ඩොලර් වලින් ගෙවන ඕනෑම සමාගමකට ඉන්ධන..! බලශක්තිය ඇමතිගෙන් විශේෂ පණිවිඩයක්

Sri Lanka Kanchana Wijesekera Sri Lanka Fuel Crisis
By Sewvandhi Jul 03, 2022 01:57 PM GMT
Report

ඩොලර්වලින් ගෙවිය හැකි ඕනෑම සමාගමකට හෝ කර්මාන්තයකට සතිපතා සහතික කළ ඉන්ධන ප්‍රමාණයක් ලබා ගැනීම සඳහා නව ක්‍රමවේදයක් හඳුන්වාදී තිබෙනවා. 

 ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ පාරිභෝගික ගිණුමක් ආරම්භ කිරීමේන් මේ සඳහා අවස්ථාව ලබාගත හැකි බවයි විදුලි බල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර සඳහන් කරන්නේ.

ඒ අනුව ඔවුන් මාසයකට පෙර මුදල් ගෙවීම සිදු කළ යුතු අතර, 12 වැනිදා සිට දිනපතා හෝ සතිපතා ඉන්ධන නිකුත් කරන බවත් දැනටමත් ගෙවා ඇති ගනුදෙනුකරුවන්ට ඔවුන්ගේ කෝටාව ලබන 12 වැනිදා සිට ලබාදෙන බවයි අමාත්‍යවරයා නිකුත් කළ Twitter පණිවිඩයක වැඩිදුරටත් සඳහන් වන්නේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now


Gallery