9 වනදා වැඩ වර්ජනය ගැන අලුත්ම කතාව - ඇමතිගෙන් විශේෂ පණිවිඩයක්

Sri Lanka Minister of Energy and Power Kanchana Wijesekera Sri Lanka Fuel Crisis
By Sewvandhi Jul 04, 2022 11:01 AM GMT
Report

පසුගිය ජුනි මස 09 වනදා ඇතිවූ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකරන ලෙසට මහජන උපයෝගීතා කොමිසම නිර්දේශ කර ඇති බව විදුලිබල සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.

සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් අමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත්තේ ඊට අදාළ ලිපිය තමන් වෙත අද දිනයේ ලැබුණු බවය. පසුගිය ජුනි මස 09 වනදා විදුලිබල මණ්ඩලයේ වෘත්තීය සමිති විසින් වැඩ වර්ජනයක් ප්‍රකාශයට පත්කළ අතර එදින විදුලිය බිඳවැටීමට අදාළව මෙලෙස විමර්ශනයක් සිදුකරන ලෙස මහජන උපයෝගීතා කොමිසම විසින් අමාත්‍යවරයා වෙත නිර්දේශ ඉදිරිපත් කර තිබේ.

මහජන උපයෝගීතා කොමිසම විසින් අදාළ නිර්දේශ ඇතුළත් කරමින් අමාත්‍යවරයා වෙත ඉදිරිපත් කර ඇති ලිපියේ වැඩිදුරටත් සඳහන් වන්නේ එදින ජල විදුලිය උත්පාදනය කිරීමට හැකියාව තිබියදී ඉන්ධන බලාගාර මෙහෙයුම් සඳහා රුපියල් මිලියන 320ක වියදමක් දැරීමට තීරණය කර ඇති බවය.

ඒ අනුව ජුනි මස 10 වනදා තමන් විසින් ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපතිවරයාට සහ කළමනාකාරීත්වයට මෙම සිද්ධීන් පිළිබඳව අභ්‍යන්තර පරීක්ෂණයක් සිදුකරන ලෙස දැනුම්දුන් බවද අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ.

අමාත්‍යවරයා ට්විටර් පණිවුඩය හරහා වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත්තේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඔවුන්ගේ පරීක්ෂණ කටයුතු සඳහා සහාය වන ලෙසද අපක්ෂපාතී පරීක්ෂණයක් සිදුකිරීමෙන් අනතුරුව සුදුසු නීතිමය පියවර ගන්නා ලෙසද තමන් උපදෙස් දුන් බවය.

මේ අතර මෙම සිද්ධිය සම්බන්ධයෙන් අපක්ෂපාති පරීක්ෂණයක් කිරීම සඳහා ඊට චෝදනා එල්ලවී ඇති පුද්ගලයින් තාවකාලිකව ඔවුන්ගේ තනතුරුවලින් ඉවත්කරන ලෙසද තමන් උපදෙස් දුන් බව අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටී.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now


GalleryGallery