ඉන්ධන සම්බන්ධයෙන් ලංකාවටම බලශක්ති අමාත්‍යවරයාගෙන් සුබ පණිවිඩයක්..

Kanchana Wijesekera Sri Lanka Fuel Crisis
By krishani Jul 03, 2022 08:59 AM GMT
Report

අද(03) දින බලශක්ති අමාත්‍යාංශයේ පැවැති මාධ්‍ය හමුවේ දී, ඉදිරියේදී ඩීසල් නෞකා තුනක් මෙරටට පැමිණීමට නියමිත බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසීය.

ඒ අනුව ලබන 8 හෝ 9 එක් නෞකාවක් මෙරටට පැමිණෙන අතර අනෙක් නෞකාව ලබන 11 ත් 14 අතර දිනයන්හි පැමිණීමට නියමිත බව මෙන්ම ලංකා අයි.ඕ.සී. සමාගමට අයත් ඩීසල් නෞකාවක් ලබන 15 ත් 17 ත් අතර දිනයන්හිදී මෙරටට පැමිණීමට නියමිත බව අමාත්‍යවරයා කියා සිටියා.

ලබන 10 වනදා හෝ ඊට පෙර පෙට්‍රල් රැගත් නෞකාවක් ගෙන්වා ගැනීම සඳහා සමාගම් තුනකින් ලිපි ඉදිරිපත් වී ඇති බව ද බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර එම මාධ්‍ය හමුවේදී වැඩිදුරටත් සඳහන් කළේ ය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join