේ අඩුව සපුරා ගැනීම සඳහා කෘත්‍රිම කස්තුරි නිෂ්පාදනය කිරීමට ඇතැම් රටවල් පෙළඹී සිටිනවා.

🟢 එහෙත් එය සාර්ථක නැත. හොර බොරු වංචා රැවටිලි මේ වෛද්‍ය කර්මයට කෙසේවත් නොගැළපෙයි.

🟢 කස්තුරි ලෙසින් නම් කරමින් කෘත්‍රිම නිෂ්පාදන සකස් කිරීමට ධානය වර්ග, යව තිරිඟු, බඩ ඉරිඟු, බෝංචි ඇට වියළා මූර්ණ‍කොට - එළු ඌරු බැටලු කිඹුල් සතුන්ගේ අක්මාවන් බැස කුඩුකර සැබෑ කස්තුරි ධාතුවට සම කරවීම සඳහා ගන්ධය වර්‍ණය හා පදාර්ථ එක්කර නිපදවීමට වංචනිකයන් උත්සහ කරනවා.

🟢 පෙර ඍෂින්වහන්සේලාගේ ඉගැන්වීම්වලට අනුව නම් ශ්‍රී ලංකා භූමියේදී කස්තුරිවලට සමකළ හැකි ධාතුවක් උරුලෑවා ගේ සිරුරේ පවතින බවක් සඳහන්. කස්තුරි මුවා ලෙසින්ම උරුලෑවා කියන සතාද වනාන්තරවලදී දැකීම ඉතා දුර්ලභයි.


කස්තුරි සහ ගුණ

🟢 පිරිමි මුවන්ගේ සිරුරේ සියලුම ශක්තිය කැටි කළ දියරයකි. එය දිව්‍ය ඖෂධයකට සමානය.

🟢 මහා බලගතු වාජීකරණ රසායනික ඖෂධ හා තෛල නිපදවීම සඳහා මේවා යොදා ගනී.

🟢 අර්ශස් හා ඇදුම රෝගයේදී පෙණහලු ශක්තිමත් කිරීමට මනුෂ්‍යත්වයෙන් ගිලිහීයන තාරුණ්‍යය දිගුකලක් රඳවා ගැනීමට ආයුෂ වර්ධනයට මේ ඖෂධය ප්‍රයෝජනවත්.

🟢 ශරීරය නැවත ප්‍රතිනිර්මාණය කරවීමේ විශේෂ හැකියාවක් මේ ඖෂධය තුළ පවතිනවා.

🟢 සුව කළ නොහැකි සියලුම රෝගයන්ට ප්‍රතිකාර කළ හැකි නම් ඒඩ්ස් හර්පීස් සුදු බිංදුම සෝම රෝගන්ට භාවිත කළ හැකි අගනා ඖෂධයකි.

🟢 එහි අඩංගුව ඇති ශක්තිබලය නිසා මරණාසන්න රෝගියකු පවා ජීවත් කරවීමට යොදා ගත හැකියි.

🟢 ක්ෂය ‍රෝග දද කුෂ්ට හා ඇස් පෙනීමේ දුර්වලතා දුරුකිරීමට වගේම,

🟢 අමනුෂ්‍ය දොස් පලවා යැවීමට බලවත් වන අතර මන්දබුද්ධික දරුවන් ගොළු බිහිරි අන්ධ ළමා රෝග හදවත දුර්වලතා පෙණහලු රෝග නිසා ළමා සුවයට කස්තුරි ඉතා වටිනා ඖෂධයකි.

🟢ඇසට ප්‍රියයි. තිත්තයි. සුවඳයි කටුක රසයි. ශුක්‍ර වඩවයි. බරයි වීර්යය වඩයි. ක්ෂාර සහිත රසායනයි.

🟢 සෙම, පීනස, ඇදුම, නාසයේ දුගඳ, මලබද්ධය, වාත, පිපාස වමන කාශ ස්වාස යන සියලුම විෂ දුර්ගුණ සමනය කරන ගුණ

🟢 මේ මහඟු ඖෂධය සිය නිවසේ සුරක්ෂිතව තිබේ නම් ශ්‍රියාකාන්තාව නිවහනේ වැඩසිටුනා සේය. වාසනාව ළඟාවූවාසේ සැප සම්පත් බහුල වෙයි කියලත් කියනවා.


නියම කස්තුරි හඳුනාගන්නේ කොහොමද?

🟢 ස්වභාවික කස්තුරිවල පවතින පිංගල භාකෘෂණ (කළු සුදු එක්වූ වර්ණය) සුගත බව කටු තිත්ත බව මෘදුබව වන් ලක්ෂණ කෘත්‍රිම කස්තුරිවල ද පවතින නිසා ස්වාභාවික කස්තුරි යැයි හඳුනා ගත හැකි වේ.

අතීතයේ සිට නියම මෘගවද හඳුනා ගැනීමට තිබූ ක්‍රම කිහිපයක්

🟢 පිරිසිදු වතුර බඳුනකට (මෘගමද = කස්තුරි) මිලිග්‍රෑම් දාහක් පමණ දැමූවිට එය දිය නොවී පවතී ද ජලයේ - ස්වභාවය නොවෙනස්ව පවතී ද එය නම් නිවැරදිව කස්තුරි වෙයි.

🟢 දෙවැනි ක්‍රමය ගිනි ගැන්වූ විට නොපිළිස්සී පවතී නම් තද නොවී දියවී බුබුළු නැගේ නම් එය ස්වාභාවික මෘගවද වන්නේය.

🟢 තවත් ක්‍රමයකට නිවැරදිතාව තහවුරු කිරිමට මහපොළවේ වළලා තබා ගොඩගත් කල එහි තිබෙන සුවඳ හා පැහැය නොවෙනස්ව පවති නම් එය ස්වභාවික කස්තුරිම වන්නේය.

🟢 කස්තුරි මල්ලිකා කස්තුරි මෘර්ගාන්ඩජ කස්තුරිකා කස්තුරි මෘර්‍ගමද යනුවෙන් නම් කරන්නේ කස්තුරිමයි.  


ලෝකයේ කොහේ සිටියත් වැදගත් දේ ගැන විස්තර සවිස්තරාත්මකව දැන ගන්න එක් වෙන්න පුවත් WhatsApp සමඟ

JOIN NOW


GalleryGalleryGalleryGalleryGalleryGalleryGallery