රුපියල් 250ට පෙට්‍රල්?.. බලශක්ති අමාත්‍යවරයා දුන් පිළිතුර.. (VIDEO)
ඊයේ (03) දින පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මහජන උපයෝගීතා කොමිසමේ ක්‍රියාකලාපය ගැන විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා චෝදනාවක් එල්ල කර සිටියේය.
ඒ මාධ්‍යවේදියෙක් ඇසු පැනයක් වන මහජන උපයෝගීතා කොමිසමේ සභාපතිවරයා රුපියල් 250 පෙට්‍රල් ලබා දීමට හැකි බවට කියු කතාවකට අනුවයි.
"එතුමා මේකේ සභාපතිවරයා හැටියට එන්න කැමතිනම් එතුමා මහජන උපයෝගීතා කොමිසමෙන් ඉවත්වෙලා.අද දවසේ මම විවෘත ආරාධනාවක් කරනවා රුපියල් 250ට නෙමෙයි.අඩුම තරමේ 300ට දෙන්න පුළුවන් නම් එතුමාට හෙට දවසේ මේ සභාපති ධුරය ලබාදෙන්න පුළුවන් ඛනිජ තෙල් සංස්ථාවේ.එහෙම ගේන්න පුළුවන් නම් ඇත්තටම හොඳයි.එතුමා හැමදාම මට කථා කරනවා. 250ට තෙල් දෙන ක්‍රමයක් නම් කිව්වේ නැහැ.මහජන උපයෝගීතා කොමිසමෙනුත් මම ඉල්ලීමක් කරනවා.ඇවිල්ලා ඉවරවෙලා දැනුවත් කිරීම් කරන්න නෙමෙයි.අද පැය 2ක් කපනවා, හෙට පැය 3ක් කපනවා, ලබන සතියේ පැය 4ක් කපනවා.කපන්න අනුමැතිය නෙමෙයි දෙන්න ඕනේ.අනුමැතිය දෙන්න ඕනේ රටේ විදුලිබල ව්‍යාපෘති කඩිනමින් ක්‍රියාත්මක කරන්න.ඇවිල්ලා විදුලි බිල වැඩිකරන්න කියන්න නම් මහජන උපයෝගීතා කොමිසමක් අවශ්‍ය නැහැ."
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |